පුංචි ඡන්දය අද නොවේ හෙට
පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැක්කේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වාදෙන්නේ පෙබරවාරි 18 වැනිදා ආරම්භ වන අයවැය විවාදයෙන් පසුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට තීරණයකට එළඹ තිබීමයි.
පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
පනත් කෙටුම්පතේ විධිවිධාන අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට පෙත්සම් කිහිපයක් ගොනුකර තිබේ.
මැතිවරණය කැඳවා කල් දැමූ පළාත් පාලන ආයතනවලට අදාළව අලුතින් නාමයෝජනා කැඳවීම සහ මැතිවරණ පැවැත්වීම සඳහා පනත් කෙටුම්පත මගින් විධිවිධාන සලසා ඇත.
Sunday Time වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත්තේ, අධිකරණයේ තීරණයෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් අලුතින් නාමයෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර එම පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු බව සහ මැතිවරණයට අවශ්‍ය කටයුතු සකස් කළ යුතු බවයි.
මෙම ක්‍රියාවලිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් සිදුවන බව ද ඔහු පවසයි..
සියලු පාර්ශ්ව එකඟ වුවහොත් අයවැය විවාදය අතරතුර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගැනීමට රජය කැමැත්ත පළකර තිබේ.
මෙම පනත ක්‍රියාත්මක වූ දින සිට මාස තුනකට නොඅඩු කාලයකදී මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු ආරම්භ කළ යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්