News Category
From Date
To Date
Maximum Number of Result

USAID විරෝධය හෙවත් සියලු බලවේග ඇමෙරිකාවේ උවමනාවට අනුව මෙහෙයවීම

Feb 15, 2025 at 01:50 PM
|

එරන්ද ගිනිගේ මහතා තම බ්ලොග් අඩවියට ලිපියක් යොමුකරමින් පවසන්නේ USAID සංවිධානය විසින් ලෝකයේ බොහෝ රටවලට මෙන්ම කෝටි 240ක් වියදම් කර ශ්‍රී ලංකාවේද ආණ්ඩු පෙරළියට මඟ පැදූ බවත් ඊට  එරෙහිව විරෝධය දැක්වූයේ දේශපාලන පක්ෂ නොව රටේ සිටින දේශප්‍රේමීන් බවත්ය.  එම විරෝධය හුදෙක් පොහොට්ටුවේ  ක්‍රියාවක් බවට චුලී චංග් කල්පනා කළ නිසාදෝ පොහොට්ටු කාර්යාලයට ගොස් සමාව ඉල්ලා ඇති මුත් එම විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවන බව ඔහු පවසයි.  එමෙන්ම ඉදිරියේදී  ද එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ පොහොට්ටුව නොවන බවද ඔහු පවසයි. එමගින් ඔහු අදහස් කරනු ලබන්නේ ඉදිරියේදී ඇමෙරිකානු මැදිහත්වීම්වලට එරෙහි  විරෝධතා දැඩි වන බවත් එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නොව රටේ දේශප්‍රේමීන් බවය.

මේ අතර ඊයේ (14) දින ජාතික සංවිධාන එකමුතුව විසින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව ගරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙසේ පවසයි. 

''පසුගිය රාජ්‍ය විරෝධී අරගල සහ නීත්‍යානුකූල නොවන ආකාරයට පාලකයින් පලවා හැරීම ආදී මෑත කාලීන අත්දැකීම් නැවත ප‍්‍රතිනිර්මාණය නොවන බවට කිසිවෙකුට කිසිදු සහතිකයක් ලබාදිය නොහැකි බව ඔබතුමා පිළිගන්නවා ඇත. එසේම ඩොනල්ඩ් ට‍්‍රම්ප් පාලනය යටතේ මීට පෙර තිබූ අරමුදල් අනුමත කරනු ලබන කොංග‍්‍රස් මණ්ඩලයට යම් කිසි වගවීමක් තිබුණු ක‍්‍රමවේද වෙනුවට අත්තනෝමතික ක‍්‍රමවේද අනුගමනය කිරීමට වැඩි ඉඩක් තිබීම තුළ තත්ත්වය තවදුරටත් බරපතළ වේ." යනුවෙනි. 

එම ලිපියේ මෙම උපුටනය මගින් ජාතික සංවිධාන එකමුතුව පවසන කාරණය වන්නේ වර්තමානයේ ඩොනල්ඩ්ට්‍ඩ්රම්ප්ගේ පාලනය යටතේ  USAID සංවිධානය  කොංග්‍රස් මණ්ඩලයට වග නොකියන තත්වයක් යටතේ අත්තනෝමතික ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකළාටත වඩා දරුණු මැදිහත්වීම් සිදුකිරීමට හැකියාවක් ඇති සංවිධානයක් බවට පත්වන බවයි 

මේම ලිපි 2ක එකට තබා අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වන එක් කරුණක් ඇත. එනම් USAID සංවිධානයේ අත්තනෝමතික මැදිහත්වීම් වලට හෝ 

වර්තමාන ඇමෙරිකානු  පාලනයෙන් සිදුවන වෙනස් ආකාරයේ මැදිහත්වීම් වලට හෝ විරෝධය දැක්වීම දේශපාලන පක්ෂ වලින් පමණක් බලාපොරොත්තු විය හැකි දෙයක් නොවන බවත් එය සමස්ත  දේශප්‍රේමීන්ගේම කාර්යක් විය යුතු බවත්ය. 

එරන්ද ගිනිගේ මහතා බ්ලොග් අඩවියට යොමුකර ඇති ලිපිය 

USAID කෝටි 240 ආණ්ඩු පෙරළීමට විරෝධය දැක්වූයේ දේශප්‍රේමීන්ය. එය කිසිදු පක්ෂයක ක්‍රියාවක් නොවේ. දශක ගණනාවක් තිස්සේ බෞද්ධ සිංහල රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙසෙන ප්‍රතිපත්තිගරුක අහිංසක මිනිසුන්ම එහි විය. එබැවින් එහි මාගේ සම්බන්ධය ගැන කියා මාගේ කර ගැනීමට මා අකමැතිය. එය පොදු ව්‍යායාමයකි. එයට සහභාගී වූද සහාය දැක්වූද සියලු දෙනා කෙරෙහි මා තුළ ඇත්තේ හදපිරි ගෞරවයකි. ඔවුන්ගේ පළමු ව්‍යායාමය සාර්ථකය. මෙය ආරම්භය පමණී. තව විශාල විරෝධතාවයන් ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත.

