
ජල පිරිපහදුව සදහා පිළිකාකාරකයක් ගෙන්වලා - චානක හෙළිකරයි
ජල පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද Hydrated lime නමැති සංයෝග තොගවල පිළිකාකාරක ක්‍රෝමියම් මට්ටම් අඩංගු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.
ජලය සහ අපජලය පිරිපහදු කිරීම සඳහා භාවිත කරන කැල්සියම් සංයෝගයක් වන Hydrated lime ශ්‍රී ලංකාව තුළ දැඩි පරීක්ෂණ ක්‍රියාවලියකට යටත් වේ.
ආනයනය කිරීමට පෙර ක්‍රෝමියම් අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවන් සාම්පල පරීක්ෂා කිරීම අවශ්‍ය බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
මීට අමතරව, ක්‍රෝමියම් මට්ටම කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 10 නොඉක්මවන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ISO ප්‍රමිතිගත රසායනාගාරයකදී සාම්පල පරීක්ෂා කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
පසුගිය සති දෙක තුළ Hydrated lime මෙට්‍රික් ටොන් 550ක් රැගත් කන්ටේනර් 27ක් ආරක්ෂිත සීමාවට වඩා ක්‍රෝමියම් මට්ටමින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව ඩී.වී. චානක මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ආනයනය කරන ස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ රසායනාගාරයක සිදුකරන ලද පරීක්ෂණවලදී කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 14 ක ක්‍රෝමියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 10ක ආරක්ෂිත සීමාව ඉක්මවන බව අනාවරණ වී ඇතයි ද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේ, සීමාව ඉක්මවා ගියත් තොග නිෂ්කාශනය කළේ කෙසේද යන්නයි.
නියමිත රසායනාගාරයෙන් ක්‍රෝමියම් ප්‍රමාණය අධික බව තහවුරු කිරීමෙන් පසු ජල සම්පාදන මණ්ඩලය විසින් එම සාම්පල පෞද්ගලික විද්‍යාගාරයකදී පරීක්‍ෂා කර එම ප්‍රතිඵලය වාර්තා කළ බවට ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
