හෙද සටන දෙකට බෙදෙයි... රත්නප්‍රිය කැඳවයි - මුරුත්තෙට්ටුවේ හිමි බෑ කියයි
අයවැය යෝජනා මගින් හෙද සේවාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට විරෝධය දක්වා අද (පෙබ. 27) දහවල් 12:00ට දිවයින පුරා පිහිටි සියලු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසා ඇත.
කොළඹ මහ රෝහල, කරාපිටිය මහ රෝහල, මාතර මහ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, යාපනය මහ රෝහල ඇතුළු සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ සිදුවන්නේ යැයි රත්නප්‍රිය මහතා කීය.
මෙතෙක් මූලික වැටුපට 1/160 අනුපාතයක් ලෙස ගෙවූ අතිකාල දීමනාව 1/200 දක්වා පහත දැමීම, මූලික වැටුපට අනුව දෙවන ශ්‍රේණියේ සිට ඉහළට රජයේ නිවාඩු දින දීමනා හා සති විවේක දින සේවය වෙනුවෙන් ගෙවූ 1/20 දීමනාව 1/30 දක්වා පහළ දැමීම, උසස්වීම් ක්‍රමවේදය කප්පාදු කිරීම යනාදී කරුණු මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බවද ඔහු කීය.
මේ ගැන සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියද එය නොලැබුණේ යැයි කී හෙතෙම මෙම විරෝධය ගැන ඔහුට ලිඛිතව දැනුම් දුන්නේ යැයි ද පැවසීය.
2025 සඳහා වන අයවැය යෝජනාව තුළින් හෙද සේවාවන්හි වැටුප් රුපියල් 6,500 සිට 11,500ක් දක්වා අහිමි වීමේ තත්ත්වයක් ඇතිවී තිබෙන බව ඔහු කීවේය.
මේ වනතෙක් හෙද සේවාවට ගෙවනු ලැබූ අතිකාල අනුපාතිකය එනම් පැයට ගෙවන මුදල මාසික වැටුපෙන් 1/160 ට 1/200 දක්වා පහළ දමා ඇති බවත් හෙද හිඟය හේතුවෙන් හෙද නිලධාරීන් 3 දෙනෙකු විසින් කළ යුතු කාර්යයන් එක් හෙද නිලධාරියෙකු විසින් සිදුකරන තත්ත්වයක් තුළ පැය 24 ක අඛණ්ඩ සේවාවන් සපයන හෙද සේවාවේ අතිකාල ගෙවීම අනුපාතය පහළ දැමීම නිසා ආරම්භක ශ්‍රේණියේ හෙද නිලධාරියෙකු හට මසකට රුපියල් 6,500ක් පමණ අහිමි වන බවද රත්නප්‍රිය මහතා කීය.
ශ්‍රේණීන්වල ඉහළට යෑමේදී මෙම කප්පාදුව තවත් වැඩි වන අතර විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරියකුගේ අහිමි වන මුදල රුපියල් 11,500ක් පමණ වන බව ඔහු පැවසීය.
තවද මෙවර අය-වැයෙන් හෙද නිලධාරීන් සඳහා අසාධාරණ උපස්වීම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවද රත්නප්‍රිය මහතා කීය.
කෙසේ වෙතත් සමස්ත ලංකා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මීට සහාය නොදක්වන්නේ යැයි එහි ලේකම් සී. මැදවත්ත මහතා පැවසුවේය.
ඔහු මෙසේද කීය.
“අපිට ආණ්ඩුව විශ්වාසයි. අපි ආණ්ඩුව සමග සිටිනවා. කෙටි කාලයක් තුළ සියලුම ප්‍රශ්න විසඳන්න බෑ. ක්‍රම ක්‍රමයෙන් අපේ ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර දෙන බව අපිට විශ්වාසයි. ඒ නිසා වෙන වෙන පටු අදහස් දරන වෙන සංගම් ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නට සිදුකරන මෙම උද්ඝෝෂණයට අප කිසිදු සහයෝගයක් හෝ දෙන්නේ නෑ.”
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේ කීහ.
“අපි අවුරුදු 60 හැටක් තිස්සේ ඉල්ලාදුන් අයිතිවාසිකම් තමයි මේ එක පෑන් පාරෙන් නැතිවෙලා තියෙන්නේ. ඒ කිව්වේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් අරන් දීපුවා තමයි මේ සියල්ලක් ම. අනිත් කාටත් නැති කැක්කුමක් අපිට තියෙනවා. නමුත් එහෙම වුණා කියලා ආණ්ඩුව පත්වෙලා ටික දවසයි.
කලබලයට මිනිස්සු එළියට දාන්න ක්‍රමවේදයක් නොවේ මේක. නර්ස්ලා එළියට බැස්සවීම මහ ජනතාවට කරදරයක්. අපේ අවශ්‍යතාව නර්ස්ලට යමක් නැතිවුණා නම් ඒක අරන් දීමට කේවල් කිරීමයි. ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. අපි ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යතුමාට කතාකරලා සාකච්ඡා කරලා කරුණු ඉදිරිපත් කරනවා. ඒක නොවුණොත් තමයි සටනට යන්නේ. වැඩේ කෙරෙනවා නම් බොරුවට කෑගහලා වැඩක් නෑනේ. එනිසා අපේ සම්බන්ධයක් නැහැ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි