News Category
From Date
To Date
Maximum Number of Result

අග්‍රාමාත්‍යතුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසුයි... ජනාධිපතිට කරුණු සහිතව දීර්ඝ ලිපියක්

Feb 15, 2025 at 10:50 PM
|

අර්බන් සිටිසන් සංවිධානයේ සභාපති ශර්ම්ලා ගෝනවෙල ගරු ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ ඇමරිකානු ආධාර සංවිධානයේන් මුදල් ලබා ගත් සියලු ජනතා නියෝජිතයන්, මාධ්‍ය වේදීන්, ආයතන, සංවිධාන නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙසටත්,  අප රටේ හර පද්ධතියට හා සමාජ සම්මතයන්ට ගරු නොකරන ඊට  එරෙහිව කටයුතු කරන අග්‍රාමාත්‍ය තුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසු බවත්ය. 


එම සම්පූර්ණ ලිපිය පහතින් 


අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01.


ගරු ජනාධිපතිතුමනි,


ඇමෙරිකන් ආධාර සංවිධානය (USAID) ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.9 යොදවා ඇති බවට ඇමරිකානු ජනාධිපති උපදේශක ඉලෝන් මස්ක් මහතා එරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එරට කොංග්‍රස් සභිකයන් තවදුරටත් කරුණු පෙන්වා දෙමින් ස්ත්‍රී පුරුෂ ලිංග භේදය භාවිතා නොකිරීමට (avoid binary language) ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා ඇමරිකානු ජනතාවගේ බදු මුදල් යොදවා ඇති බවට USAID ආයතනයට චෝදනා නඟන ලදී.


ඇමරිකානු ආධාර සංවිධානය(USAID) පිළිබඳ අදහස් දක්වන ඉලෝන් මස්ක් එම ආයතනය හඳුන්වා දෙන්නේ අපරාධකාරී සංවිධානයක් ලෙසට වන අතර ඇමරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙම ආයතනය හඳුන්වා දුන්නේ රැඩිකල් උන්මත්තකයන් පිරිසක් විසින් මෙහෙයවන දූෂිත සංවිධානයක් ලෙසටයි.


ඇමරිකානු ආධාර සංවිධානය(USAID) කාර්ය වශයෙන් හඳුනාගත හැක්කේ ඇමරිකානු රජයේ ප්‍රතිපත්ති විදේශයන්ට සමීප කිරීමත්, එම රජයට පක්ෂ පාතීත්වය ඇති පිරිස් ගොඩනගා ගැනීමත් සහ එම රජයේ දේශපාලන සමාජ ආර්ථික න්‍යාය පත්‍රයට සහාය දීමට අවශ්‍ය පසුබිම විදේශයන්හි සකස් කිරීමත් ය. 


ඉහත සඳහන් ප්‍රශ්නගත ආයතනය  අප රටේ හර පද්ධතියට නොගැලපෙන  ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කිරීමට  මූල්‍ය ආධාර ලබා දුන් අය අතර  වත්මන් අග්‍රාමාත්‍යතුමියගේ නමද සඳහන්ව ඇත.


එතුමිය දිගින් දිගටම සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක, අමාත්‍යවරියක හා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස ධූර දරමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇත.


සමරිසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකුලභාවය පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ පැහැදිලිවම තීරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට අනුව ශ්‍රී ලංකාවේ  පුරවැසියන් වර්ගීකරණය කල හැක්කේ ගැහැනු හා පිරිමි වශයෙන් පමණක් බවත් ඉන් පරිබාහිර වර්ගීකරණයක් පිළිගන්නා නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  පටහැනි බවත් ය.


ඒ අනුව සමරිසි සබඳතා ප්‍රවර්ධනය හා අනුමත කරමින් ර⁣ටේ ආග්‍රාමාත්‍යවරිය හා පාර්ලිමේන්තු සභිකයෙක් ලෙස කටයුතු කිරීම මගින් හරිනි අමරසූරිය මහත්මිය ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත.

එසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමත් සමග ඇයට තම ධූරයේ නීත්‍යානුකූලව කටයුතු කල නොහැකිය.


එබැවින් අපගේ රටේ හර පද්ධතියට, වටිනාකම් වලට හා සම්ප්‍රදායන්ට අනුකූල නොවන ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍ය ධුරය හෝ අධ්‍යාපන අමාත්‍ය ධුරය හෝ දැරීම සදාචාරාත්මක නොවන බවත්, ව්‍යවස්ථා විරෝධි බවත් සඳහන් කර සිටිමු.


 අපගේ මෙම විරෝධය කිසිසේත්ම  එතුමියගේ තෝරා ගැනිමේ අයිතියට හෝ පෞද්ගලිකත්වයට බලපෑම් එල්ල කිරීමක් නොවන බවද සඳහන් කීරිමට කැමැත්තෙමු.


පුද්ගලයෙකුගේ ලිංගික රුචි අරුචිකම්, ලිංගික දිශානතිය,ලිංගික ඇබ්බැහි වීම, විවිධත්වය, අසාමාන්‍ය පුරුදු , ලිංගික බෙල හීනතාවයන් වැනි පෞද්ගලික කටයුතු සමාජය තුළ වර්ධනය කිරීම නීති සංග්‍රහයට ඇතුළත් කිරීම, ඒ අනුව අධ්‍යාපන මට්ටම් වෙනස් කිරීමට යෝජනා කිරීම සමාජ පරිවර්තනයන් සිදුකිරීමට හෝ සමාජයේ ආකල්ප ඒ අනුව වෙනස් කිරීම සිදුවිය යුතු යැයි රටක අග්‍රාමාත්‍යතුමිය, අධ්‍යාපන ඇමති මූලික වීම අනුමත කළ නොහැක.


