
විදුලි කප්පාදුවක් එයි ද? අවසන් තීන්දුව අද
දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳ කෙටි කාලීන වාර්තාවක් අද විදුලි බල අමාත්‍යාංශයට ලබාදෙන බව විදුලි බල මණ්ඩලය පවසයි.
එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, එකවර රට පුරා විදුලිය බිඳ වැටීමට හේතු ඉන් අනාවරණය කරන බවයි.
ඉදිරියේදී විදුලිය කප්පාදුවක් කළ යුතු ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
පවතින තත්වය තුළ ඇති විය හැකි හදිසි විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන්, අධ්‍යයනය කරමින් ඇතැයි ද, ඔහු පැවසුවේ ය.
ඒ අනුව දෛනිකව අඛණ්ඩ විදුලි සැපයුම ලබාදීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඊයේ පෙරවරු 11 ත් 12 ත් අතර එලෙස දිවයින පුරා විදුලිය සැපයුම බිඳ වැටුණි.
ඊට හේතුවූයේ පානදුර ග්‍රීඩ් උපපොළේ ඇති පද්ධතියේ වඳුරෙකු ගැටීමෙන් ඇතිවූ හදිසි ආපදා තත්ත්වයකි.
එම සිදුවීමත් සමග සමස්ත විදුලි බල පද්ධතියේ සමතුලිතතාව බිඳ වැටීමෙන් විදුලිය සැපයුම අඩාල වූ බව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ ය.
එලෙස විදුලිය සැපයුම අඩාලව පැවති කාලය පැය 5කට ආසන්නයි.
පසුගිය ආණ්ඩුවල සැලසුම් රහිත අදූර්දර්ශී වැඩපිළිවෙළ ඊට හේතුවූ බව, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත්, තවදුරටත් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීය තත්වයේ පවතියි.
මෙගාවොට් 300 බැඟින් ඉන් ජාතික විදුලි පද්ධතියට එක් කෙරෙන සම්පූර්ණ විදුලි ධාරිතාව, මෙගාවොට් 900 කි.
විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බවයි.
එතෙක් විදුලි උත්පාදන කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් අද පැහැදිලි කිරීමක් කරන බව, ඔහු සඳහන් කළේ ය.
මේ අතර , පවතින වැසි රහිත කාලගුණික තත්වය මාර්තු අග දක්වා පැවතිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ජනවාරි මාසයට සාපේක්ෂව මේ මාසයේ වැසි රහිත කාලගුණයක් පවතින බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
