
කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවකට ගණේමුල්ල සංජීව ඝාතනය කළ ඝාතකයා කළ පාපොච්චාරණය මෙන්න...
ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇත්තේ, රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට පත් වූ වෙඩික්කරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
එමෙන්ම ඝාතනය සිදු කිරීමට පෙර, දින කිහිපයක් වෙඩික්කරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ පෙර සූදානමක් සිදුකර ඇති බවද ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට හෙළි වී ඇත.
වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද හා අවිශ්ක නම් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ උපදෙස් මත තමන් ගණේමුල්ල සංජීව ඝාතනය කළ බවයි.
රුපියල් කෝටි එකහමාරක කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය සිදුකළ බවත්, සති දෙකකට වතාවක් රුපියල් ලක්ෂ 2 බැගින් තමන්ට වේතනයක් ලෙස අදාළ අපරාධකරුවන් ගෙවූ බවත් විමර්ශන නිලධාරීන් හමුවේ වෙඩික්කරු පවසා තිබේ.
උසාවි භූමිය තුළදී අදාළ කාන්තාව තමන්ට ගිනි අවිය ලබාදුන් පසු එය ඉණෙහි සඟවාගෙන ගොස් වෙඩි තැබීම සිදුකළ බවත් ඔහු පවසා ඇති බව වාර්තා වේ.
විමර්ශන නිලධාරීන් හමුවේ සැකකරු තවදුරටත් පාපොච්ඡාරණය කර ඇත්තේ, වෙඩි තැබීමෙන් පසුව තමන් කූලී රථ යෙදුමක් මගින් කුලී රථයක් ගෙන්වා ගෙන අධිකරණය අසල සිට මීගමුවට නුදුරු ප්‍රදේශයකට ගිය බවය.
පසුව මීගමුවට නුදුරු ප්‍රදේශයක සිට කුලී පදනම මත ලබාගත් වෑන් රථයකින් කල්පිටියට ගොස් ඉන්දියාවට පළායෑමට සූදානම් වූ බව ඔහු පොලිසිය හමුවේ පවසා තිබේ.
එසේම වෙඩික්කරු අනාවරණ කර ඇත්තේ තමන් සතුව තිබූ ව්‍යාජ ලෙස සැකසූ හැඳුනුම්පත් සියල්ල සකස් කර දෙනු ලැබුවේ අවිශ්ක නම් අපරාධකරු විසින් බවය.
එමෙන්ම ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ සිදුකළ ද්විත්ව ඝාතනය තමන් විසින් සිදුකළ බවද ඔහු මෙහිදී අනාවරණ කර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් වෙඩික්කරු සමිදු දිල්ශාන් පියුමංග කඳනාරච්චි නම් මහරගම, දඹහේන පාර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්ය.
ඔහුගේ ගමන් මල්ලේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද පොලීසිය විසින් සොයාගනු ලැබීය.
එමෙන්ම ඔහු ගමන්ගත් වෑන් රථයේ රියදුරු ගොඩැල්ලහේන, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි මහේෂ් සම්පත් ප්‍රියදර්ශන හෙවත් බබා නම් 44 හැවිරිදි අයෙක්.
ඒ අනුව වෙඩික්කරු ප්‍රවාහනය කළ අදාළ පුද්ගලයාවද මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
