
ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළේය.
එහිදී ඔහු සඳහන් කළේ පාතාලය මර්දනය කිරීම සඳහා පියවර ගණනාවක් ගෙන ඇති බවත් ඒවා සියල්ල පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කිරීමට නොහැකි බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉහත පැහැදිලි කිරීම කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,
"කථානායකතුමා, මේ අවස්ථාවේ අලුත්කඩේ උසාවියේ ලෝයර් කෙනෙක් විදියට ඇවිත් වෙඩිතියලා ගියා.. අංක 5 අධිකරණයේ. ගණේමුල්ලේ සංජීව කියලා කෙනෙක් ඝාතනය කළා.."
"ඊයේ රාත්‍රියේ මිද්දෙණියේ ළමයි දෙන්නෙක් එක්ක වෙඩිතැබීමක්. අලුත්කඩේ දැන් සිද්ධ වුණේ."
"දැන් මේක මේ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක්."
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරමින් ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ,
"පාතාල කටයුතු ගැන ආණ්ඩුව වගකීමෙන් කටයුතු කරනවා. ඒ නිසා අරගනිමින් තිබෙන ක්‍රියාමාර්ග ගණනාවකුත් තිබෙනවා. බැහැයි පාතාලය, කළු සල්ලි, කුඩු ජාවාරම මේකට සම්බන්ධයි. මේකට සම්බන්ධ සමහර අය ලංකාවෙත් නෙමෙයි ඉන්නේ."
"අපි මේක ඉතාම ගැඹුරින් සලකනවා කියන එක කියන්න කැමතියි."
"පියවර ගණනාවක් ගෙන තිබෙනවා. සියලු පියවර පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න බැරි වෙයි. නමුත් රජය මේ පිළිබඳව දැඩිව මැදිහත් වෙනවා. පාතාලයට බුරුලක් දෙන්නේ නැහැ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
