මාධ්‍ය ආයතනයක වැඩට පාතාලයකු අරන්... අපේ වැඩවලට එවන්න එපා-පොලිසිය මාධ්‍ය ආයතනයට ලියයි
ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ලෙස මේ වනවිට මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක සේවයේ නිරත පාතාලයට සම්බන්ධ සැකකරුවෙක් පොලිසියේ මාධ්‍ය සාකච්ඡා සහ මෙහෙයුම් ආවරණ කටයුතු සඳහා සම්බන්ධ නොකරන ලෙස පොලිසිය විසින් අදාළ මාධ්‍ය ආයතනයට දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
දකුණේ ප්‍රබල අපරාධ කල්ලියකට සම්බන්ධව කටයුතු කර ඇති මෙම පුද්ගලයාට එරෙහිව විවිධ අපරාධ චෝදනා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම පුද්ගලයා පොලිසිය විසින් පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡා මෙන්ම පොලිස් මෙහෙයුම් ආවරණය කිරීමට අදාළ මාධ්‍ය ආයතනය නියෝජනය කර වැඩි වශයෙන් පැමිණෙන බවත් එම පොලිස් නිලධාරියා කීය.
රත්නපුර, මිනුවන්ගොඩ, බලංගොඩ, කොළඹ ආදී ප්‍රදේශ ආශිතව සිදුවූ වෙඩි තැබීමක්, මංකොල්ලකෑමක්, ගිනි අවි සහ බෝම්බ ළඟ තබාගැනීම්, කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීමක්, මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් විටෙන් විට පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් සිර දඬුවම්ද ලබා සිටින මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය මේ වන විටත් විශේෂ අවධානයකින් සිටින බව ද එම නිලධාරියා කීය.
යුද හමුදාවේ කලක් සේවයේ නිරතව සිට ඇති ඔහු කළු මල්ලි, ආමි රොෂාන්, එස්.එෆ්. කළු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නෙක් බවත් ඔහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් (IRC) බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..