
අයවැය අයි.එම්.එෆ්. නිර්ණායකයන්ට සමගාමියි - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල
වත්මන් රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය තුළින් රටේ ආර්ථිකය ඉහළ නංවන යහපත් කරුණු කාරණා පෙනෙන්නට තිබුණද රජයක් මගින් ඉදිරිපත් කරනු ලබන අයවැයක් යථාර්ථයක් බවට පත් වන්නේ රාජ්‍ය නිලධාරිතන්ත්‍රය විසින් එය ක්‍රියාවට නංවන ආකාරය මත බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
මහාචාර්යවරයා ඒ බව අවධාරණය කර සිටියේ 2025 අයවැය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුන්වන වාරිකය ලබාදීමෙන් අනතුරුව හතර වැනි වාරිකය පමා කළේ ඔවුන්ගේ ඉලක්කවලට සමගාමීව මෙවර අයවැය ඉදිරිපත් වනවාදැයි පරීක්ෂා කිරීමටයි. රජයේ ආදායම් ඉලක්කයන් හා වියදම් ඉලක්කයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයන්ට සමගාමීව මෙවර අයවැය ඉදිරිපත්ව ඇති බැවින් ඒ පිළිබඳ ගැටළුවක් ඇතිවන බවක් පේන්න නැහැ. එම නිසා ඔවුන්ගේ හතරවැනි වාරිකය නොදිරේදීම ලැබෙයි කියා සිතනවා.
මේ සමස්ත අයවැයේ විශේෂ දුර්වලකමක් වශයෙන් මා දැක්කේ 2025 වසරේ රජය ඉලක්ක කරන 5% ආර්ථික වර්ධනයි. මෙයින් පෙනී යන්නේ ලංකාවේ ශක්තිය නිවැරදිව අවබෝධ කර නොගත් බවක්. පසුගිය වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් අපට ලැබුණා. මෙවර අයවැයෙන් 8%ක හෝ 9%ක ආර්ථික වර්ධනයකට යායුතුව තිබුණත් එවැන්නක් පේන්න නැහැ.
මෙවර අයවැය සකස් කොට තිබෙන්නේ පසුගිය රජය ඉදිරිපත් කළ අයවැයට වඩා වෙනස් ක්‍රමවේදයක් ඔස්සේයි. මෙම අයවැය සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන විදියේ අයවැයක්. ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කොට ඇති බවක් පේනවා. අයවැය තුළ ධනාත්මක කාරණා රාශියක් තිබුණත් රජය විසින් යෝජනා කර ඇති නව ආර්ථික ප්‍රතිපත්ති වලට පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගත්තා නම් වඩා හොඳ බව පේනවා.
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රජය විශේෂ අවධානය යොමු විය යුත්තේ පෞද්ගලික අංශය තුළින් ශක්තිමත් දැවැන්ත විවසාය පංතියක් බිහිකිරීම තුළින් අපනයනය වර්ධනය කිරීම ආනයනය අඩු කිරීම රැකිරක්ෂා වැඩිකිරීම මෙන්ම නිෂ්පාදනයේ කොටස්කරුවන් බවට සියලු දෙනා පත් කර ගැනීමයි.
රටේ ජනතාවට සහන සැලසිය යුත්තේ අයවැයක් තුළින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමෙන් අනතුරුව එහි වාසි රටේ සියළු දෙනාට බෙදී යන ආකාරයෙන්' බවද මහාචාර්යවරයා අවසන් වශයෙන් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
