ආහාර උද්ධමනය ඉහළ යෑම... මන්දපෝෂණයට අත වනයි - වෛද්‍ය චමල් සංජීව
ආහාර උද්ධමනය ඉහළ යෑම නිසා ලංකාවේ ජනතාව ඉදිරියේ දී මන්දපෝෂණ අර්බුදයකට මුහුණ දියහැකි අවදානමක් රට හමුවේ ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසීය.
කොළඹදී ඊයේ (පෙබ. 26) පැව ති මාධ්‍ය හමුවකදී ඒ මහතා ඒසේ පැවසීය.
යහපත් ආර්ථිකයක් ගොඩනැඟීම සම්බන්ධ වන කටයුතු මූලික අවධියේ පවතින බැවින් ඉදිරි කාලයේදී ආර්ථික උද්ධමනය ඉහළ යෑම සහ ආහාර අනාරක්ෂිතතාව සමාජය තුළ පැතිර යෑමක් සිදුවුවහොත් යළිත් ග්‍රාමීය, අර්ධ නාගරික, වතු ජනපද ආශ්‍රිතව පෝෂණ අර්බුදයක් නිර්මාණය වීමට ඇති හැකියාව ඉහළ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
තවමත් ජන ජීවිතය ස්ථාවර තත්ත්වයට පත් නොවී තිබීමත් ගොවීන්, ධීවර ජනතාව, කම්කරු ජනතාව, වතු ආශ්‍රිත ජනතාවද කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර, අනුරාධපුර, මොනරාගල, පොළොන්නරුව සහ උතුරු,නැගෙනහිර කලාපවල ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන ආහාරවල මිල ඉහළ අගයක පවතින හෙයින් එම ජනතාව ස්ථාවර ආදායම් මාර්ග වෙතට යොමු නොවීම නිසා දෛනිකව පවුලක ආහාර වේලක් සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවෙතැයිද ඒ මහතා කීය.
ආහාර සඳහා වියදම් කළ යුතු මුදල ඉහළ යෑමත් ලැබෙන ආදායම් මාර්ග අඩුවීමක්ද ඉදිරියේ ඇතිවන වියළි කාලගුණ තත්ත්වයක් මෙම කලාප තුළ පැවැතුණහොත් ලබාගත හැකි අස්වැන්න අඩුවීමත් දිගටම පැවැතුණහොත් නැවත වතාවක් කුඩා දරුවන් සහ ගර්භණී මවුවරුන්ද වැඩිහිටියන් අතරද පෝෂණ අර්බුද නිර්මාණය විය හැකි බව ද ඒ මහතා පැවැසීය.
කුඩා දරුවන් සහ ගර්භණී මවුවරුන් ඉලක්ක කොට සාර්ථක පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු නමුත් මීට පෙර රජයද අය-වැය මඟින් සැලකිය යුතු මුදලක් මේ සඳහා වෙන් කළ ද ඒවා ප්‍රායෝගික වශයෙන් ජනතාවට නොලැබුණු බවත් ඔහු වැඩිදුරට ත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්