
ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙවෙයි දුෂිත වෙලා තියෙන මානව සමාජයත් පිරිසිදු කරන වැඩසටහනක් - සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න
''ක්ලීන් ශ්‍රී ලංකා" කියන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙවෙයි දුෂිත වෙලා තියෙන මානව සමාජයත් පිරිසිදු කරන වැඩසටහනක් බවත් එමගින් මහ ජනතාවගේ සාරධර්ම සහ ගුණ යහපත්කම් වර්ධනය කර ගත හැකි බවත් සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න පවසනවා.
ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කලේ සබරගමු පළාත් මධ්‍ය පුස්තකාල ශ්‍රවණාගාරයේ අද (06) පැවති රත්න ශ්‍රි සමඟ සේකර ආයෙමත් කියවමු සාහිත්‍යය වැඩසටහනට සභාගී වෙමිනි.
එහිදී ආණ්ඩුකාරවරිය මේසේද පැවසුවා.
සාහිත්‍ය අධ්‍යන කරන්න ඕන.එතකොට අපේ මානසික සංවර්ධනය ඇති වෙනවා. ඒ මගින් මේ සාමාජය ඉතාමත් යහපත් වෙනවා. ඒ නිසා මා සාහිත්‍ය වැඩසටහන් සඳහා විශාල සහයක් දෙනවා. කුඩා දරුවන් විශේෂයෙන් අපි සාහිත්‍ය කලාව දෙසට යොමු කරන්න ඕන.
ජාතික ජන බලවේගේ ආණ්ඩුව විසින් සිදු කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනත් ඒ වගේ තමයි. මේ දුෂිත මානව සමාජය පිරිසිදු කරන වැඩ සටහනක්. මනාව සමජයේ නැතිවෙලා ගිහින් තියෙන සාරධර්ම ගුණයහපත් කම් අපි නැවත මතු කර ගන්න ඕන. එම ගුණයහපත්කම් ලගා කරන්න නම් අපි සාහිත්‍ය කලාව ඇසුරු කරන්න ඕන.. ඒ නිසා ක්ලීන් ශ්‍රි ලංකා කියන්නේ පරිසරය විතරක් පිරිසිදු කරන වැඩක් නෙවෙයි දූෂිතව වු මානව සමාජයත් පිරිහිදු කරන වැඩක්. අන්න ඒ නිසයි අපි සාහිත්‍ය කලා වැඩ සටහන් පවත්වන්න ඕන.. ඒ සඳහා පුර්ණ සහය ආණ්ඩුකාරවරිය වශයෙන ලබා දෙනවා.
ඒ සඳහා ප්‍රධාන දේශක ලෙස ජාතික පුස්තකාලේ හා ප්‍රලේඛන සේව මණ්ඩලයේ ගරු සභාපති සම්මානිත සාහිත්‍යවේදී රත්න ශ්‍රී විජේසංහ මහතා පැමිණියා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
