අපට වගකීමේ යෂ්ටිය බාර වූ පරිද්දෙන් අනාගත දිනක වගකීමෙන් එය ඔබට බාර කරනු ලබනවා -ජනපති අනුර දිසානායක
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
කාලාන්තරයක් තිස්සේ යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කොට පාලනය කළ ජනවාර්ගික ආගමික කුලභේද පමණක් නොව දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර මුල් බැසගෙන ඇති අගතීන් සෝදා හැර සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙනවා.එසේම නූතන ලෝකයට අවශ්‍ය මානව ගරුත්වය ආදරය දයාව මානව සමාජයේ පදනම බව අපට ම අවධාරණය කර ගත යුතුයි.
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන්.
ගොවියන් ධීවරයන් ලෙස ඔබට එහි භූමිකාවක් තිබෙනවා.සියලුම ජනතාවට ඒ සඳහා සුවිශේෂී භූමිකාවක් තිබෙනවා.
තැලෙන පෑගෙන යටත් වැසියකු නොවී ආර්ථික තලයේ නිදහස සාක්ෂාත් කර කර ගන්න නම් අප සියලු දෙනා එක්ව මව්බිම වෙනුවෙන් කැපි විය යුතුව තිබෙනවා.
වෛරයෙන් ක්‍රෝධයෙන් අපවිත්‍ර කරනු ලැබූ ජාතික ආත්මය පවිත්‍ර කිරීම සඳහා ඔබට අත්හළ නොහැකි වගකීමක් තිබෙනවා.
අපට වගකීමේ යෂ්ටිය බාර වූ පරිද්දෙන් අනාගත දිනක වගකීමෙන් ඒ ඔබට බාර කරනු ලබනවා.
ඔබට අප විසින් භාර දෙනු ලබන රට අපට ඉතිහාසය විසින් භාර දුන් රට නොව දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක්.ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට කිසිදු යුක්ති සහගත බවක් නැහැ.අප එසේ නොකළ බවට අනාගතය සාක්කි දරනු ඇත.
අනාගත සිහිනය අප එක්ව සැබෑ කර ගනිමු.අප මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොමැකෙන නමක් සටහන් කරන ගමනක්.අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය
නොහැකියි.නමුත් අපට සමානාත්මතාවය සහ නිදහසේ ආදර්ශය රැගත් පොහොසත්ම රාජ්‍ය බවට පත්විය හැකියි හැකියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!