
ගනේමුල්ලේ සංජීව ඝාතනයට පොලිස්පතිත් සම්බන්ධද..?
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මහතා ඊයේ (24) දින පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ගනේමුල්ලේ සංජීව ඝාතනයට පොලිස්පතිත් සම්බන්ධ ද?
ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබූ සතියට කලින් සතියේ ගම්පහ අධිකරණයට ගෙන ආවාම ඔහුට වෙඩි තැබීමේ සූදානමක් තිබෙන බවට තමන්ට තොරතුරු ලැබුණු නිසා තමන් සංජීව ගම්පහ අධිකරණයට ගෙන එන එක නතර කරලා ඒ වෙනුවට Zoom තාක්ෂණය නැත්නම් විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව සැලසුවා කියලා වැඩ බලන පොලිස්පතිතුමා මාධ්‍ය හමුවක කියනවා. දැන් කවුරුහරි ගනේමුල්ලේ සංජීවට ගම්පහ උසාවියේ දී වෙඩි තබන්න හිටියනම් ඒ් වෙඩි තබන්න හිටියේ සංජීවත් එක්ක තිබෙන තරහකට මිස ගම්පහ උසාවියත් එක්ක තිබෙන තරහකට නොවේනෙ. එහෙමනම් ගම්පහ උසාවියේ තිබ්බ ඒ අවස්ථාව පොලීසිය නැති කරානම් අනිවාර්යයෙන්ම කොළඹට ගෙන එන ඊළග අවස්ථාවේ වෙඩි තියන්න කටයුතු කරනවා කියන එක තේරුම් ගන්න මහ ලොකු බුද්ධියක් අවශ්‍ය නෑ. නමුත් තොරතුරු ලැබුණු පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන කොළඹ දී ගනේමුල්ලේ සංජීව ඝාතනය වෙන්න ඉඩ ඇරලා බලන් ඉදලා තියනවා.
එහෙමනම් පොලිස්පතිවරයට ගම්පහ උසාවියේ උත්සහය වියර්ත වුනාම කොළඹදී ඒ උත්සහය දරාවි කියන එක සිතා ගන්න බැරි වෙන්න විදිහක් නෑ. මොකද ඒ වෑයම සූදානම් කල අය අත් අඩංගුවට ගන්නා තුරුම ඒ අවධානම ඒ විදිහටම තිබෙනවා. එම නිසා ගනේමුල්ලේ සංජීව ඝාතනයට වැඩ බලන පොලිස්පතිවරයා සම්බන්ධයි කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා. දැන් කවුද පොලිස්ලතිවරයා ගැන විමර්ශනය කරන්නේ. වැටත් නියරත් ගොයම් කත් නම් කාට කියන්න ද ඒ අමාරුව කියලා අපේ පැරැන්නෝ කිව්වේ මේ වගේ අවස්ථාව වලට තමයි.
සංජීව ඝාතන සැලසුමක් පිළිබඳ තොරතුරු ලැබී තිබිය දී ඒ පිළිබඳ පියවර නොගැනීම ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වහාම ප්‍රශ්න කළ යුතුයි. කාටද පුලුවන් පොලිස්පතිවරයා ප්‍රශ්න කරන්න? පොලිස්පතිව ප්‍රශ්න කරන්න ඉන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. රවී සෙනෙවිරත්න මහතා. පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරක් තමන්ට ලැබී දින 12ක් පුරා කිසිම පියවරක් නොගත් රවි සෙනෙවිරත්න මහතාට තමයි මේ වගකීම පැවරිලා තියෙන්නේ. කකුළුවා පැටියාට කෙලින් යන්න උගන්වමින් කකුළුවා ඇදේට යනවනම් කවදාත් පැටියට කෙලින් යන්න ඉගෙන ගන්න වෙන්නේ නෑනේ. ඒ නිසා රවි සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුරේ සිටිනතුරු පොලීසියට තොරතුරු ලැබිලත් ඒ් පිළිබඳව කිසිවක් නොකරන පොලිස් ලෙඩේ නම් කවදාත් හොද කරලන්න ලැබෙන්නේ නෑ කියන ඒක අපි සිහිපත් කරනවා.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
