පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සිරිල් ගාමිණි පියතුමාගේ සාක්කුවේ
පදනම් විරහිතව පාස්කු ප්‍රහාරයේ වගකීම ඇතැමුන් විසින් මෙරට බුද්ධි අංශ මත පැටවීමට යාම බෞද්ධයින් සහ කතෝලිකයින් අතර ගැටුමක් නිර්මාණය කිරීමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (10) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
"පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටින බවත් තමන් ඔහුව හෙලි කර ගන්නා බවත් පොරොන්දු වී බලයට පැමිණි මේ ආණ්ඩුව අසාද් මවුලානා සිදු කළ අපරාධ හතරකට නඩු නොපැවරීමේ පොරොන්දුව මත ඔහු ලවා මහ මොලකරුවෙකු නිෂ්පාදනය කිරීමේ වංචනික කටයුත්තේ යෙදී සිටින බව අපි පසුගිය සතියේ හෙලි කළා.
අසාද් මවුලානා නිදහස් කෙරෙන අපරාධ හතර මොනවාද? පාස්කු ප්‍රහාරකයින්ට උදව් කිරීම, ව්‍යාජ නමකින් පෙනී සිට විවාහයක් කර ගැනීම, ගිණුමේ මුදල් නොමැතිව ලක්ෂ විස්සක චෙක්පතක් ලබා දී වංචාවක් සිදු කිරීම සහ නීති විරෝධිව රටින් පලා යෑම ඒ අපරාධ හතරයි. අපි එදා කිව්වේ මවුලානා ගෙන්වා ගෙන ඕනෑම ප්‍රකාශයක් ලබා ගැනීමට අපි විරුද්ධ නෑ.
නමුත් අපරාධ හතරට හිලව් වෙන්න පොලිසියට අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනීමේ වංචාව සිදු නොවිය යුතුයි. ජනවාරි 21 දා මවුලානාට එරෙහිව කල්මුනේ මහෙස්ත්‍රාත් උසාවියෙන් පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමෙන් මේ කතාව තහවුරු වෙනවා. තමන්ට සඟවා ගැනීමට දේවල් නොමැති සාධාරණ විමර්ශනයක් වෙනවා දකින්න කැමැති කාගේත් ස්ථාවරය විය යුත්තේ අපේ ස්ථාවරයමයි.
මේ තත්වය උඩ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකගෙන් මම ප්‍රශ්න අටක් ඇහුව්වා. මම අවංකවම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විධියට හිතාගෙන හිටියේ නලින්ද ජයතිස්ස ඇමතිතුමා. බැලින්නම් දැන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරන්නේ සිරිල් ගාමිණි පියතුමා. එතුමා මාධ්‍ය හමුවක් පවත්වලා මම අහපු ප්‍රශ්න අටට පිලිතුරු දෙනවා වෙනුවට මට මඩ ගැසීමට උත්සාහ කලා. එතුමා කියන විධියට මම දේශපාලකයාගේ කාර්යභාරය ඉටු නොකර විමර්ශන වලට ඇඟිලි ගහනවාලු.
විපක්ෂයේ දේශපාලකයින්ගේ කාර්යභාරය තමයි ආණ්ඩුවේ දූෂණ සහ වංචා හෙලිදරව් කිරීම. මම ඉටු කරන්නේ ඒ කාර්යභාරය තමයි. ඇත්තටම විමර්ශන වලට බාධා කරන්නේ සිරිල් පියතුමා. එතුමා විසින් 2024 සැප්තැම්බර් 17 දා සුනන්ද දේශප්‍රිය මහතාගේ පොත් නිකුතුවක දී පොලීසිය සොයන මහ මොලකරු ගැන හෙලි කරනවා. මම ඒ වීඩියෝව දැන් දාන්නම්
අබු හින්ද් කියන පුද්ගලයා තමයි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කියලා සිරිල් පියතුමා කියනවා. ඔය අතරේ මහ මොලකරු සොයන්නේ නෑ කියලා කාදිනල්තුමා ආණ්ඩුවට දොස් කියනවා. ඇත්තටම මහ මොලකරු ගැන සිරිල් පියතුමා දන්නවා නම් එතුමා ඒක කියන්න ඕනි මාධ්‍ය ඉදිරියේ දී හෝ උත්සව සභා වල දී නොවේ. පොලිසියට. ඊට පස්සේ එතුමාගේ ප්‍රධානියා වන කාදිනල්තුමන්ට. අපරාධයක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් කියන එක පියතුමාට කියන්න ඕනි.
කොහොමත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කිරීම වගේම විමර්ශන වලට ඇඟිලි ගැසීමත් කිතු දහමට පටහැනි බව එතුමා දන්නේ නැතිව ඇති. එතුමා බයිබලය කියවා ඇත්නම් මැතිව්හි 22:21 ඡේදය නොදැන ඉන්න බෑ. “සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවියන්ට අයිති දේ දෙවියන්ට දෙන්න”. එතැන දී ජේසුතුමා කියන්නේ ආගම සහ රාජ්‍ය පාලනය වෙන් කර ගන්න කියලයි.
මම විපක්ෂයේ දේශපාලකයෙකු ලෙස ආණ්ඩුවේ දූෂණ හෙලි කරන්නම්. ඔබ පූජකයෙකු ලෙස දේව ධර්මය හදාරා එය බැතිමතුන්ට කියා දෙන්න. බැතිමතුන් වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරන්න. පොලිස් විමර්ශන තුල වංචා සිදු වෙනවා නම් අපි හැමෝම ඊට එරෙහිව හඬ නගමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..