
අදානි ගියා කිව්වට ඇත්තටම ගිහින්ද?
ඉන්දීය ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිට අයත් Adani Green Energy සමාගම ආරම්භ කිරීමට සූදානමින් සිටි සුළං බලශක්ති ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට පෙරේදා වාර්තා වුවද එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අක්‍රිය නොවන බවට ඉඟි පළවේ.
Daily Mirror පුවත්පත වාර්තා කරන්නේ, ඉන්දීය පාර්ශවය සහ මෙරට රජය ලබන සතියේ තවත් සාකච්ඡාවකට එළඹීමට තීරණය කර ඇති බවයි.
මන්නාරමේ සුළං බලශක්ති ව්‍යාපෘතිය සහ රට තුළ තවත් සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අන්‍යෝන්‍ය තීරණයකට එළැඹිය හැකිදැයි සොයාබැලීමට දෙපාර්ශ්වයම ලබන සතියේ රැස්වී සාකච්ඡා කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව තතුදත් ආරංචි මාර්ග උපුටා දක්වමින් Daily Mirror පුවත්පත වාර්තා කර තිබේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදානි සමාගම දැනටමත් පසුගිය රජය සමඟ සාකච්ඡා වට 14 ක් පවත්වා ඇති නමුත් අනුමැතියක් ලබාගැනීම ප්‍රමාදවීම පිළිබඳව කණස්සල්ල පළකර ව්‍යාපෘතියෙන් ඉවත්වන බව පැවසීය.
කෙසේවෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී ඔහු ඉන්දීය නිලධාරීන්ට දන්වා ඇත්තේ Adani ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම රජය කැමැත්තෙන් පසුවන නමුත් සමාගම ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීමට සිදු වූ බවයි.
අනතුරුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
