
නවම් පුර පසළොස්වක පොහොය අදයි
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති වු දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුබෑ ජටිලයන් තම පිරිවර දහසක් සමග පැවිදි වීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීය පනහක භික්ෂු පිරිසද, යසකුල පුතු ඇතුළුපිරිසද වශයෙන් එක්දහස් තුන්සියය ඉක්ම වූ සංඝ සන්නිපාතයක් එදා නවම් මස පෝය දින රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමියේ රැස්ව සිටි විට එහිදී සුවිශේෂ කරුණු කීපයක්ම සිදුවූ වග ඉතිහාසයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් හා වමත් සව් වශයෙන් සැරියුත් මුගලන් දෙනම තනතුරුවලට පත් කෙරුණේ එදින රැස්වූ ඒ මහා සංඝ සභාව මධ්‍යයේය. බුදුරජාණන් වහන්සේ එසේ සිදුකළ පදවි ප්‍රදානය ප්‍රථම වතාවට සසුන්හි තනතුරු පිරිනැමීම මෙහිදී සිදුවූවත් ඒ දෙනමට ප්‍රථම සංඝ සමාජයට ඇතුළු වූ හිමිවරුන් සිටියදී නවක දෙනමකට පදවි පිරිනැමීම "මූණ බලා" සිදුකළ එකක් බවට බුදුහිමියන් වෙතට සංඝයාගෙන් චෝදනා එල්ල වුණා.
විශේෂයෙන්ම බුදු හිමියන් හා ගිහිකළ එක්ව සිටි ඡන්න හිමියන් (ඡන්න ඇමැති) තනතුරු ප්‍රදානයේ දී තමා අමතක කළ බවට චෝදනා කරමින් බුදු සසුන්හි පළමුවරට අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ බව සඳහන් වේ.
බුදුන් වහන්සේ ඊට පිළිතුරු දෙමින් මේ අවස්ථාව දක්වා සංඝ සමාජයට ඇතුළත් වූ කිසිම හිමිනමක් පෙර අත් භවවලදී අගසව් තනතුරු නොපැතූ අතර මෙම සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතමින් පින් රැස්කළ බව පැහැදිලි කරමින් අපදාන පාලි දේශනාවෙන් අතීත කතාව ගෙනහැර පා සංඝයා අතරවූ දුර්මත නැති කළ බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.
මෙම පෝය දින වැදගත් වන තවත් එක් කරුණක් වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා ආයු සංස්කාරය අතහැරීමට තීරණය කර ප්‍රකාශ කිරීමයි.
මෙම අවස්ථාව වන විට බුදුරජාණන් වහන්සේ අග්‍ර උස්ථායක ආනන්ද හිමියන් සමග රජගහ නුවර චාපාල චෛත්‍ය නම්වූ ස්ථානයේ වැඩ විසූහ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ලෙසට බුදුවරයකුගේ ආයු සංස්කාරය අත්හැරීම් අටක් පිළිබඳව ආනන්ද හිමිට දේශනා කොට තිබේ.
"ඡන්ද, වීරිය, චිත්ත, විමංසා" යන සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයකුට කල්පයක් කාලයක් වැඩ සිටිය හැකි බවද බුදුහිමි තෙවරක්ම ආනන්ද හිමිට ප්‍රකාශ කළද ආනන්ද හිමියන්ට පවසනවිට දී ආනන්ද හිමියන්ට ඒ සැබෑ අර්ථය කුමක් දැයි නොවැටෙන අයුරින් මාර දිව්‍ය පුත්‍රයා උන් වහන්සේගේ මනස ව්‍යාකූල කළ බව සඳහන් වෙයි.
මෙහිදී බුදුරජාණන් වහන්සේ තෙවරක් පවසා සිටිය ද ආනන්ද හිමියන් ඊට ප්‍රතිචාර දක්වා නොමැති හෙයින් මාර දිව්‍ය පුත්‍ර බුදුරජාණන් වහන්සේට මෙය ඔබ වහන්සේට පිරිනිවන් පෑමට කාලයයි පිරිනිවන් පානු මැනවි කියා දන්වා සිටි බව සඳහන්වේ.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ “මාර දිව්‍ය පුත්‍රයාගේ ආරාධනය පිළිගත් පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වේ.”
එසේම බුද්ධ ශාසනයේ “පළමු සංඝ සම්මේලනය” සිදු කළ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය සුවිශේෂී වේ.
භික්ෂු ශාසනයේ උන්නතිය උදෙසා “පළමු නීති මාලාවක්” පැනවූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හඳුන්වාදිය හැකිය.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ අරභයා “ඕවාද ප්‍රාතිමෝක්ෂය” දේශනා කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
භික්ෂු ශාසනය වර්ධනය වීමත් සමග බොහෝ පිරිස් බුද්ධ ශාසනයට ඇතුළත් විණ. ජීවිතයේ යථාර්ථය සෙවීමට වඩා පහසුවෙන් ජීවිකාව ගොඩනඟා ගැනීමට හැකි මාර්ගයක් ලෙස බොහෝදෙනා භික්ෂු ශාසනයට ඇතුළත් වීම හේතුවෙන් බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළහ.
“ආනාප්‍රාතිමෝක්ෂය” පැනවූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය සුවිශේෂී වේ. බුද්ධ ශාසනයට ඇතුළත් වූ භික්ෂුන් වහන්සේ නිසා නොයෙක් ගැටලුකාරි තත්ත්වයන් ඇති විණ. ඒ අනුව මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා ආනාප්‍රාතිමෝක්ෂ නමින් බුදුන් වහන්සේ ශික්ෂා පදයක් පැනවීම සිදු කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
