
USAID විරෝධය හෙවත් සියලු බලවේග ඇමෙරිකාවේ උවමනාවට අනුව මෙහෙයවීම
එරන්ද ගිනිගේ මහතා තම බ්ලොග් අඩවියට ලිපියක් යොමුකරමින් පවසන්නේ USAID සංවිධානය විසින් ලෝකයේ බොහෝ රටවලට මෙන්ම කෝටි 240ක් වියදම් කර ශ්‍රී ලංකාවේද ආණ්ඩු පෙරළියට මඟ පැදූ බවත් ඊට එරෙහිව විරෝධය දැක්වූයේ දේශපාලන පක්ෂ නොව රටේ සිටින දේශප්‍රේමීන් බවත්ය. එම විරෝධය හුදෙක් පොහොට්ටුවේ ක්‍රියාවක් බවට චුලී චංග් කල්පනා කළ නිසාදෝ පොහොට්ටු කාර්යාලයට ගොස් සමාව ඉල්ලා ඇති මුත් එම විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවන බව ඔහු පවසයි. එමෙන්ම ඉදිරියේදී ද එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ පොහොට්ටුව නොවන බවද ඔහු පවසයි. එමගින් ඔහු අදහස් කරනු ලබන්නේ ඉදිරියේදී ඇමෙරිකානු මැදිහත්වීම්වලට එරෙහි විරෝධතා දැඩි වන බවත් එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නොව රටේ දේශප්‍රේමීන් බවය.
මේ අතර ඊයේ (14) දින ජාතික සංවිධාන එකමුතුව විසින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව ගරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙසේ පවසයි.
''පසුගිය රාජ්‍ය විරෝධී අරගල සහ නීත්‍යානුකූල නොවන ආකාරයට පාලකයින් පලවා හැරීම ආදී මෑත කාලීන අත්දැකීම් නැවත ප‍්‍රතිනිර්මාණය නොවන බවට කිසිවෙකුට කිසිදු සහතිකයක් ලබාදිය නොහැකි බව ඔබතුමා පිළිගන්නවා ඇත. එසේම ඩොනල්ඩ් ට‍්‍රම්ප් පාලනය යටතේ මීට පෙර තිබූ අරමුදල් අනුමත කරනු ලබන කොංග‍්‍රස් මණ්ඩලයට යම් කිසි වගවීමක් තිබුණු ක‍්‍රමවේද වෙනුවට අත්තනෝමතික ක්රමවේද අනුගමනය කිරීමට වැඩි ඉඩක් තිබීම තුළ තත්ත්වය තවදුරටත් බරපතළ වේ." යනුවෙනි.
එම ලිපියේ මෙම උපුටනය මගින් ජාතික සංවිධාන එකමුතුව පවසන කාරණය වන්නේ වර්තමානයේ ඩොනල්ඩ්ට්‍ඩ්රම්ප්ගේ පාලනය යටතේ USAID සංවිධානය කොංග්‍රස් මණ්ඩලයට වග නොකියන තත්වයක් යටතේ අත්තනෝමතික ක්රමවේද අනුගමනය කරමින් සිදුකළාටත වඩා දරුණු මැදිහත්වීම් සිදුකිරීමට හැකියාවක් ඇති සංවිධානයක් බවට පත්වන බවයි
මේම ලිපි 2ක එකට තබා අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වන එක් කරුණක් ඇත. එනම් USAID සංවිධානයේ අත්තනෝමතික මැදිහත්වීම් වලට හෝ
වර්තමාන ඇමෙරිකානු පාලනයෙන් සිදුවන වෙනස් ආකාරයේ මැදිහත්වීම් වලට හෝ විරෝධය දැක්වීම දේශපාලන පක්ෂ වලින් පමණක් බලාපොරොත්තු විය හැකි දෙයක් නොවන බවත් එය සමස්ත දේශප්‍රේමීන්ගේම කාර්යක් විය යුතු බවත්ය.
එරන්ද ගිනිගේ මහතා බ්ලොග් අඩවියට යොමුකර ඇති ලිපිය
USAID කෝටි 240 ආණ්ඩු පෙරළීමට විරෝධය දැක්වූයේ දේශප්‍රේමීන්ය. එය කිසිදු පක්ෂයක ක්‍රියාවක් නොවේ. දශක ගණනාවක් තිස්සේ බෞද්ධ සිංහල රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙසෙන ප්‍රතිපත්තිගරුක අහිංසක මිනිසුන්ම එහි විය. එබැවින් එහි මාගේ සම්බන්ධය ගැන කියා මාගේ කර ගැනීමට මා අකමැතිය. එය පොදු ව්‍යායාමයකි. එයට සහභාගී වූද සහාය දැක්වූද සියලු දෙනා කෙරෙහි මා තුළ ඇත්තේ හදපිරි ගෞරවයකි. ඔවුන්ගේ පළමු ව්‍යායාමය සාර්ථකය. මෙය ආරම්භය පමණී. තව විශාල විරෝධතාවයන් ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත.
