පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළේය.
"19 වනදා අලුත්කඩේ අධිකරණයේ සිදුවූ සිද්ධිය ගැන පොලිස්පතිතුමා මා වෙත වාර්තාවක් ලබාදුන්නා. ආරක්ෂක අංශ තොරතුරු හුවමාරු කරගනිමින් විමර්ශන පවත්වාගෙන යනවා."
"ඝාතනයට අදාළ සමිඳු දිල්ශාන් කඳනාරච්චි (27) නමැති සැකකරු අත්අඩංගුවට ගත්තා.සැකකරු සන්තකයේ තිබූ ජීව අත්බෝම්බයක් සොයාගත්තා."
"වෑන් රථයේ රියදුරු ලෙස සිටි මහේෂ් සම්පත් (47) නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා."
"වෑන් රථය පොලිස් භාරයේ තිබෙනවා. වෑන් රථයේ හිමිකාරීත්වය තහවුරු කරගැනීමට අවශ්‍ය විමර්ශන ක්‍රියාත්මක වෙනවා. වෑන් රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවට තහවරු වුණා."
"වෙඩික්කරු සමග අපරාධය සඳහා පැමිණි මීගමුවේ පදිංචි ඉෂාරා සෙව්වන්දි (25) අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාක්මකයි."
"මෙම සැකකාරිය සමගින් අපරාධයට පෙර සහ පසුව සබඳතා පවත්වන ලද මීගමුව පොලීසියේ කොස්තාපල් ලහිරු ප්‍රසන්න ඇතුගල සැකපිට අත්අඩංගුවට ගත්තා."
"අපරාධයෙන් පසු අධිකරණයෙන් පළාගිය වෙඩික්කරු කුලී ත්‍රිරෝද රථයකින් පලාගොස් තිබුණා."
"වෙඩික්කරු 2019.12.12 දින යුද හමුදාවේ තුන්වන කොමාන්ඩෝ රෙජිමේන්තුව වෙත බැඳී රාජකාරී සිදුකර තිබෙනවා. 2024 මැයි මාසයේදී පොදු සමාව යටතේ ඉවත් වී තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර කරුණු තහවුරු කරගනිමින් තිබෙනවා."
"අපරාධය සිදුකිරීමට පෙර වෙඩික්කරු සහ ඔහු සමග පැමිණි කාන්තාව කඩුවෙල ලැගුම් හලක නවාතැන් ගෙන තිබෙනවා. දෙදෙනාව එම ස්ථානයට රැගෙන ඒමට පැමිණි මෝටර් රථය CCTV ඔස්සේ හඳුනා ගත්තා."
"එම කාර් රථය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා."
"වෙඩිතැබීමෙන් මියගිය ගණේමුල්ල සංජීවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළා. දේහය මරණකරුගේ මව වන ඇලන් නෝනා මෙන්ඩිස් යන අයට බාරදී තිබෙනවා."
"මම මේ ගරු සභාවට කියන්න කැමතියි මේ රටේ ජාතික ආරක්ෂාවට කිසිලෙසකින් හෝ බාධාවක් සිදුවෙන්නට ඉඩ තියන්නේ නැහැ."
එම වීඩියෝව ඉහතින් දැක්වෙයි...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..