යාපනය තිස්ස විහාරයට එල්ල වී ඇති අන්තවාදි තර්ජන සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
යාපනය තිස්ස විහාරයට එල්ල වී ඇති අන්තවාදී තර්ජන සම්බන්ධයෙන්ශ වහාම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දේශාප්‍රේමී ජාතික බලවේගය විසින් පොලිස් මූලස්‌ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එමගින් ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම අනතුරුදායක තත්වය ගැන අවධානය යොමු කර , තිස්ස විහාරයේ සහ එහි ආගමික කටයුතු වල යෙදෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සැලසීමටත් ආගමික සංහිදියාව උල්ලංඝණය කරමින් රටේ නීතිය අභියෝගයට ලක්කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිමය ක්‍රියා මාර්ග කඩිනමින් ගන්නා ලෙසයි.
පොලිස්පපති තුමන් වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින්
නීතීඥ ප්‍රියන්ත වීරසුරිය,
පොලිස්පතිතුමා,
ශ්‍රි ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ 02.
යාපනය තිස්ස විහාරයට එල්ල වී ඇති අන්තවාදි තර්ජන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම.
ගරු පොලිස්පතිතුමනි,
යාපනය දිස්ත්‍රික්කයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථනයක් වන තිස්ස විහාරයට සහ එහි ආගමික කටයුතු වල නිරත බෞද්ධ බැතිමතුන්ට එම ප්‍රදේශයේ සිටින දෙමළ අන්තවාදි දේශපාලඥයන්ගේ සහ වර්ගවාදි අන්තවාදීන්ගේ තර්ජන එල්ල වන බව ඔබතුමා දැනටමත් දැනුවත්ව ඇත.
පසුගිය මාස ගණනාවක් පුරා, මෙම විහාරස්ථානයේ පැවත්වෙන මාසික ශිල සමාදාන වැඩසටහනට බාධා පමුණුවමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර පොන්නම්බලම් ඇතුළු දේශපාලඥයන් සහ ඔවුන්ගේ උසිගැන්වීම මත අන්තවාදින් විසින් කරනු ලබන ඊනීයා විරෝධතාවයන් නිසා එහි ආගමික කටයුතු වල නිරත බෞද්ධ පිරිස් බලවත් පීඩාවට ලක්ව ඇත.
මේ සමග අමුණා ඇති පසුගිය දිනවල සමාජමාධ්‍යයෙහි දෙමළ සහ සිංහල බසින් සංසරණය වු දැන්වීමක් ඔබතුමාගේ අවධානයට යොමු කරමු. එහි කතෘත්වය පිළිබඳව නිශ්චිත සාක්ෂියක් නොමැති වුවත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පරිභාහිරව තිස්ස විහාරය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ සමග සැලකීමේදි මෙවැනි අනතුරක් අත්‍යන්ත වශයෙන් තිබෙන බව අපගේ විශ්වාසයයි.
මේ සමග ඔබගේ අවධානයට යොමු කරනු ලබන අද “ද අයිලන්ඩ්” පුවත් පතේ පලවු දෙමළ ජාතික සන්ධානයේ නායක එස්. ශ්‍රිදරන්ගේ ප්‍රකාශයට අනුව ඔවුන් රජයේ අවසරය ඇතිව ඉදිකරනු ලැබු යාපනයේ තිස්ස විහාරය ඉවත් කිරිමට ජනතාව උසි ගන්වමින් සිටියි.
එල්ටීටීඊ ත්‍රස්තවාදින් එලවා දමන ලද යාපනයේ ජීවත් වු සිංහල ජනතාවට නැවත එහි පදිංචි වීමටත් රටේ සෑම පුරවැසියකුටම මෙන්ම ගෞරවනීය ජීවතයක් ගත කිරිමටත් අයිතිය තිබිය යුතුය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන්ගේ මෙම අන්තවාදි ක්‍රියාකලාපය හේතුවෙන් සෑම පුරවැසියකුටම රටේ ඕනෑම තැනක ජීවත් වීමට, කැමති ආගමක් ඇදහීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දි ඇති අයිතිය උල්ලංඝණය වනවා පමණක් නොව ව්‍යවස්ථාවේ 09 වගන්තියෙන් බුදු දහමට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය සහ රාජ්‍යයෙන් ලැබිය යුතු ආරක්ෂාවද අභියෝගයට ලක් කර ඇත. එසේම මෙම ක්‍රියාකලාපය දණ්ඩ නීතී සංග්‍රහයේ සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පණතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරන අපරාධමය කටයුත්තක් ද වන බව අපේ හැඟීමයි.
දකුණේ වැල්ලවත්ත, දෙහිවල ආදි ඕනෑම ප්‍රදේශයක දෙමළ හින්දු බැතිමතුන්ට ඔවුන්ගේ ආගමික කටයුතුවල සාමකාමිව නිරතවීමට ඇති අයිතිය සහ අවකාශය ඒ ආකාරයෙන්ම යාපනයේදි බෞද්ධයන්ටද ඇති බව නීතීය මගින් තහවුරු කර ඇති බව සනාථ කිරිම සංහිදියාව සඳහා අත්‍යාවශ්‍ය වේ.
එම නිසා උද්ගතව ඇති මෙම හදිසි අනතුරුදායක තත්වය ගැන අවධානය යොමු කර , තිස්ස විහාරයේ සහ එහි ආගමික කටයුතු වල යෙදෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සැලසීමටත් ආගමික සංහිදියාව උල්ලංඝණය කරමින් රටේ නීතිය අභියෝගයට ලක්කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිමය ක්‍රියා මාර්ග කඩිනමින් ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ස්තුතියි,
මධ්‍ය මණ්ඩලය, දේශප්‍රේමී ජාතික බලවේගය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..