
පුංචි ඡන්දය අද නොවේ හෙට
පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැක්කේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වාදෙන්නේ පෙබරවාරි 18 වැනිදා ආරම්භ වන අයවැය විවාදයෙන් පසුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට තීරණයකට එළඹ තිබීමයි.
පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
පනත් කෙටුම්පතේ විධිවිධාන අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට පෙත්සම් කිහිපයක් ගොනුකර තිබේ.
මැතිවරණය කැඳවා කල් දැමූ පළාත් පාලන ආයතනවලට අදාළව අලුතින් නාමයෝජනා කැඳවීම සහ මැතිවරණ පැවැත්වීම සඳහා පනත් කෙටුම්පත මගින් විධිවිධාන සලසා ඇත.
Sunday Time වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත්තේ, අධිකරණයේ තීරණයෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් අලුතින් නාමයෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර එම පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු බව සහ මැතිවරණයට අවශ්‍ය කටයුතු සකස් කළ යුතු බවයි.
මෙම ක්‍රියාවලිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් සිදුවන බව ද ඔහු පවසයි..
සියලු පාර්ශ්ව එකඟ වුවහොත් අයවැය විවාදය අතරතුර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගැනීමට රජය කැමැත්ත පළකර තිබේ.
මෙම පනත ක්‍රියාත්මක වූ දින සිට මාස තුනකට නොඅඩු කාලයකදී මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු ආරම්භ කළ යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
