වරායට රු.බිලියන 5ක පාඩුවක්
විවිධ හේතූන් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියට ආසන්න වශයෙන් රුපියල් බිලියන 5 ක ආදායමක් අහිමි වී ඇත.
අතුරුදන් වූ හෝ සාවද්‍ය වාර්තා හේතුවෙන් බදුකරුවන් සොයාගැනීමට නොහැකි වීම ඇතුළු ගැටළු ඊට හේතුවී ඇතැයි වාර්තා වේ.
මෑතකාලින විගණන වාර්තාවකට අනුව අනාවරණ වී ඇත්තේ, 2022 දෙසැම්බර් 31 වන විට, නැව් නියෝජිතයන් විසින් රුපියල් මිලියන 4,795 ක ගෙවීම් පැහැරහැර ඇති බවයි.
2024 වසර අවසන් වන විට මෙම මුදල තවත් ඉහළ ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කර ඇතැයි Ceylon Today පුවත්පත වාර්තා කර තිබේ.
ජාතික සංවර්ධනය සඳහා යෙදවිය හැකිව තිබූ ආදායම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අහිමි වීම දූෂණ වංචා පිළිබඳව කනස්සල්ලට ද හේතු වී ඇත.
මෑත කාලීන අධිකරණ නඩු පහකදී අනාවරණ වී ඇත්තේ නිවැරදි බදු ගැනුම්කරු තොරතුරු නොමැති වීම හේතුවෙන් වරාය අධිකාරියට රුපියල් මිලියන 11.9 ක් එකතු වී නොමැති බවයි.
මෙම නඩු අතරින් 4ක් නැව් නියෝජිතයන්ට එරෙහිව ශ්‍රී ලංකා වරාය අධිකාරියට කුලී ගෙවීම් ලෙස රුපියල් මිලියන 5.2 ක මුදලක් පැහැරහැරීමට අදාළව ගොනුකර ඇත.
අධිකාරියට පක්ෂව අධිකරණය තීන්දුවක් ලබාදුන්නද බදු දී ඇති අයගේ ස්ථිර ලිපිනයන් නිසි ලෙස සටහන් කර නොතිබීම නිසා අයවිය යුතු මුදල් අයකර ගැනීමට නිලධාරීන්ට නොහැකි වී තිබේ.
තවත් නඩුවකින් රුපියල් මිලියන 6.7 ක බදු අයකිරීම වැළකී ගොස් ඇති එවැනිම ගැටළුවක් අනාවරණ වී තිබේ.
මෙම පැහැරහැරීම් සිදුකළ පාර්ශව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත තම මූල්‍ය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම වසර කිහිපයක සිටම ක්‍රියාත්මක වී ඇත.
නැව් නියෝජිතයන් සහ පෞද්ගලික ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී ව්‍යාපාරික තොරතුරු නිසි ලෙස තහවුරු කිරීම සහ ලේඛනගත කිරීම සිදුකළ යුතුව තිබූ බව වරාය වාර්තා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි