කාර්ය මණ්ඩල දීමනාවත් වියදමට ගන්න වුණා... මන්ත්‍රී අර්ජුනා පිළිගනී
යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමා මසකට රුපියල් 56,000ක වැටුපක්, රුපියල් 125,000ක ගමනාගමන දීමනාවක් ඇතුළුව රුපියල් 275,000ක පමණ වැටුප් සහ දීමනා ලබාගන්නා බවයි.
එහිදී තම බැංකු ණය ගෙවීම, ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම, පුත්‍රයාගේ පාසල් ගාස්තු ගෙවීම, නිවාස කුලී ආදී මාසික වියදම් පිළිබඳවද ඔහු පැහැදිලි කරයි.
පාර්ලිමේන්තුවෙන් ලැබෙන සමහර දීමනා මගින් කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු බඳවා ගැනීමට හැකි බව පවසන මන්ත්‍රීවරයා තම ඥාතියෙකු පර්යේෂණ නිලධාරියෙකු ලෙස පත්කර එම වැටුපත් තම පෞද්ගලික වියදම් සඳහා යොදා ගත් බවද පිළිගනී.
එලෙස පත්කළ ඥාතියා අවම වශයෙන් ඔහුට හිමි වැටුපෙන් කොටසක් හෝ ලබා දෙන ලෙස ඉල්ලා සිටි නමුත්, තමන්ට වියදම් සඳහා ප්‍රමාණවත් මුදලක් නොමැති බව පවසමින් එය ප්‍රතික්ෂේප කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
රාමක්‍රිෂ්ණ අරිවන්බන් මහතාගේ වැටුප උපයෝගී කරගෙන පමණක් තමන්ට ජීවිතය ගෙන යා හැකි බව එහිදී අර්චුනා සිනාසෙමින් පවසයි.
කෙසේවෙතත් මෙම හෙළිදරව්ව යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඔහුට සහය දැක්වූ අය අතර දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනා බවද වාර්තා වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