තෙල් සභාපති මාසිකව හය ලක්‍ෂ විසිපන් දහසක් ගන්නවා – දයාසිරි ජයසේකර
වත්මන් ආණ්ඩුවේ බොහෝ සභාපතිවරුන් වැටුප් ලබා නොගෙන නොමිලේ සේවය ලබා දෙන බව කිව්වද තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා රුපියල් හයලක්ෂ විසිපන්දහසක් මාසිකව ලබාගන්නා බව විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.
එහි කළමනාකාර අධ්‍යක්ෂ දෙලක්ෂ අනූතුන්දහස් දෙසීය දාහතරක් ගන්නා අතර තෙල් මත පනවා ඇති අසාධාරණ බදු ඉවත් කරන්නේ කවදාදැයි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක් ලෙස හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී මතුවූ සංවාදය මෙසේය.
දයාසිරි ජයසේකර මහතා-
තෙල් මිලේ බදු අඩු කරනවා කියලා කලින් කිව්වා. කංචන විජේසේකර ඇමැතිවරයා කොමිස් ගන්නවා කිව්වා. මේවා බොරුවටද කිව්වේ? තෙල්වල අසාධාරණ බදු අඩු කරනවා කිව්වට පරණ කට්ටියගෙන්ම තමයි මේ ආණ්ඩුවත් තවම තෙල් ගන්නේ. පරණ ගිවිසුම් තවමත් ක්‍රියාත්මකයි. ඒ ගිවිසුම් ගැන තොරතුරු අපට දෙනවාද? පරණ අයගෙන් ගත්තු ප්‍රිමියම් එක තවම ගන්නවා. ඒකෙන් තමයි ඔය හොරකම සිද්ධ වෙන්නේ. දැන් එන සභාපතිලා වැටුප් නැතිව තමයි වැඩ කරන්නේ කියලා දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් දැන් තෙල් සංස්ථාවේ නව සභාපති ගන්නවා රුපියල් හයලක්ෂ විසිපන්දාහක්. මම ළඟ ඒ පත්‍රිකාව තිබෙනවා. කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර දෙලක්ෂ අනූතුන්දහස් දෙසීය දාහතරක් ගන්නවා. මේ අය නොමිලේ වැඩ කරනවා කිව්වාට හිටපු සභාපතිට වඩා මේ සභාපතිට වැටුප වැඩිකරගෙන තිබෙනවා.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා-
අඩු කළ හැකි දේවල් අපි අඩු කරනවා. අයවැයෙන් අලුතින් බදු පැනෙව්වෙත් නෑ.
ප්‍රිමියම් එක ඩොලර් 37 සිට අඩු කර ගත්තු එක ගැනත් මම කියන්නම්. දෙන්න පුළුවන් සහන අපි ලබා දෙනවා. ඔය නම් කියපු නිලධාරීන් ගන්නේ මොනවාද නැත්තේ මොනවාද කියලා මම කියන්නම්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..