
කාර්ය මණ්ඩල දීමනාවත් වියදමට ගන්න වුණා... මන්ත්‍රී අර්ජුනා පිළිගනී
යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමා මසකට රුපියල් 56,000ක වැටුපක්, රුපියල් 125,000ක ගමනාගමන දීමනාවක් ඇතුළුව රුපියල් 275,000ක පමණ වැටුප් සහ දීමනා ලබාගන්නා බවයි.
එහිදී තම බැංකු ණය ගෙවීම, ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම, පුත්‍රයාගේ පාසල් ගාස්තු ගෙවීම, නිවාස කුලී ආදී මාසික වියදම් පිළිබඳවද ඔහු පැහැදිලි කරයි.
පාර්ලිමේන්තුවෙන් ලැබෙන සමහර දීමනා මගින් කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු බඳවා ගැනීමට හැකි බව පවසන මන්ත්‍රීවරයා තම ඥාතියෙකු පර්යේෂණ නිලධාරියෙකු ලෙස පත්කර එම වැටුපත් තම පෞද්ගලික වියදම් සඳහා යොදා ගත් බවද පිළිගනී.
එලෙස පත්කළ ඥාතියා අවම වශයෙන් ඔහුට හිමි වැටුපෙන් කොටසක් හෝ ලබා දෙන ලෙස ඉල්ලා සිටි නමුත්, තමන්ට වියදම් සඳහා ප්‍රමාණවත් මුදලක් නොමැති බව පවසමින් එය ප්‍රතික්ෂේප කළ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
රාමක්‍රිෂ්ණ අරිවන්බන් මහතාගේ වැටුප උපයෝගී කරගෙන පමණක් තමන්ට ජීවිතය ගෙන යා හැකි බව එහිදී අර්චුනා සිනාසෙමින් පවසයි.
කෙසේවෙතත් මෙම හෙළිදරව්ව යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඔහුට සහය දැක්වූ අය අතර දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනා බවද වාර්තා වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
