රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම... නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
2025 අයවැයෙන් සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.
ඒ අද (18) උදෑසන ආරම්භ වූ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඇතැමුන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවමින් සිටින බවය.
අදාළ වැටුප් වැඩිකිරීම හමුවේ රාජ්‍ය සේවයේ පහළම ස්ථරයේ සිටින PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් ඉහළ යනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ග්‍රාම නිලධාරීවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වැටුප් සකස් වන ආකාරය පහදා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දළ වැටුප් වැඩිවීමෙන් රු 7,500ක් අඩුකර ඉතිරි මුදලින් 30%ක ප්‍රමාණයක් අප්‍රේල් මස 1 වන දා සිට සියලු රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුපට එක්වෙන බවය.
"මුලික වැටුප රු 15,750ක් දක්වා වැඩි වෙනකොට අපි හංගලා නෑ. අපි කියලා තියෙනවා. මේ වනවිට රාජ්‍ය සේවකයින්ට දීමනා වර්ග දෙකක් ලබා දෙනවා. එකක් තමා ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 තව දීමනා දෙකක් පසුගිය කාලයේ වැඩි කරපු රුපියල් 7,500ක් තියෙනවා. රු 5,000ක් සහ රු 2,500ක් ලෙස. මෙන්න මේ රු 7,500 අර කියන රු 15,750 ඇතුළේ වැටුප් වැඩිවීමට එකතු වෙනවා.
බේසික් එක රු 15,750කින් වැඩි වෙනකොට එතැන තියෙනවා රු 7,500ත් අලුතින් ඉතිරි කොටසත්. හර්ෂ ද සිල්වා සඳහන් කළේ PL 1 මේ වැටුප විතරයි. අනිත් වැටුප් ගැන කතා කළේ නෑ.
ඒ නිසා රු 5,000කුත් ඉතිරි 3,250න් 975කුත් අන්න වැඩි වෙනවා මේ වසරේ. අන්න එතකොට රාජ්‍ය සේවයේ PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් වැඩි වෙනවා."
ඒ වගේම රාජ්‍ය සේවයේ සෑමකෙනෙකුගේම වාර්ෂික වැටුප් වර්ධකය 80%කින් වැඩි වෙනවා. අවම රු 250 වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා 80% දක්වා වැඩිවෙනවා. ඒ වගේම තමා අනිත් කාණ්ඩවලත් වැටුප් වැඩිවෙනවා.
ග්‍රාම නිලධාරී සේවාව වර්තමාන වැටුප GN - 1 - රු 28,940 වසර තුනක් ඇතුළත 56,630ක් වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා රු 40,000 බේසික් එකට 17,500 කියන ජීවන වියදම් දීමනාව ඒ ආකාරයටම එකතු වෙනවා. එතකොට ඔහුගේ දළ වැඩි විම රු 21,690 එතැනින් 17,500 ඉවත් කළාම ඔහුගේ ශුද්ධ වැඩිවීම රු 14,190ක්. ඒ කියන්නේ අද දවසේ ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප රු 9,257කින් වැඩි වෙනවා.
මේ මොහොතේ වෛද්‍ය සේවයට බැඳෙන වෛද්‍යවරයෙකුගේ (MO) වැටුප රු 54,290යි. එය රු 91,750 දක්වා බේසික් එක වැඩිවෙනවා. එතකොට ඔහුගේ දළ වැඩිවීම 37,460යි එකෙන් 7,500ක් අඩු කරාම රු 29,960ක් එකෙන් 30%ක් දෙනවා. දළ වැඩිවීමෙන් රු 7,500ක් අඩුකරලා ඉතිරියෙන් 30%ක් මේ වසරේ අප්‍රේල් 1 වනදා සිට සියලු රාජ්‍ය සේවකයින්ට ලැබෙනවා. එතකොට වෛද්‍යවරයෙකුගේ වැටුප රු 13,988කින් වැඩිවෙනවා.
දැන් පැයකට ගෙවන්නේ රු 687යි. මේ අලුත් වැටුප් වැඩිවීමත් එක්ක අලුතින් බැඳෙන මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට OT පැයකට රු 764ක් වෙනවා."
ඊයේ (17) අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කළ කතාව පහතින්,
"අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදු කිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වේ.
රුපියල් 15,750 ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80 කින් ඉහළ නැංවීමට යෝජිතය. ඒ අනුව, රුපියල් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිතය.
මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 325 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලින් සියයට 30 ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි සියයට 70, 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී සමාන කොටස් වශයෙන් ගෙවනවා.
එබැවින්, 2025 වසරේ දී යෝජිත වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
මෙම වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස, යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරමින්, 2025 ජනවාරි මස 1 වැනිදා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සලකා බැලීමේදී රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සීමාව දැනට පවතින රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා ඉහළ නංවනවා. වැටුප් වැඩිවීම පිළිබඳ වැඩිදුර විස්තර ඇමුණුම V තාක්ෂණික සටහනෙහි දක්වා තිබෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..