
තෙල් සභාපති මාසිකව හය ලක්‍ෂ විසිපන් දහසක් ගන්නවා – දයාසිරි ජයසේකර
වත්මන් ආණ්ඩුවේ බොහෝ සභාපතිවරුන් වැටුප් ලබා නොගෙන නොමිලේ සේවය ලබා දෙන බව කිව්වද තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා රුපියල් හයලක්ෂ විසිපන්දහසක් මාසිකව ලබාගන්නා බව විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.
එහි කළමනාකාර අධ්‍යක්ෂ දෙලක්ෂ අනූතුන්දහස් දෙසීය දාහතරක් ගන්නා අතර තෙල් මත පනවා ඇති අසාධාරණ බදු ඉවත් කරන්නේ කවදාදැයි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක් ලෙස හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී මතුවූ සංවාදය මෙසේය.
දයාසිරි ජයසේකර මහතා-
තෙල් මිලේ බදු අඩු කරනවා කියලා කලින් කිව්වා. කංචන විජේසේකර ඇමැතිවරයා කොමිස් ගන්නවා කිව්වා. මේවා බොරුවටද කිව්වේ? තෙල්වල අසාධාරණ බදු අඩු කරනවා කිව්වට පරණ කට්ටියගෙන්ම තමයි මේ ආණ්ඩුවත් තවම තෙල් ගන්නේ. පරණ ගිවිසුම් තවමත් ක්‍රියාත්මකයි. ඒ ගිවිසුම් ගැන තොරතුරු අපට දෙනවාද? පරණ අයගෙන් ගත්තු ප්‍රිමියම් එක තවම ගන්නවා. ඒකෙන් තමයි ඔය හොරකම සිද්ධ වෙන්නේ. දැන් එන සභාපතිලා වැටුප් නැතිව තමයි වැඩ කරන්නේ කියලා දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් දැන් තෙල් සංස්ථාවේ නව සභාපති ගන්නවා රුපියල් හයලක්ෂ විසිපන්දාහක්. මම ළඟ ඒ පත්‍රිකාව තිබෙනවා. කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර දෙලක්ෂ අනූතුන්දහස් දෙසීය දාහතරක් ගන්නවා. මේ අය නොමිලේ වැඩ කරනවා කිව්වාට හිටපු සභාපතිට වඩා මේ සභාපතිට වැටුප වැඩිකරගෙන තිබෙනවා.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා-
අඩු කළ හැකි දේවල් අපි අඩු කරනවා. අයවැයෙන් අලුතින් බදු පැනෙව්වෙත් නෑ.
ප්‍රිමියම් එක ඩොලර් 37 සිට අඩු කර ගත්තු එක ගැනත් මම කියන්නම්. දෙන්න පුළුවන් සහන අපි ලබා දෙනවා. ඔය නම් කියපු නිලධාරීන් ගන්නේ මොනවාද නැත්තේ මොනවාද කියලා මම කියන්නම්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
