
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව අද සිට 13 වනදා දක්වා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය.
ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොඩ් බින් සයිඩ් අල් නහියන් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එරට උප ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වන ශෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් හමුවීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන් සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත තිබේ.
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ මාධ්‍ය යන අංශවල ලොව ප්‍රමුඛ පෙලේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
ඉදිරියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා - හරිනි අමරසූරිය
යුක්රේනයේ සුමි නගරයේ පැවැති යුක්රේන යුද හමුදා සම්මාන ප්‍රදානෝත්සවයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් - යුක්රේන මන්ත්‍රීවරයෙක් පවසයි
