ආණ්ඩුවේ අයවැය IMF කියූ පාරේම ගිය අයවැයක් නිසා රටට හෙඳයිලු - මහ බැකු අධිපති නන්දලාල් සහතික වෙයි...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් බවත් ඒ අනුව මෙවර අයවැය රටට හොඳ අයවැයක් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අයවැය සම්බන්ධයෙන් කොලඹදී අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසුවේය.
“ඉලක්ක දෙස බැලුවාම මේ වතාවේ ඒ පිළිබඳ වැඩි විශ්වාසනීයත්වයක් තැබිය හැකියි. රුපියල් ට්‍රිලියන 5ක ආදායම් ඉලක්කයක් සහ 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් අපේක්ෂා කළත්, මගේ අපේක්ෂාවන් අනුව එය ප්‍රමාණය ඉක්මවා ගිය ක්‍රියාකාරීත්වයක්.
ඒ වගේම රජයේ සුරැකුම්පත් සඳහා වූ කෙටිකාලීනව පැන නගින පීඩනයන් අවශෝෂනය කරගැනීම සඳහා ආරක්ෂණ යෙදීමද වැදගත්. එමගින් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව ස්ථාවර පොලී අනුපාත පවත්වාගෙන යාමට හැකියාවක් ලැබේවි.
ඇතැමුන් කියන විදියට IMF අයවැයක් ගැන කතා කළොත්, වසර ගණනක් තිස්සේ IMF සමග සාකච්ඡාවලට සහභාගී වූ අයෙකු විදියට මට කියන්න පුළුවන් මේ වතාවේ රටක් විදියට සමස්ත ආර්ථික ස්ථාවරත්වයක් උදෙසා නිවැරදි මාර්ගයේ ගමන් කිරීම සඳහා බාහිර පාර්ශ්වකරුවන්ට ලබාදී ඇති ප්‍රතිඥාවන් වෙනස් වී නොමැති බව. පරිපාලනයේ වෙනසක් සිදුවුවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොවීම සතුටට කරුණක්.
මගේ අදහස හැටියට එය අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් වගේම එය සුබවාදී ලකුණක් හැටියටයි මම දකින්නේ. මම දකින විදියට මේක IMF අයවැයක් නොව , රටට හොඳ අයවැයක්”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..