නවම් පුර පසළොස්වක පොහොය අදයි
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඇතැම් භික්ෂුන් තුළ ඇති වු දුර්මත දුරු කිරීමට ඕවාද පාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදුහිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුබෑ ජටිලයන් තම පිරිවර දහසක් සමග පැවිදි වීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීය පනහක භික්ෂු පිරිසද, යසකුල පුතු ඇතුළුපිරිසද වශයෙන් එක්දහස් තුන්සියය ඉක්ම වූ සංඝ සන්නිපාතයක් එදා නවම් මස පෝය දින රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමියේ රැස්ව සිටි විට එහිදී සුවිශේෂ කරුණු කීපයක්ම සිදුවූ වග ඉතිහාසයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් හා වමත් සව් වශයෙන් සැරියුත් මුගලන් දෙනම තනතුරුවලට පත් කෙරුණේ එදින රැස්වූ ඒ මහා සංඝ සභාව මධ්‍යයේය. බුදුරජාණන් වහන්සේ එසේ සිදුකළ පදවි ප්‍රදානය ප්‍රථම වතාවට සසුන්හි තනතුරු පිරිනැමීම මෙහිදී සිදුවූවත් ඒ දෙනමට ප්‍රථම සංඝ සමාජයට ඇතුළු වූ හිමිවරුන් සිටියදී නවක දෙනමකට පදවි පිරිනැමීම "මූණ බලා" සිදුකළ එකක් බවට බුදුහිමියන් වෙතට සංඝයාගෙන් චෝදනා එල්ල වුණා.
විශේෂයෙන්ම බුදු හිමියන් හා ගිහිකළ එක්ව සිටි ඡන්න හිමියන් (ඡන්න ඇමැති) තනතුරු ප්‍රදානයේ දී තමා අමතක කළ බවට චෝදනා කරමින් බුදු සසුන්හි පළමුවරට අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ බව සඳහන් වේ.
බුදුන් වහන්සේ ඊට පිළිතුරු දෙමින් මේ අවස්ථාව දක්වා සංඝ සමාජයට ඇතුළත් වූ කිසිම හිමිනමක් පෙර අත් භවවලදී අගසව් තනතුරු නොපැතූ අතර මෙම සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතමින් පින් රැස්කළ බව පැහැදිලි කරමින් අපදාන පාලි දේශනාවෙන් අතීත කතාව ගෙනහැර පා සංඝයා අතරවූ දුර්මත නැති කළ බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.
මෙම පෝය දින වැදගත් වන තවත් එක් කරුණක් වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා ආයු සංස්කාරය අතහැරීමට තීරණය කර ප්‍රකාශ කිරීමයි.
මෙම අවස්ථාව වන විට බුදුරජාණන් වහන්සේ අග්‍ර උස්ථායක ආනන්ද හිමියන් සමග රජගහ නුවර චාපාල චෛත්‍ය නම්වූ ස්ථානයේ වැඩ විසූහ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ලෙසට බුදුවරයකුගේ ආයු සංස්කාරය අත්හැරීම් අටක් පිළිබඳව ආනන්ද හිමිට දේශනා කොට තිබේ.
"ඡන්ද, වීරිය, චිත්ත, විමංසා" යන සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයකුට කල්පයක් කාලයක් වැඩ සිටිය හැකි බවද බුදුහිමි තෙවරක්ම ආනන්ද හිමිට ප්‍රකාශ කළද ආනන්ද හිමියන්ට පවසනවිට දී ආනන්ද හිමියන්ට ඒ සැබෑ අර්ථය කුමක් දැයි නොවැටෙන අයුරින් මාර දිව්‍ය පුත්‍රයා උන් වහන්සේගේ මනස ව්‍යාකූල කළ බව සඳහන් වෙයි.
මෙහිදී බුදුරජාණන් වහන්සේ තෙවරක් පවසා සිටිය ද ආනන්ද හිමියන් ඊට ප්‍රතිචාර දක්වා නොමැති හෙයින් මාර දිව්‍ය පුත්‍ර බුදුරජාණන් වහන්සේට මෙය ඔබ වහන්සේට පිරිනිවන් පෑමට කාලයයි පිරිනිවන් පානු මැනවි කියා දන්වා සිටි බව සඳහන්වේ.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ “මාර දිව්‍ය පුත්‍රයාගේ ආරාධනය පිළිගත් පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වේ.”
එසේම බුද්ධ ශාසනයේ “පළමු සංඝ සම්මේලනය” සිදු කළ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය සුවිශේෂී වේ.
භික්ෂු ශාසනයේ උන්නතිය උදෙසා “පළමු නීති මාලාවක්” පැනවූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හඳුන්වාදිය හැකිය.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ අරභයා “ඕවාද ප්‍රාතිමෝක්ෂය” දේශනා කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
භික්ෂු ශාසනය වර්ධනය වීමත් සමග බොහෝ පිරිස් බුද්ධ ශාසනයට ඇතුළත් විණ. ජීවිතයේ යථාර්ථය සෙවීමට වඩා පහසුවෙන් ජීවිකාව ගොඩනඟා ගැනීමට හැකි මාර්ගයක් ලෙස බොහෝදෙනා භික්ෂු ශාසනයට ඇතුළත් වීම හේතුවෙන් බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළහ.
“ආනාප්‍රාතිමෝක්ෂය” පැනවූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය සුවිශේෂී වේ. බුද්ධ ශාසනයට ඇතුළත් වූ භික්ෂුන් වහන්සේ නිසා නොයෙක් ගැටලුකාරි තත්ත්වයන් ඇති විණ. ඒ අනුව මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා ආනාප්‍රාතිමෝක්ෂ නමින් බුදුන් වහන්සේ ශික්ෂා පදයක් පැනවීම සිදු කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..