ජූලී චන්ග් ඊයේ පොහොට්ටු කාර්යාලයට පැමිණ පාපොච්චාරණයක් කර තිබේ. තමා ඇමරිකානු රජයේ සේවකයෙක් පමණක් බවත්, පසුගිය කාලයේ කළ කී දෑ කළේ එවක ඇමරිකානු ආණ්ඩුවේ උපදෙස් අනුව මිස පුද්ගලිකව හිතාමතා නොවන බවත්, දැන් වැඩ කරන්නේ අලුත් ආණ්ඩුවේ උපදෙස් අනුව බවත්, දැන් ඇය වෙනස් වී ඇති බවත්, ඉදිරියේදී ඇයගේ සම්පූර්ණ සහාය පොහොට්ටුවට දෙන බවත් මුහුණ ඇස් රතු කරගෙන තමා හට පැවසූ බව නාමල් රාජපක්ෂ කීවේය. වෙනත් වචනයෙන් කිවහොත් “වැරදි කළේ හිතාමතා නෙවෙයි, ආයෙත් එහෙම කරන්නේ නැහැ” වැනි චාපල්‍ය ගැහැණියකගේ කථාවකි.
නාමල් රාජපක්ෂට ජූලී බැරිනම් ජූලීගේ මව හෝ මුණගැසිය හැකිය. එය ඔහුගේ නිදහස සහ අයිතියයි. ඒ පිළිබඳව මාගේ උපදෙස ඊයේ විමසූ විට මා කීවේ මුණ නොගැසීම වඩාත් සුදුසු බවත්, එහෙත් මුණගැසීමට අවශ්‍යම නම් කොන්ද කෙලින් තබා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අතපෙවීමට විරුද්ධව සෘජුව කතා කරන ලෙසත්ය. නාමල් බබෙකු නොවේ. ඔහු පක්ෂයක ජාතික සංවිධායකය. තීරණය ගත යුත්තේ ඔහුය. එම තීරණයේ හොඳ සහ නරක විපාක විඳිය යුත්තේ ඔහුය. අප කරන්නේ හොඳ නරක පෙන්වීම පමණී. රටේම ඡන්ද ලක්ෂ තුනට වැටී හොම්බෙන් යන පක්ෂයක් නැවත නැගිට්ටවන්නේ කෙසේද යන්න නාමල් හමුවේ ඇති අභියෝගයයි. ඔහුගේ තෝරා ගැනීම් අනුව එහි අනාගතය තීරණය වනු ඇත.
ජූලීගේ පොච්චාරණයෙන් ඇය කියන්නේ ඊනියා අරගලය සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘතිය පසුගිය ඇමරිකානු ආණ්ඩුවේ වැඩක් කියා නොවේද? ඒ වෙනුවෙන් USAID සහ තවත් ඩොලර් වියදම් කළ බව නොවේද? ඇය කර ඇත්තේ වරද පිළිගැනීමකි. මා හිතන්නේ එයට නම් බලපෑවේ පෙර දින සිද්ධ කළ දැඩි විරෝධය බවයි. ඇය කළේ ඇමරිකානු මුදලට විකිණුනු නූගත් මෝඩ ම්ලේච්ඡ අරගලකාරයන් අමුඅමුවේ පාවා දී තමන්ගේ ඇඟ බේරාගැනීමයි. ඇය වෙනුවෙන් හෑලි ලියමින් අපට කුණුහරුපයෙන් බැන වැදුණු මෝඩ අරගලකාරයන්ගේ කණට ගැසීමයි. තමන්ගේ අතින් කවා හැදූ සුනඛයන්ට පයින් ගැසීමයි.
නමුත් ජූලී පොහොට්ටුව ඉදිරියේ නැවී සමාව ඉල්වා වැඩක් නැත. පොහොට්ටුව දැන් ලංකාවේ බෞද්ධ සිංහල කඳවුරේ නියෝජිතයා නොවේ. මහින්දට හෝ ගෝඨාභයට හෝ තිබුණු එම පිළිගැනීම තවම නාමල්ට නොමැත. එබැවින් ජූලී ගොස් ඇත්තේ වැරදි දේවාලයටය. ජූලී සමාව ගන්නවා නම් ගත යුත්තේ පළමුව මෙරට සමස්ත බෞද්ධ සිංහල ප්‍රජාවගෙනි. දෙවනුව ගෝඨාභයගෙනි. තෙවනුව මහින්දගෙනි. නමුත් ඇයට ඒ තරම් කොන්දක් නැති බව අපි දනිමු. විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවේ. ඊළඟට එන විරෝධතා රැල්ල සංවිධානය කරන්නෙත් පොහොට්ටුවෙන් නොවේ. ධර්මය ඔබට මග වේවා!
ජාතික සංවිධාන එකමුතුව විසින් ගරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට යොමුකළ ලිපිය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
