
කමාන්ඩෝ සාලින්දගේ ඝාතනයක් නූලෙන් මිස් වෙයි.. පාතාලයන්ගේ සෙල්ලම් දිනපතා එළියට..
අද දහවල් කාලයේ මීගමුව ප්‍රදේශයේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී ඇත.
කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙක් වන චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීමට උත්සාහ දරා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් පළාගොස් ඇත.
ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වූ කමාන්ඩෝ සාලින්ද නම් අයෙකු ඉල්ලූ කප්පම් මුදලක් ලබා නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.
මේ අතර, පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මුහුදු වෙරළේ පුද්ගල මළ සිරුරක් ඇති බවට 2025.02.21 වන දින පමුණුගම පොලිස් ස්ථානයට නිණාමික දුරකථන ඇමතුමක් ලැබී ඇත.
ඒ අනුව, පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අදාළ ස්ථානයට ගොස් සිදු කළ පරික්ෂාවේදී උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේ පුද්ගල මල සිරුරක් තිබී ඇති අතර මෘතශරීරයේ වෙඩි වැදිමෙන් සිදුව ඇති බවට සැකකල හැකි තුවාල තිබෙන බවට නිරීක්ෂණය වී ඇත.
මෘත ශරිරය ආසන්නයේ තිබී ටි.56 ගිනි අවි හිස් පතරොම් කොපු 09 ක් හා එක් ජීව පතරොමක් විමර්‌ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත. මෙම ඝාතනය 2025.02.20 වන දින රාත්‍රී කාලයේ සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විර්මශනයේදී අනාවරණය වී ඇත.
මරණකරු වයස අවුරුදු 40 ක් වන කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පමුණුගම පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
