‘කර්මාන්ත ක්ෂේත්‍රයට අය වැයෙන් බදු සහන නැහැ ‘ - කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හෝමාගම දී පැවසීය.
හෝමාගම පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්ත පුරයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු අනාවරණය කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේ කීය.
ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතුයි.
විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව සියයට 15.1ක දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් බදු ප්‍රමාණයක් එකතු කරගත යුතුයි.
නමුත් මෙම ක්‍රියාවලියෙන් අපි එළියට එද්දි ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිවෙද්දි ඒ සහන නැවත එම කාර්මාන්තවල නිෂ්පාදනවලට දෙන්න හැකියාවක් තියෙනවා.
එතැනින් එහාට ගියාම විශේෂයෙන් බැංකු කේෂ්ත්‍රයේ සහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජනවලට බදු සහන ලබාදීමට නව රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියල්ල 17 අයවැයෙන් අපිට බලන්න පුළුවන්. අයවැය හරහා විශේෂයෙන් කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදෙන්න තමා රජය බලාපොරොත්තු වෙන්නේ. අනාගතයේ වසර කිහිපයක් තුළ කර්මාන්තවලට සුදුසු පරිසරයක් බිහිකිරීම තමා රජයේ අරමුණයි.
කර්මාන්ත සඳහා භාණ්ඩ ආනයනය කිරීමේ දී නව බදු ප්‍රතිපත්තියක් හඳුවාදීමට පියවර ගන්නවා. බදු ප්‍රතිපත්තියක් අපි අලුතින් ගේනවා ටැරිෆ් පොලිසි කියලා, ඒකෙදි නිෂ්පාදන යෙදවුම්වලට තියෙන බදු අඩු හෝ ඉවත් කිරීමට සඳහා තමා ඒ ප්‍රතිපත්තිය ගේන්නේ. හැම කර්මාන්තකරුවෙකුම තමන්ගේ ආනයනික නිෂ්පාදන යෙදවුම් මොනවාද කියන එක අවබෝධයක් ලබාගෙන තියෙනවා.
ඊළඟට අපේ කර්මාන්තවලට තියෙන ඊළඟ ගැටලුව තමා විශේෂයෙන් අපි කොච්චර මහන්සියෙන් මේ රටේ කර්මාන්ත, නිෂ්පාදන කළත් ඉතාමත් අඩු මිලට බදු නොගෙවා සමහර වෙලාවට ඉන්වොයිස් වැලියුව් එක පහළට දාලා ආනයනයන් සිදුවෙනවා. මේ සඳහා අපි ආරක්ෂණයක් ගේනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..