
USAID සිද්ධිය ගැන අගමැතිනියගෙන් විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වෙනවා - ඉන්දික අනුරුද්ධ (විඩියෝ)
යූඑස්ඒඩ් ආයතනය විසින් ලබා දී ඇති මුදල් සම්බන්ධයෙන් අගමැතිනියගේ නම කියැවෙන බැවින් ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විශේෂ ප්‍රකාශයක් අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මෙසේ ද පැවසීය.
ඊයේ පෙරේදා එළියට ආවා ‘යූඑස්ඒඩ්’ සිද්ධිය. ඇමරිකානු මුදල් පාවිච්චි කරලා, ලංකාවේ, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය වගේ රටවල්වල බලය වෙනස් කළේ කොහොමද කියලා ඉන් කියවුණා. එහිදී අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කථානායකතුමාට ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් වහාම පිහිටුවලා මෙහි සිටින පිරිස ගැන සොයා බලන්න කියලා. මෙහිදී
අගමැතිතුමියගේ නම කියවෙන තැන් තිබෙනවා. වෙන වෙන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ නම් කියවෙනවා. විවිධ පිරිස්ගේ නම් කියවෙනවා. නමුත් අපි දැක්කේ නැහැ මේ පිළිබඳව සාධාරණ අදහසක් එළියට එනවා. අපි බලාපොරොත්තු වෙනවා අගමැතිතුමියගෙන් විශේෂ ප්‍රකාශයක්.
.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
