
ආණ්ඩුවට හාල් ප්‍රශ්නය විසඳන්න බැහැ – මුදලාලිලා වැඩි මිලට වී ගත්තත් සහල් පාලන මිල වෙනස් කරන්න එපා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති
රජය නියම කර ඇති මිලට වඩා වැඩි මිලට සහල් ව්‍යාපාරිකයන් වී මිලදී ගත්තත් සහල් සඳහා නියම කර ඇති ‘සහල් පාලන මිල’ කිසිසේත් වෙනස් නොකරන්නැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා රජයෙන් ඉල්ලා සිටී.
රජය වී මිල තීරණය කර රජයට වී ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් රජයට වී නොදෙන තත්ත්වයක් ඇති බවත් රජය තීරණය කර ඇති මිලට වඩා වැඩි මිලකට මහා පරිමාණ සහල් කර්මාන්තකරුවන් වී තොග රැස් කරමින් සිටින බවත් ඔහු කීය. මේ වනවිට මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ද මුදල් ලබාදී ඔවුන්ගේ නමින් වී එක් රැස් කර මහා පරිමාණ සහල් ගබඩාවල අඩුවන ප්‍රමාණයට එම වී තොග ගෙන්වා ගන්නා බවත් ඔහු පැවැසීය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතුව මුදල් නොමැති නිසා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් මෙය සිදු කරන බවද ඔහු කියා සිටියේය.
පාලන මිලට වැඩියෙන් සහල් ව්‍යාපාරිකයන් වී මිලදී ගෙන සහල් මිල පාලන ගැසට්ටුව වෙනස් කරන ලෙස ඉල්ලීම් කළ හැකි බවත්, පාලන මිල වෙනස් කරනවාට වඩා මහා පරිමාණ, මධ්‍ය සහ සුළු පරිමාණ සහල් නිෂ්පාදකයන්ට අවශ්‍ය යන්ත්‍ර උපකරණ ගෙන්වීමේදී අයකරන සියයට 18ක වැට් බද්ද සහ රු. 2.50 ක් වූ සමාජ ආරක්‍ෂණ බද්ද ඉවත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
රජය වී මිලදී ගැනීමට වෙන් කර ඇති මුදල රටේ සහල් අවශ්‍යතාවෙන් දින හතරකට එක වේලකට ප්‍රමාණවත් බවද ඔහු කීය. රජයේ වී ගබඩාවල වී මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක්වත් ගබඩා කර නොහැකි බව පැවැසූ සභාපතිවරයා රජයට සහල් ප්‍රශ්නය විසඳිය නොහැකි බවද කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
