
ගණේමුල්ල සංජීව ඝාතනයට යොදාගත් රිවෝල්වරය ගෙනවිත් ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුලේ - පො. මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)
අද (19) උදෑසන 10.00ට පමණ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණය තුලදී වෙඩි තබා ඝාතනය කළ අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 12 දෙනෙකු යොදවා සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීයි.
මෙහිදී අධිකරණ පරිශ්‍රය තුල නීතිඥ වෙසින් සිටි පුද්ගලයෙකු විත්තිකරු විත්ති කූඩුවෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ වෙඩි ප්‍රහාරයන් කිහිපයක් එල්ල කිරීමෙන් අනතුරුව රිවෝල්වරයද එම ස්ථානයේ අතහැර දමා විත්තු කූඩුව ආසන්න දොරකින් පලා ගොස් ඇති බවයි ඔහු පැවසුවේ.
එම අවස්ථාවේදී එම වෙඩික්කරු විසින් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට, ඇතුලේ වෙඩි තැබීමක් සිදුවන බව පවසමින් පිටව යාමත් සමග අධිකරණ පරිශ්‍රයේ සිටි පිරිස් ඉන් කලබලයට පත් වීම හේතුවෙන් මෙම පුද්ගලයා මඟ හැරීමකට ලක්ව ඇති බව ඔහු සඳහන් කළා.
එමෙන්ම, මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, නීතිඥවරුන් අධිකරණ රාජකාරීන් සඳහා භාවිත කරන අපරාධ නඩු විධාන සංග්‍රහය නමින් හැඳින්වෙන පොත තුල ඉතා සූක්ෂම ආකාරයෙන් පිටු කපා දමා මෙම රිවෝල්වරයා සඟවාගෙන පැමිණ ඇති බවත්, ඒ සඳහා සහයෝගය ලබා දුන් නීතිඥ වෙසින් සිටි කාන්තාවක විසින් මෙම පොත ඔහුට අධිකරණ සංකිර්ණය තුලදී ලබා දුන් බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