අග්‍රාමාත්‍ය තුමිය විසින් මේ අභියෝගයට ලක් කරන්නේ අපේ රටේ සංස්කෘතිය, සම්ප්‍රදායන්, වටිනාකම් හා අප රට හා සමස්ත සමාජය ගොඩ නැගී ඇති හර පද්ධතියට බව පෙන්වා දීමට කැමැත්තෙමු.


පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය, පුරුදු, රුචිකත්වය යන අතිශයින් පෞද්ගලික හේතූන් මත ඔහුට හෝ ඇයට සම අවස්ථාවන් නොලැබීම,වෙනස් කොට, උසස් හෝ පහත් කොට සැලකීම අප කිසි විටෙකත් අනුමත නොකරන අතර මෙවැනි පෞද්ගලික දේ පදනම් කර ගනිමින් වෙනම ප්‍රජාවක් ලෙස හෝ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස් හෝ අමුතු පුද්ගලයෙක් ලෙස තමන් හඳුන්වා ගැනීමට හෝ වෙනත් අය විසින් මෙම පුද්ගලයන් එසේ හඳුන්වා දීමට උත්සාහ දැරීමද අපි අනුමත නොකරන්නෙ සියලු පුරවැසියන් සමාන කොට සැලකිය යුතු නිසාය.


එමෙන්ම, ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ වී ලබන්නා වූ දරුඵල ජීවිතයේ තමන් ලද වටිනාම දායාදයක් ලෙස සලකන දෙමව්පියන් තම ජීවිත කාලය තුළ කැප වන්නේ තමන් බිහිකල දරුවාගේ අනාගතය සකස් කරන අත්වැලක් වීමේ සිහින යථාර්ථයක් කර ගැනීමටය, එවැනි වටිනාකම් සහිත අප සමාජයට ලිංගික දිශානතිය හඳුන්වාදීමට, ස්ත්‍රී ලිංග පුරුෂලිංග පද භාවිතා නොකර මාධ්‍ය හැසිරවීමට, සමරිසි සම්බන්ධතා පිළිබඳ දැනුවත් කිරීමට හෝ පෙළඹවීමට, සමාජය තුළ එවැනි කාරණා ප්‍රවර්ධනය කිරීමට තමන් දරන රාජ්‍ය තනතුරක් මෙවලමක් කර ගන්නේනම් එයට එරෙහිව නැගී සිටීමට මෙරට මව්වරුන් පියවරුන් බහුතරයක් කිසිදු භේදයකින් තොරව ඉදිරිපත් වනු ඇති බව වගකිමෙන් සදහන් කරමු.


2023 වසරේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට අනුව දණ්ඩනීති සංග්‍රහයේ 19වෙනි පරිච්ඡේදය 365, 365අ යන වගන්තියෙන් සංශෝධනය නොකරන ලෙසට එවකට ජනාධිපති හා අධිකරණ ඇමැති තුමන් වෙත  අප සංවිධානය කරුණු පහදා දුන්නේ එම වගන්තීන් ඉවත් කිරීමෙන් ළමා අපයෝජකයන් සඳහා  ලබා දෙන්නා වූ "දැඩි දඬුවම්" යන නිර්දේශයන් ඉවත්වන නිසාය. 


එක් කොටසගේ අයිතිය තහවුරු කිරීම සඳහා තවත් කොටසකගේ අයිතීන් අභියෝගයට ලක්වන්නේ නම් ඒ පිළිබඳව පෙනී සිටීම,හඬක් නැගීම සෑම යහපත් පුරවැසියෙකුගේම අයිතියකි. අපරාධකාරී ආයතනයන් හරහා ලැබෙන මුදල් යොදවා තම මතයට සහාය නොදෙන, පිළිනොගන්නා,වෙනත් මතයක් දරන  අය විවේචනය කිරීම,අපහාස කිරීම තම මතය දැරීමට බලපෑම් කිරීම නුසුදුසු යැයි අපගේ පිළිගැනීමයි.


මෙම ලිපිය ගරු ජනාධිපති තුමන් වෙත යොමු කරන්නේ 

(1) ඇමරිකානු ආධාර සංවිධානයේන් මුදල් ලබා ගත් සියලු ජනතා නියෝජිතයන්, මාධ්‍ය වේදීන්, ආයතන, සංවිධාන නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙසටත්, 

(2) අප රටේ හර පද්ධතියට හා සමාජ සම්මතයන්ට ගරු නොකරන ඊට  එරෙහිව කටයුතු කරන අග්‍රාමාත්‍ය තුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසු බව ත් පෙන්වා දීමටය.


ජනාධිපති තුමනි,  ඔබ තුමාගේ කඩිනම් අවධානය යොමු වේවායි අපේක්ෂා කරමු .


මෙයට 


ශර්ම්ලා ගෝනවෙල

සභාපතිනි

අර්බන් සිටිසන් සංවිධානය

සම්බන්ධිත පුවත් | Related News

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.
2025 මැයි මාසය අවසානයේ දී මහ බැංකුව සතු නිල සංචිත එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙස වාර්තා වී ඇත.
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.
එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.
ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.
රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.
දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ප්‍රධාන පුවත්

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදල් යන සංකල්පය බදු දැලෙන් නිදහස්ව මුදල් භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම සඳහා භාවිතා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.