ඊ.පී.ඩී.පී. හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඉන්දියාවේදී අත්අඩංගුවට
ඊ.පී.ඩී.පී.( EPDP ) සංවිධානය නියෝජනය කළ වන්නි දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි බලා ගොස් ඇති හිටපු මන්ත්‍රීවරයා එහි සිට වෙනත් ගමන් බලපත්‍රයක් මගින් යුරෝපා රටකට යාමට උත්සහ කළ අවස්ථාවේදී වීසා ලබා ගැනීමට ගිය විට ඔහුව කේරළයේ කොචි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔහු යුරෝපා රටකට යාමට ඉදිරිපත් කොට ඇති ගමන් බලපත්‍රයට අමතරව තවත් ගමන් බලපත්‍රයක් තිබී ඇති අතර ඔහු ලංකාවෙන් ඉන්දියාවට ගොස් ඇත්තේ එම බලපත්‍රය උපයෝගී කරගෙනයි.
මේ පිළිබදව තොරතුරු හෙළි වීමෙන් පසුව තමිල්නාඩු පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමිල්නාඩු පොලීසිය විසින් හිටපු මන්ත්‍රීවරයා කේරලයේ අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව භූපාල් බන්ධනාගාරයේ රදවා තබන ලෙස පොලීසියට නියෝග කොට ඇති බවයි වාර්තා වෙන්නේ.
හිටපු මන්ත්‍රී තිලීපන් වවුනියාව පොලීසිය විසින් ද මීට මාස දෙකකට ඉහතදී අත්අඩංගුවට ගත් අතර ඊට හේතුව වූයේ වවුනියාවේ පුද්ගලයෙකුට ඉඩමක් ලබා දීම පිණිස රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා ගෙන එය වංචා කිරීමේ සිද්ධියක්.
එහිදී ඔහු විසින් ලබා ගත් මුදල වාරික දහයකින් ගෙවීමට වවුනියාව අධිකරණයේදී පොරොන්දු වීමෙන් පසුව අධිකරණය ඔහුව ඇප මත නිදහස් කොට සිටියදී, විදේශ ගත වීමට යාමේදී මෙවර ඉන්දියාවේදී අත් අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..