
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සිරිල් ගාමිණි පියතුමාගේ සාක්කුවේ
පදනම් විරහිතව පාස්කු ප්‍රහාරයේ වගකීම ඇතැමුන් විසින් මෙරට බුද්ධි අංශ මත පැටවීමට යාම බෞද්ධයින් සහ කතෝලිකයින් අතර ගැටුමක් නිර්මාණය කිරීමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (10) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
"පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටින බවත් තමන් ඔහුව හෙලි කර ගන්නා බවත් පොරොන්දු වී බලයට පැමිණි මේ ආණ්ඩුව අසාද් මවුලානා සිදු කළ අපරාධ හතරකට නඩු නොපැවරීමේ පොරොන්දුව මත ඔහු ලවා මහ මොලකරුවෙකු නිෂ්පාදනය කිරීමේ වංචනික කටයුත්තේ යෙදී සිටින බව අපි පසුගිය සතියේ හෙලි කළා.
අසාද් මවුලානා නිදහස් කෙරෙන අපරාධ හතර මොනවාද? පාස්කු ප්‍රහාරකයින්ට උදව් කිරීම, ව්‍යාජ නමකින් පෙනී සිට විවාහයක් කර ගැනීම, ගිණුමේ මුදල් නොමැතිව ලක්ෂ විස්සක චෙක්පතක් ලබා දී වංචාවක් සිදු කිරීම සහ නීති විරෝධිව රටින් පලා යෑම ඒ අපරාධ හතරයි. අපි එදා කිව්වේ මවුලානා ගෙන්වා ගෙන ඕනෑම ප්‍රකාශයක් ලබා ගැනීමට අපි විරුද්ධ නෑ.
නමුත් අපරාධ හතරට හිලව් වෙන්න පොලිසියට අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනීමේ වංචාව සිදු නොවිය යුතුයි. ජනවාරි 21 දා මවුලානාට එරෙහිව කල්මුනේ මහෙස්ත්‍රාත් උසාවියෙන් පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමෙන් මේ කතාව තහවුරු වෙනවා. තමන්ට සඟවා ගැනීමට දේවල් නොමැති සාධාරණ විමර්ශනයක් වෙනවා දකින්න කැමැති කාගේත් ස්ථාවරය විය යුත්තේ අපේ ස්ථාවරයමයි.
මේ තත්වය උඩ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකගෙන් මම ප්‍රශ්න අටක් ඇහුව්වා. මම අවංකවම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විධියට හිතාගෙන හිටියේ නලින්ද ජයතිස්ස ඇමතිතුමා. බැලින්නම් දැන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරන්නේ සිරිල් ගාමිණි පියතුමා. එතුමා මාධ්‍ය හමුවක් පවත්වලා මම අහපු ප්‍රශ්න අටට පිලිතුරු දෙනවා වෙනුවට මට මඩ ගැසීමට උත්සාහ කලා. එතුමා කියන විධියට මම දේශපාලකයාගේ කාර්යභාරය ඉටු නොකර විමර්ශන වලට ඇඟිලි ගහනවාලු.
විපක්ෂයේ දේශපාලකයින්ගේ කාර්යභාරය තමයි ආණ්ඩුවේ දූෂණ සහ වංචා හෙලිදරව් කිරීම. මම ඉටු කරන්නේ ඒ කාර්යභාරය තමයි. ඇත්තටම විමර්ශන වලට බාධා කරන්නේ සිරිල් පියතුමා. එතුමා විසින් 2024 සැප්තැම්බර් 17 දා සුනන්ද දේශප්‍රිය මහතාගේ පොත් නිකුතුවක දී පොලීසිය සොයන මහ මොලකරු ගැන හෙලි කරනවා. මම ඒ වීඩියෝව දැන් දාන්නම්
අබු හින්ද් කියන පුද්ගලයා තමයි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කියලා සිරිල් පියතුමා කියනවා. ඔය අතරේ මහ මොලකරු සොයන්නේ නෑ කියලා කාදිනල්තුමා ආණ්ඩුවට දොස් කියනවා. ඇත්තටම මහ මොලකරු ගැන සිරිල් පියතුමා දන්නවා නම් එතුමා ඒක කියන්න ඕනි මාධ්‍ය ඉදිරියේ දී හෝ උත්සව සභා වල දී නොවේ. පොලිසියට. ඊට පස්සේ එතුමාගේ ප්‍රධානියා වන කාදිනල්තුමන්ට. අපරාධයක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් කියන එක පියතුමාට කියන්න ඕනි.
කොහොමත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කිරීම වගේම විමර්ශන වලට ඇඟිලි ගැසීමත් කිතු දහමට පටහැනි බව එතුමා දන්නේ නැතිව ඇති. එතුමා බයිබලය කියවා ඇත්නම් මැතිව්හි 22:21 ඡේදය නොදැන ඉන්න බෑ. “සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවියන්ට අයිති දේ දෙවියන්ට දෙන්න”. එතැන දී ජේසුතුමා කියන්නේ ආගම සහ රාජ්‍ය පාලනය වෙන් කර ගන්න කියලයි.
මම විපක්ෂයේ දේශපාලකයෙකු ලෙස ආණ්ඩුවේ දූෂණ හෙලි කරන්නම්. ඔබ පූජකයෙකු ලෙස දේව ධර්මය හදාරා එය බැතිමතුන්ට කියා දෙන්න. බැතිමතුන් වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරන්න. පොලිස් විමර්ශන තුල වංචා සිදු වෙනවා නම් අපි හැමෝම ඊට එරෙහිව හඬ නගමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
බක් පුර පසළොස්වක පොහොය අදයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි
ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන
ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?
දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව
මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව
වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්
ට්‍රම්ප්ගේ තීරු බද්ද ලංකාව ඇතුළු රටවල් රැසකට අත්හිටුවයි
ලෝක නායකයින් තීරු බදු ඉවත් කර ගැනීමට මගේ පස්ස සිප ගනිමින් සිටිනවා- ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු රාත්‍රී භෝජන සංග්‍රහයේදී පවසයි (වීඩියෝ )
මෝදි නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කරලා...
සත්‍ය සෙවීමේ කොමිසම ‘‘මිලේනියමි සිටි බුද්ධි නිලධාරීන්“ පාවාදීමට වඩා බරපතළයි
බ්‍රිතාන්‍ය රජයේ රණවිරු තහනමේ අවසන් අරමුණ ජිහාන් පෙරේරාගෙන් එළියට
104 % ක තීරු බදු පනවමින් ට්‍රම්ප්ගෙන් චීනයට 'ආඩම්බරකාර' ප්‍රහාරයක්
