සංවර්ධනයට පෙර ජනතාවගෙන් අහන්න - අමාත්‍ය ලාල්කාන්ත
නගරයක් ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේදී සියලු දෙනාගේ අදහස් විමසිය යුතු බවත් එසේ නොවුණහොත් යම් විරෝධයන් ඇති විය හැකි වුවත් අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුත්තක් නම් ඩෝසර් කර හෝ එය සිදුකළ යුතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ අද (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විසල් මහනුවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍ය අරුණ කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් හා මහනුවර ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.
එහිදී අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
සංවර්ධන කටයුතු සිදුකිරීමේදී සියලු දෙනාගේ අදහස් නොවිමසා සැලසුම් සකස් කළහොත් විවිධ විරෝධයන් දුක් ගැනවිලි ඉදිරිපත් විය හැකියි. එම නිසා සියලු ප්‍රජාවන් සමග සාකච්ඡා කොට සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම ඉතා වැදගත්.
අද පැවති සාකච්ඡාවට අනුව ඉදිරියේදී සිදු කිරීමට මහනුවර සංවර්ධනන ව්‍යාපෘතියට 99% කැමති බවක් පෙනුනා. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුන බවක් පෙනුනත් එය නිරාකරණය කර ගැනීමට හැකියාව තිබෙනවා. කටුගස්තොට සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වෙළඳ ගංගම් වල විරෝධතාවයක් තිබෙන බව සඳහන් වුණා. එය කළමනාකරණය කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි.පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සින්නක්කර ඔප්පු දීමේ සටහන නවතා දැමීමට තීරණය කළ බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළ අතර නව ක්‍රමවේදයකට අනුව එම ඔප්පු ඉක්මනින් නැවත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසීය.
පසුගිය කාලයේ ලබාදුන් ඔප්පු ක්‍රමයට අනුව ඉඩම් විශාල ප්‍රමාණයක් කැබලවීමේ අනතුරක් තිබෙන බව පැවසූ අමාත්‍යවරයා උරුමය ඔප්පු ක්‍රමය තුළින් එය ලබාගන්නා පුද්ගලයාට පවුලේ අන් කිසිවෙකු ගැන නොසලකා එම දේපොළ විකුණා දැමීමේ හැකියාව තිබෙන බවද පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..