
නීතිපති කරන කියන දේ ජනතාවට දැනගන්න පුළුවන් වෙන්න අලුත් නීතියක් ගේනවා - ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම
නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම්දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ජාතික පුවත්පතකට පවසා ඇත.
ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම කරුණ සඳහන්ව ඇති බවද ඔහු කියයි.
නීතිපතිවරයා යනු රාජ්‍ය පාලනයෙන් කොටසක් යැයි කී හෙතෙම ඒ අනුව නීතිපතිවරයා මහජනයාට පිළිතුරු දීම රාජ්‍ය පාලනයේ වගවීමේ කොටසක් යැයි අවධාරණය කරයි.
සමාජයීය වශයෙන් ඉහළ අවධානයක් යොමු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය වැනි සිදුවීමකදී එහි විත්තිකරුවන් නිදහස් කිරීම ගැන රටට කරුණු පැහැදිලි කිරීමට නීතිපතිවරයාට යුතුකමක් ඇතැයිද ජනාධිපති නීතිඥවරයා පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල විශ්වසනීයත්වය බිඳවැටෙන්නේ එවැනි අවස්ථාවල මුනිවත රකින ප්‍රතිපත්තියෙන් යැයි හෙතෙම කියයි.
මහින්ද රාප්පක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන ආණ්ඩු කාලවලදී සුවිශේෂී නඩුවලින් ඇතැම් පුද්ගලයන් නිදහස් කිරීමට නීතිපතිවරයා කටයුතු කළේ යැයිද, මහජනතාව ජාතික ජන බලවේගයට රාජ්‍ය බලය ලබාදුන්නේද එවැනි තත්ත්වයන් වැළැක්වීමට යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
