විදුලි කප්පාදුවක් එයි ද? අවසන් තීන්දුව අද
දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳ කෙටි කාලීන වාර්තාවක් අද විදුලි බල අමාත්‍යාංශයට ලබාදෙන බව විදුලි බල මණ්ඩලය පවසයි.
එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, එකවර රට පුරා විදුලිය බිඳ වැටීමට හේතු ඉන් අනාවරණය කරන බවයි.
ඉදිරියේදී විදුලිය කප්පාදුවක් කළ යුතු ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
පවතින තත්වය තුළ ඇති විය හැකි හදිසි විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන්, අධ්‍යයනය කරමින් ඇතැයි ද, ඔහු පැවසුවේ ය.
ඒ අනුව දෛනිකව අඛණ්ඩ විදුලි සැපයුම ලබාදීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඊයේ පෙරවරු 11 ත් 12 ත් අතර එලෙස දිවයින පුරා විදුලිය සැපයුම බිඳ වැටුණි.
ඊට හේතුවූයේ පානදුර ග්‍රීඩ් උපපොළේ ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වයකි.
එම සිදුවීමත් සමග සමස්ත විදුලි බල පද්ධතියේ සමතුලිතතාව බිඳ වැටීමෙන් විදුලිය සැපයුම අඩාල වූ බව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ ය.
එලෙස විදුලිය සැපයුම අඩාලව පැවති කාලය පැය 5කට ආසන්නයි.
පසුගිය ආණ්ඩුවල සැලසුම් රහිත අදූර්දර්ශී වැඩපිළිවෙළ ඊට හේතුවූ බව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත්, තවදුරටත් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය තත්වයේ පවතියි.
මෙගාවොට් 300 බැඟින් ඉන් ජාතික විදුලි පද්ධතියට එක් කෙරෙන සම්පූර්ණ විදුලි ධාරිතාව, මෙගාවොට් 900 කි.
විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බවයි.
එතෙක් විදුලි උත්පාදන කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් අද පැහැදිලි කිරීමක් කරන බව, ඔහු සඳහන් කළේ ය.
මේ අතර , පවතින වැසි රහිත කාලගුණික තත්වය මාර්තු අග දක්වා පැවතිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ජනවාරි මාසයට සාපේක්ෂව මේ මාසයේ වැසි රහිත කාලගුණයක් පවතින බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්