
පුංචි ඡන්දය ගැන, ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද මැතිසබයට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා අද (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් සභාවට දැනුම් දෙනු ඇති.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 10වැනිදා රැස්වීමෙන් අනතුරුව හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව කැඳවීමට තිරණය කෙරුණා.
පාළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව සභානායකවරයා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව පාර්ලමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව අග්‍රාමත්‍යවරිය විසින් කථානායකවරයාගෙන් කර ඇති ඉල්ලීමක් මතයි හෙට පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත්තේ.
ඒ අනුව එම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශ උපදේශක කාරකසභාව ද අද (14) රැස්වීමට නියමිතයි.
අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ලබන 17 වැනි සදුදා පස්වරු 2:00 සිට පස්වරු 7:00 දක්වා පැවැත්විමට ද සැලසුම් කර තිබෙනවා.
විපක්ෂය විසින් පනත් කෙටුම්පතට අදාළව ගෙන එනු ලබන සංශෝධන එදින පෙරවරු 10:00ට පෙර ලබාදෙන ලෙසද දැනුම් දී ඇති බව සදහන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීමද පෙර තීරණය කළ පරිදිම 17වැනි සඳුදා පෙරවරු 10.30ට සිදුකිරීමට නියමිතව තිබෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
