කමාන්ඩෝ සාලින්දගේ ඝාතනයක් නූලෙන් මිස් වෙයි.. පාතාලයන්ගේ සෙල්ලම් දිනපතා එළියට..
අද දහවල් කාලයේ මීගමුව ප්‍රදේශයේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී ඇත.
කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙක් වන චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීමට උත්සාහ දරා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔවුන් පළාගොස් ඇත.
ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වූ කමාන්ඩෝ සාලින්ද නම් අයෙකු ඉල්ලූ කප්පම් මුදලක් ලබා නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.
මේ අතර, පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මුහුදු වෙරළේ පුද්ගල මළ සිරුරක් ඇති බවට 2025.02.21 වන දින පමුණුගම පොලිස් ස්ථානයට නිණාමික දුරකථන ඇමතුමක් ලැබී ඇත.
ඒ අනුව, පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අදාළ ස්ථානයට ගොස් සිදු කළ පරික්ෂාවේදී උස්වැටකෙයියාව, මෝගන්වත්ත වෙරළ තීරයේ පුද්ගල මල සිරුරක් තිබී ඇති අතර මෘතශරීරයේ වෙඩි වැදිමෙන් සිදුව ඇති බවට සැකකල හැකි තුවාල තිබෙන බවට නිරීක්ෂණය වී ඇත.
මෘත ශරිරය ආසන්නයේ තිබී ටි.56 ගිනි අවි හිස් පතරොම් කොපු 09 ක් හා එක් ජීව පතරොමක් විමර්‌ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත. මෙම ඝාතනය 2025.02.20 වන දින රාත්‍රී කාලයේ සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විර්මශනයේදී අනාවරණය වී ඇත.
මරණකරු වයස අවුරුදු 40 ක් වන කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පමුණුගම පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..