
“මේ රනිල්ගේ අයවැයේ ම දිගුවක්” - වජිර අබේවර්ධන
ජාතික ජන බලවේග ආණ්ඩුව ඊයේ (පෙබ. 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැයෙහි දිගුවක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පැවසීය.
රනිල් වික්‍රමසිංහගේ නම ලියූ අයවැය පොතේ පිට කවරය වෙන කෙනකුගේ නමට වෙනස් කිරීම පමණක් මෙහිදී සිදුව ඇතැයි ද හිටපු මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 හා 2024 වර්ෂවල ඉදිරිපත් කළ අයවැය යෝජනා මාලිමා රජය ඉදිරිපත් කර තිබෙන බව කී හෙතෙම ජනාධිපති අනුර කුමාර දිසානායක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පමණක් අලුත් යෝජනාවකට ඇතුළත් කර ඇතැයි ප්‍රකාශ කළේ ය.
මාලිමා රජයේ නායකයන්ට අලුතින් යෝජනාවක් ගෙන ඒමට තරම් දැනුමක් නැතැයි මෙවර අයවැයෙන් පෙන්නුම් කර තිබෙන බව ද ඔහු කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව මෙම අයවැය සකස් කර තිබෙන බව කී අබේවර්ධන මහතා එහි ආදායම් උපයා ගන්නා යෝජනා එකක් පමණක් තිබෙන බව පැවසීය.
2024 වර්ෂයේදී රටේ සමස්ත ආදායම හොඳ මට්ටමකට පැමිණි බවට මාලිමා රජය පිළිගෙන ඇතැයි කී හෙතෙම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමයේදී (2024දී) සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව වාර්තාගත ආදායම් ලබා තිබූ බව සඳහන් කළේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
