ආණ්ඩුවට හාල් ප්‍රශ්නය විසඳන්න බැහැ – මුදලාලිලා වැඩි මිලට වී ගත්තත් සහල් පාලන මිල වෙනස් කරන්න එපා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති
රජය නියම කර ඇති මිලට වඩා වැඩි මිලට සහල් ව්‍යාපාරිකයන් වී මිලදී ගත්තත් සහල් සඳහා නියම කර ඇති ‘සහල් පාලන මිල’ කිසිසේත් වෙනස් නොකරන්නැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා රජයෙන් ඉල්ලා සිටී.
රජය වී මිල තීරණය කර රජයට වී ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් රජයට වී නොදෙන තත්ත්වයක් ඇති බවත් රජය තීරණය කර ඇති මිලට වඩා වැඩි මිලකට මහා පරිමාණ සහල් කර්මාන්තකරුවන් වී තොග රැස් කරමින් සිටින බවත් ඔහු කීය. මේ වනවිට මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ද මුදල් ලබාදී ඔවුන්ගේ නමින් වී එක් රැස් කර මහා පරිමාණ සහල් ගබඩාවල අඩුවන ප්‍රමාණයට එම වී තොග ගෙන්වා ගන්නා බවත් ඔහු පැවැසීය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතුව මුදල් නොමැති නිසා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් මෙය සිදු කරන බවද ඔහු කියා සිටියේය.
පාලන මිලට වැඩියෙන් සහල් ව්‍යාපාරිකයන් වී මිලදී ගෙන සහල් මිල පාලන ගැසට්ටුව වෙනස් කරන ලෙස ඉල්ලීම් කළ හැකි බවත්, පාලන මිල වෙනස් කරනවාට වඩා මහා පරිමාණ, මධ්‍ය සහ සුළු පරිමාණ සහල් නිෂ්පාදකයන්ට අවශ්‍ය යන්ත්‍ර උපකරණ ගෙන්වීමේදී අයකරන සියයට 18ක වැට් බද්ද සහ රු. 2.50 ක් වූ සමාජ ආරක්‍ෂණ බද්ද ඉවත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
රජය වී මිලදී ගැනීමට වෙන් කර ඇති මුදල රටේ සහල් අවශ්‍යතාවෙන් දින හතරකට එක වේලකට ප්‍රමාණවත් බවද ඔහු කීය. රජයේ වී ගබඩාවල වී මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක්වත් ගබඩා කර නොහැකි බව පැවැසූ සභාපතිවරයා රජයට සහල් ප්‍රශ්නය විසඳිය නොහැකි බවද කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