News Category
From Date
To Date
Maximum Number of Result

USAID ශ්‍රී ලංකාවට ආධාර නොදෙන බව නිල වශයෙන් දැනුම් දී නැහැ... මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියපෙරුම

Feb 24, 2025 at 05:32 PM
|

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මේ දක්වා කිසිදු ආධාර කප්පාදුවක් පිළිබඳව රජයට නිල වශයෙන් දැනුම් දී නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියපෙරුම අද පාර්ලිමේන්තුවට පැවසීය.


ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගත් එකඟතාවන්ට අනුව යම් ආධාර කප්පාදුවක් සිදුවුවහොත් එය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දීමට USAID බැඳී සිටින බව ඔහු පැවසීය.

සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබේ.
පාතාල කල්ලි අතර ගැටුම් ඇති වන විට මන්ත්‍රීවරුන් බිය විය යුත්තේ මන්දැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි ප්‍රශ්න කළේය.
"රාණි" චිත්‍රපටය මගින් වෛද්‍ය මනෝරානි මහත්මිය සහ රිචඩ් ද සොයිසා මහතාට අගෞරවයක් කෙරෙන බවට එල්ල වන චෝදනා පිළිබඳව "ලංකා ලීඩර්" විසින් ජාතික සංවිධානවල මතය විමසනු ලැබීය‍. ඊට හේතුව එම චිත්‍රපටය විසින් ප්‍රතිනිර්මාණය කරනු ලබන දේශපාලන පසුබිම ජාතික සංවිධාන වල මතවාදී ප්‍රවේශයන්ට සමීප වීමය‍. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.
කොළඹ ඇමැති බංගලාවලින් එක් බංගලාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ පරිහරණය සඳහා බාර දුන් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් . ආලෝක බණ්ඩාර මහතා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් නවය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ‍්‍රාමික) මහතා පවසන්නේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වලින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ඉවත්ව ගොස් සිටිනා සියළුම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත්කර ඇති බවයි.
නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය අනුමත නොකරන බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය. ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ඊයේ සිදු වූ දේ සිදු නොවුණානම් හොඳ බ
වර්තමාන ආණ්ඩුව මීට පෙර පැවැති කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයට අයවැය හරහා වෛද්‍යවරු දැඩි අපහසාත්මක තත්වයකට පත්කර ඇති බවත් වෛද්‍යවරුන්ගේ ද සහය ලැබූ ආණ්ඩුව වෛද්‍යවරු කබලෙන් ලිපට දමා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය.
පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය. පත්කිරීම, විනයානුකූලව කටයුතු කිරීම සහ ස්ථාන මාරු කිරීම පොලිස්පතිවරයාට සිදුකළ නොහැකි නම් එම පොලිස්පතිවරයා නාමික පොලිස්පතිවරයකු වන බවත් එහිදී පොලිස්පතිවරයාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වන බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

ප්‍රධාන පුවත්

''රාණි'' වනාහි ඉතිහාසය මරා දැමීම සඳහා හඳයාට ලැබුණු කොන්ත්‍රාත්තුවක්ද? ජාතික සංවිධානවලින් ප්‍රශ්නයක්

"රාණි" චිත්‍රපටය මගින් වෛද්‍ය මනෝරානි මහත්මිය සහ රිචඩ් ද සොයිසා මහතාට අගෞරවයක් කෙරෙන බවට එල්ල වන චෝදනා පිළිබඳව "ලංකා ලීඩර්" විසින් ජාතික සංවිධානවල මතය විමසනු ලැබීය‍. ඊට හේතුව එම චිත්‍රපටය විසින් ප්‍රතිනිර්මාණය කරනු ලබන දේශපාලන පසුබිම ජාතික සංවිධාන වල මතවාදී ප්‍රවේශයන්ට සමීප වීමය‍. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ‍්‍රාමික) මහතා පවසන්නේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වලින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ඉවත්ව ගොස් සිටිනා සියළුම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත්කර ඇති බවයි.

