News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම... නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Feb 18, 2025 at 03:20 PM
|

2025 අයවැයෙන් සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.

ඒ අද (18) උදෑසන ආරම්භ වූ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඇතැමුන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවමින් සිටින බවය. 

අදාළ වැටුප් වැඩිකිරීම හමුවේ රාජ්‍ය සේවයේ පහළම ස්ථරයේ සිටින PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් ඉහළ යනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ග්‍රාම නිලධාරීවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වැටුප් සකස් වන ආකාරය පහදා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දළ වැටුප් වැඩිවීමෙන් රු 7,500ක් අඩුකර ඉතිරි මුදලින් 30%ක ප්‍රමාණයක් අප්‍රේල් මස 1 වන දා සිට සියලු රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුපට එක්වෙන බවය.



"මුලික වැටුප රු 15,750ක් දක්වා වැඩි වෙනකොට අපි හංගලා නෑ. අපි කියලා තියෙනවා. මේ වනවිට රාජ්‍ය සේවකයින්ට දීමනා වර්ග දෙකක් ලබා දෙනවා. එකක් තමා ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 තව දීමනා දෙකක් පසුගිය කාලයේ වැඩි කරපු රුපියල් 7,500ක් තියෙනවා. රු 5,000ක් සහ රු 2,500ක් ලෙස. මෙන්න මේ රු 7,500 අර කියන රු 15,750 ඇතුළේ වැටුප් වැඩිවීමට එකතු වෙනවා. 

බේසික් එක රු 15,750කින් වැඩි වෙනකොට එතැන තියෙනවා රු 7,500ත් අලුතින් ඉතිරි කොටසත්. හර්ෂ ද සිල්වා සඳහන් කළේ PL 1 මේ වැටුප විතරයි. අනිත් වැටුප් ගැන කතා කළේ නෑ. 

ඒ නිසා රු 5,000කුත් ඉතිරි 3,250න් 975කුත් අන්න වැඩි වෙනවා මේ වසරේ. අන්න එතකොට රාජ්‍ය සේවයේ PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් වැඩි වෙනවා."

ඒ වගේම රාජ්‍ය සේවයේ සෑමකෙනෙකුගේම වාර්ෂික වැටුප් වර්ධකය 80%කින් වැඩි වෙනවා. අවම රු 250 වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා 80% දක්වා වැඩිවෙනවා. ඒ වගේම තමා අනිත් කාණ්ඩවලත් වැටුප් වැඩිවෙනවා.

ග්‍රාම නිලධාරී සේවාව වර්තමාන වැටුප GN - 1 - රු 28,940  වසර තුනක් ඇතුළත 56,630ක් වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා රු 40,000 බේසික් එකට 17,500 කියන ජීවන වියදම් දීමනාව ඒ ආකාරයටම එකතු වෙනවා. එතකොට ඔහුගේ දළ වැඩි විම රු 21,690 එතැනින් 17,500 ඉවත් කළාම ඔහුගේ ශුද්ධ වැඩිවීම රු 14,190ක්. ඒ කියන්නේ අද දවසේ ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප රු 9,257කින් වැඩි වෙනවා.

මේ මොහොතේ වෛද්‍ය සේවයට බැඳෙන වෛද්‍යවරයෙකුගේ (MO) වැටුප රු 54,290යි. එය රු 91,750 දක්වා බේසික් එක වැඩිවෙනවා. එතකොට ඔහුගේ දළ වැඩිවීම 37,460යි එකෙන් 7,500ක් අඩු කරාම රු 29,960ක් එකෙන් 30%ක් දෙනවා. දළ වැඩිවීමෙන් රු 7,500ක් අඩුකරලා ඉතිරියෙන් 30%ක් මේ වසරේ අප්‍රේල් 1 වනදා සිට සියලු රාජ්‍ය සේවකයින්ට ලැබෙනවා. එතකොට වෛද්‍යවරයෙකුගේ වැටුප රු 13,988කින් වැඩිවෙනවා.

දැන් පැයකට ගෙවන්නේ රු 687යි. මේ අලුත් වැටුප් වැඩිවීමත් එක්ක අලුතින් බැඳෙන මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට OT පැයකට රු 764ක් වෙනවා." 

ඊයේ (17) අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කළ කතාව පහතින්,

"අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදු කිරීමට යෝජනා කරනවා. 

රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වේ.

රුපියල් 15,750 ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80 කින් ඉහළ නැංවීමට යෝජිතය. ඒ අනුව, රුපියල් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිතය.

මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 325 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලින් සියයට 30 ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි   සියයට 70,  2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ  ජනවාරි මාසවලදී සමාන කොටස් වශයෙන් ගෙවනවා.

එබැවින්, 2025 වසරේ දී යෝජිත වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. 

මෙම වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස, යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරමින්, 2025 ජනවාරි මස 1 වැනිදා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීමට යෝජනා කරනවා.

රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සලකා බැලීමේදී රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සීමාව දැනට පවතින රුපියල් 250,000 සිට  රුපියල් 400,000 දක්වා ඉහළ නංවනවා. වැටුප් වැඩිවීම පිළිබඳ වැඩිදුර විස්තර ඇමුණුම V තාක්ෂණික සටහනෙහි දක්වා තිබෙනවා."

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ලබාදුන් රහසිගත තොරතුර රටට හෙළි කරන්නේද නැද්ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.
සිසුන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇති කුඩා පාසල් සියයක් පමණ වසා දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරන ලද ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති තිලක් සියඹලාපිටියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.
තාප බලශක්ති මාෆියාවේ අතකොළුවක් බවට පත්ව ඇති ආණ්ඩුව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කිරීමට සැරසෙන බව විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ චෝදනා කළේය.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

ප්‍රධාන පුවත්

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)

මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව සිදුකළ නොහොබිනාම දේ තිලක් සියඹලාපිටිය මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීම බව සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි. ''රට අඳුරට යවන සූර්‍ය බල අවමඟුල" ලෙසන් වීඩියෝවක් යූ ටියුබ් නාලිකාවට එක් කරමින් ඔහු මෙසේ පවසයි.

හිසතෙල් ගෑමේ නැකැත අද

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබේ.

ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.