
ඊ.පී.ඩී.පී. හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඉන්දියාවේදී අත්අඩංගුවට
ඊ.පී.ඩී.පී.( EPDP ) සංවිධානය නියෝජනය කළ වන්නි දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි බලා ගොස් ඇති හිටපු මන්ත්‍රීවරයා එහි සිට වෙනත් ගමන් බලපත්‍රයක් මගින් යුරෝපා රටකට යාමට උත්සහ කළ අවස්ථාවේදී වීසා ලබා ගැනීමට ගිය විට ඔහුව කේරළයේ කොචි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔහු යුරෝපා රටකට යාමට ඉදිරිපත් කොට ඇති ගමන් බලපත්‍රයට අමතරව තවත් ගමන් බලපත්‍රයක් තිබී ඇති අතර ඔහු ලංකාවෙන් ඉන්දියාවට ගොස් ඇත්තේ එම බලපත්‍රය උපයෝගී කරගෙනයි.
මේ පිළිබදව තොරතුරු හෙළි වීමෙන් පසුව තමිල්නාඩු පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමිල්නාඩු පොලීසිය විසින් හිටපු මන්ත්‍රීවරයා කේරලයේ අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව භූපාල් බන්ධනාගාරයේ රදවා තබන ලෙස පොලීසියට නියෝග කොට ඇති බවයි වාර්තා වෙන්නේ.
හිටපු මන්ත්‍රී තිලීපන් වවුනියාව පොලීසිය විසින් ද මීට මාස දෙකකට ඉහතදී අත්අඩංගුවට ගත් අතර ඊට හේතුව වූයේ වවුනියාවේ පුද්ගලයෙකුට ඉඩමක් ලබා දීම පිණිස රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා ගෙන එය වංචා කිරීමේ සිද්ධියක්.
එහිදී ඔහු විසින් ලබා ගත් මුදල වාරික දහයකින් ගෙවීමට වවුනියාව අධිකරණයේදී පොරොන්දු වීමෙන් පසුව අධිකරණය ඔහුව ඇප මත නිදහස් කොට සිටියදී, විදේශ ගත වීමට යාමේදී මෙවර ඉන්දියාවේදී අත් අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
