
ලසන්ත ඝාතනයේ සැකකරුවන් ගැන නීතිපතිවරයා විසින් ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් සිටිනවා - නලින්ද ජයතිස්ස
කුරිරු ලෙස ඝාතනය කර දැමූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව නීතිපතිවරයා විසින් ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
නීතිපතිවරයා විසින් ලබාදී ඇති තීන්දුව සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය නීතිමය මතය ලබාදී තිබුණේය.
මෙසේ නිදහස් කර හැරීමට නිර්දේශ කරන සැකකරුවන් වන්නේ යුද හමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අයයි.
හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල යනු එවකට ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වන අතර ඝාතනයෙන් පසු ලසන්තවික්‍රමතුංගගේ වැදගත් සටහන් රැසක් සහිත සටහන් පොත ඔහු භාරයට ගෙන තිබුණේය.
අනෙක් චූදිතයා වන්නේ එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර වන අතර ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත විනාශ කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
කෙසේ වෙතත් පසුව එම සටහන් පොතේ ඡායා පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයා ගත් අතර ඒ සටහන් අතර අවස්ථා රැසකදී ලසන්ත ලුහුබැඳ පැමිණි යතුරු පැදිවල අංකද වූ බව ඒ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වාර්තා කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
