අධිකරණ නියෝග නොතකා තිස්ස විහාරයට ඇතුළු වූ වරදට මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට සිතාසි
අධිකරණ නියෝග නොතකා යාපනයේදී විරෝධතාවයක් සංවිධානය කිරීමේ වරදට මල්ලාකම් අධිකරණය හමුවේ හෙට (14) පෙනී සිටින ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට සීතාසියක් ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් පිරිසක් යාපනයේ කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට කන්කසන්තුරේ පොලිසියට ලැබුණු තොරතුරක් මතයි මෙම අධිකරණ නියෝගය ලබා ගෙන ඇත්තේ.
එහි සඳහන් වූයේ විහාරස්ථානය අයත් ග්‍රාම සේවා වසම තුළ කිසිදු ආකාරයක විරෝධතාවයක් නොපවත්වන ලෙසයි.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට එම ප්‍රදේශයට ඇතුළු වීමද තහනම් කොට තිබියදී ඔහු පිරිසක් සමග පැමිණ කළු කොඩි ඔසවා තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතවයක් පවත්වා තිබෙනවා.
මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණයට වග උත්තර බැඳීම පිණිසයි මන්ත්‍රීවරයාව අධිකරණයට කැඳවා ඇත්තේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..