
වරායට රු.බිලියන 5ක පාඩුවක්
විවිධ හේතූන් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියට ආසන්න වශයෙන් රුපියල් බිලියන 5 ක ආදායමක් අහිමි වී ඇත.
අතුරුදන් වූ හෝ සාවද්‍ය වාර්තා හේතුවෙන් බදුකරුවන් සොයාගැනීමට නොහැකි වීම ඇතුළු ගැටළු ඊට හේතුවී ඇතැයි වාර්තා වේ.
මෑතකාලින විගණන වාර්තාවකට අනුව අනාවරණ වී ඇත්තේ, 2022 දෙසැම්බර් 31 වන විට, නැව් නියෝජිතයන් විසින් රුපියල් මිලියන 4,795 ක ගෙවීම් පැහැරහැර ඇති බවයි.
2024 වසර අවසන් වන විට මෙම මුදල තවත් ඉහළ ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කර ඇතැයි Ceylon Today පුවත්පත වාර්තා කර තිබේ.
ජාතික සංවර්ධනය සඳහා යෙදවිය හැකිව තිබූ ආදායම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අහිමි වීම දූෂණ වංචා පිළිබඳව කනස්සල්ලට ද හේතු වී ඇත.
මෑත කාලීන අධිකරණ නඩු පහකදී අනාවරණ වී ඇත්තේ නිවැරදි බදු ගැනුම්කරු තොරතුරු නොමැති වීම හේතුවෙන් වරාය අධිකාරියට රුපියල් මිලියන 11.9 ක් එකතු වී නොමැති බවයි.
මෙම නඩු අතරින් 4ක් නැව් නියෝජිතයන්ට එරෙහිව ශ්‍රී ලංකා වරාය අධිකාරියට කුලී ගෙවීම් ලෙස රුපියල් මිලියන 5.2 ක මුදලක් පැහැරහැරීමට අදාළව ගොනුකර ඇත.
අධිකාරියට පක්ෂව අධිකරණය තීන්දුවක් ලබාදුන්නද බදු දී ඇති අයගේ ස්ථිර ලිපිනයන් නිසි ලෙස සටහන් කර නොතිබීම නිසා අයවිය යුතු මුදල් අයකර ගැනීමට නිලධාරීන්ට නොහැකි වී තිබේ.
තවත් නඩුවකින් රුපියල් මිලියන 6.7 ක බදු අයකිරීම වැළකී ගොස් ඇති එවැනිම ගැටළුවක් අනාවරණ වී තිබේ.
මෙම පැහැරහැරීම් සිදුකළ පාර්ශව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත තම මූල්‍ය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම වසර කිහිපයක සිටම ක්‍රියාත්මක වී ඇත.
නැව් නියෝජිතයන් සහ පෞද්ගලික ආයතන සමඟ ගනුදෙනු කිරීමේදී ව්‍යාපාරික තොරතුරු නිසි ලෙස තහවුරු කිරීම සහ ලේඛනගත කිරීම සිදුකළ යුතුව තිබූ බව වරාය වාර්තා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