ජූලී චන්ග් ඊයේ පොහොට්ටු කාර්යාලයට පැමිණ පාපොච්චාරණයක් කර තිබේ. තමා ඇමරිකානු රජයේ සේවකයෙක් පමණක් බවත්, පසුගිය කාලයේ කළ කී දෑ කළේ එවක ඇමරිකානු ආණ්ඩුවේ උපදෙස් අනුව මිස පුද්ගලිකව හිතාමතා නොවන බවත්, දැන් වැඩ කරන්නේ අලුත් ආණ්ඩුවේ උපදෙස් අනුව බවත්, දැන් ඇය වෙනස් වී ඇති බවත්, ඉදිරියේදී ඇයගේ සම්පූර්ණ සහාය පොහොට්ටුවට දෙන බවත් මුහුණ ඇස් රතු කරගෙන තමා හට පැවසූ බව නාමල් රාජපක්ෂ කීවේය. වෙනත් වචනයෙන් කිවහොත් “වැරදි කළේ හිතාමතා නෙවෙයි, ආයෙත් එහෙම කරන්නේ නැහැ” වැනි චාපල්‍ය ගැහැණියකගේ කථාවකි.

නාමල් රාජපක්ෂට ජූලී බැරිනම් ජූලීගේ මව හෝ මුණගැසිය හැකිය. එය ඔහුගේ නිදහස සහ අයිතියයි. ඒ පිළිබඳව මාගේ උපදෙස ඊයේ විමසූ විට මා කීවේ මුණ නොගැසීම වඩාත් සුදුසු බවත්, එහෙත් මුණගැසීමට අවශ්‍යම නම් කොන්ද කෙලින් තබා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අතපෙවීමට විරුද්ධව සෘජුව කතා කරන ලෙසත්ය. නාමල් බබෙකු නොවේ. ඔහු පක්ෂයක ජාතික සංවිධායකය. තීරණය ගත යුත්තේ ඔහුය. එම තීරණයේ හොඳ සහ නරක විපාක විඳිය යුත්තේ ඔහුය. අප කරන්නේ හොඳ නරක පෙන්වීම පමණී. රටේම ඡන්ද ලක්ෂ තුනට වැටී හොම්බෙන් යන පක්ෂයක් නැවත නැගිට්ටවන්නේ කෙසේද යන්න නාමල් හමුවේ ඇති අභියෝගයයි. ඔහුගේ තෝරා ගැනීම් අනුව එහි අනාගතය තීරණය වනු ඇත.

ජූලීගේ පොච්චාරණයෙන් ඇය කියන්නේ ඊනියා අරගලය සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘතිය පසුගිය ඇමරිකානු ආණ්ඩුවේ වැඩක් කියා නොවේද? ඒ වෙනුවෙන් USAID සහ තවත් ඩොලර් වියදම් කළ බව නොවේද? ඇය කර ඇත්තේ වරද පිළිගැනීමකි. මා හිතන්නේ එයට නම් බලපෑවේ පෙර දින සිද්ධ කළ දැඩි විරෝධය බවයි. ඇය කළේ ඇමරිකානු මුදලට විකිණුනු නූගත් මෝඩ ම්ලේච්ඡ අරගලකාරයන් අමුඅමුවේ පාවා දී තමන්ගේ ඇඟ බේරාගැනීමයි. ඇය වෙනුවෙන් හෑලි ලියමින් අපට කුණුහරුපයෙන් බැන වැදුණු මෝඩ අරගලකාරයන්ගේ කණට ගැසීමයි. තමන්ගේ අතින් කවා හැදූ සුනඛයන්ට පයින් ගැසීමයි.

නමුත් ජූලී පොහොට්ටුව ඉදිරියේ නැවී සමාව ඉල්වා වැඩක් නැත. පොහොට්ටුව දැන් ලංකාවේ බෞද්ධ සිංහල කඳවුරේ නියෝජිතයා නොවේ. මහින්දට හෝ ගෝඨාභයට හෝ තිබුණු එම පිළිගැනීම තවම නාමල්ට නොමැත. එබැවින් ජූලී ගොස් ඇත්තේ වැරදි දේවාලයටය. ජූලී සමාව ගන්නවා නම් ගත යුත්තේ පළමුව මෙරට සමස්ත බෞද්ධ සිංහල ප්‍රජාවගෙනි. දෙවනුව ගෝඨාභයගෙනි. තෙවනුව මහින්දගෙනි. නමුත් ඇයට ඒ තරම් කොන්දක් නැති බව අපි දනිමු. විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවේ. ඊළඟට එන විරෝධතා රැල්ල සංවිධානය කරන්නෙත් පොහොට්ටුවෙන් නොවේ. ධර්මය ඔබට මග වේවා!

ජාතික සංවිධාන එකමුතුව විසින් ගරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට යොමුකළ ලිපිය 

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.