USAID සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් - සාගර කාරියවසම්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී එම පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයන් හමුවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.
අරගලවලට, ආණ්ඩු පෙරළන්න, බුද්ධාගමට අගෞරව කරන්න, මෙරට සංස්කෘතිය විනාශ කරන්න ආදි දේවල්වලට විදේශ බලපෑම් සමඟ විදේශ මුදල් ලැබෙන්නේ යැයි පැවසූ බවත් එසේ පැවසුව ද ඒවා කවුරුත් විශ්වාස නොකළ බවත් කාරියවසම් මහතා කීය.
එම ප්‍රකාශවල සත්‍යතාවය මේ වන විට හෙළිවෙමින් පවතින බව කී කාරියවසම් මහතා ශ්‍රී ලංකාව, බංග්ලාදේශ සහ යුක්රේනය ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළීම සඳහා යූඑස්ඒඩ් නැමැති සංවිධාන හරහා ඇමරිකානු ඩොලර් මිලියන 260 ක් වැනි ඉතාම විශාල මුදලක් වියදම් කර ඇතැයි ඇමෙරිකානු ජනාපති ඩොනල් ට්‍රම්ප් මැතිතුමා ඔහුගේ නිල ‘එක්ස්’ ගිණුම හරහා හෙළිකර ඇති බ ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ලිංගික දිශානික සම්බන්ධයෙන් සොයා බලන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 7.9 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 24,000 ක මුදලක් වියදම් කර ඇති බව ද හෙළිකර ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්