නියෝජ්‍ය ඇමතිගේ කථාවට අගමැතිනියත් අප්‍රසාදයෙන්

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය අනුමත නොකරන බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය. ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ඊයේ සිදු වූ දේ සිදු නොවුණානම් හොඳ බ

පොලිස්පතිගෙන් කොමිසමට දොස්

පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය. පත්කිරීම, විනයානුකූලව කටයුතු කිරීම සහ ස්ථාන මාරු කිරීම පොලිස්පතිවරයාට සිදුකළ නොහැකි නම් එම පොලිස්පතිවරයා නාමික පොලිස්පතිවරයකු වන බවත් එහිදී පොලිස්පතිවරයාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වන බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

අවි බලය වෙනුවට මෘදු බලය.... USAID සල්ලි හුටපටයේ තිත්ත ඇත්ත (වීඩියෝ)

USAID සංවිධානය පිහිටුවන ලද්දේ අමෙරිකාවට බරපතළ හිසරදයක් වී තිබූ සෝවියට් දේශයේ ක්‍රියාකලාපය පාලනය කිරීම සදහා බවත් 1961 දී ඇමෙරිකානු ජනාධිපති ජෝන් එප් කෙනඩි ජනාධිපතිවරයා‌ගේ ඍජු මැදිහත්වීම යටතේ මෙම ආයෙනය පිහිටුවා ඇති බවත්, එතෙක් කලක් අවි බලයෙන් ඇමෙරිකානු අධිපත්‍ය පැතිරවීම වෙනුවට මෘදු ආකාරයෙන් ඇමෙරිකානු බලය ලෝකය පුරා පැතිරවීම මෙහි අරමුණ බවත් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ට්‍රම්ප්ගේ ගේම් පෑලැන් එකට අනුව ජාතික බලවේගත් ගොනාට අඳින්න පුළුවන් - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඇමරිකානු ආධිපත්‍ය ලෝකය පුරා පැතිරවීම සඳහා මුල් යුගයේදී CIA සංවිධානය යොදාගත් නමුත් වඩා දියුණු ලෙස ලෝක ප්‍රජාව ගොනාට අන්දමින් එම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම සඳහා 1961 දී USAID සංවිධානය පිහිටු වූ බවත් ඉන්පසු එම ක්‍රියාවලිය වඩා ඉලක්ක සහගතව කිරීම සඳහා 1983 NED නැමති සංවිධානය සහ ඊට අනුබද්ධ සංවිධාන ජාලය පිහිට වූ බව ජාතික සංවිධානය එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

රටේ ආරක්ෂක තත්ත්වය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙයි.

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ජනාධිපතිවරණ ඡන්ද වැඩට අරන්... කෝප් කමිටුවේදී හෙළිවෙයි

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකියි-ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින්

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින් මහතා පැවසීය.

මේ අය වැය IMF වට්ටෝරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් . උවිඳු විජේවීර (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව විසින් ගෙනා ආ අය වැය IMF වට්ටොරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙසේද පැවසීය.

විද්‍යා දියණියගේ ඝාතනයට ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවම්

ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් '' ස්විස් කුමාර්'' නැමැත්තාට පැනයාමට උපකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරු වූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩසහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩමුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය.

රනිල් පාර්ලිමේන්තුවට?

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

IMF යෝජනා අනුව අය වැය සකස් කිරීම වරදක් නොවෙයි - රවී කරුණානායක

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යෝජනා අනුව වත්මන් ආණ්ඩුවේ පළමු අයවැය සකස්කර තිබීම වරදක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.

අලුත් කඩේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්... විපක්ෂ නායක - ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ ... මහජන ආරක්ෂක අමාත්‍ය

අලුත් කඩේ උසාවිය ඇතුළේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා, පන් මල්ලක දාගෙන ඇවිත් තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා විනාශ කරන අය වැයක් - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දේශීයව නිෂ්පාදනය කර ඇති පන් මල්ලක හෙවත් පන් ෆයිල් එකක දමාගෙන ඇවිත් කියවනු ලබුවේ IMF එකේ වැඩපිළිවෙලට අදාල ලියවිල්ලක් බවත් එමගින් මෙරට සියලුම සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන විනාශයට ඇදගෙන යන බවත් පෙරටුගාමී සමාජවොදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.