නිදහස් සැමරුම උත්සවයක මහා දුෂණයක්... අල්ලස, දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය හෙළිකරයි
අල්ලස, දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් රනිල් වික්‍රමසිංහ පාලන සමයේ 75 සහ 76 වන නිදහස් දින සැමරුම් අතරතුර සිදුකර ඇති අති විශාල මහජන මුදල් නාස්තියක් මෙන්ම දූෂණයන් රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරයි.
තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ලබාගත් වියදම් වාර්තා උපුටා දක්වමින් ඔහු අනාවරණය කළ තොරතුරු මෙසේය.
75 වන නිදහස් දින සැමරුම සඳහා සිංහ කොඩි මිලදී ගැනීමට රුපියල් ලක්ෂ දාහතරකට අධික මුදලක් වියදම් කර ඇති අතර වසරකට පසු නැවත 76 වන නිදහස් දින සැමරුමේදී සිංහ කොඩි මිලදී ගැනීම සඳහා ලක්ෂ විසි හතරකට අධික මුදලක් වියදම් කර ඇත.
75 වන නිදහස් උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා ලක්ෂ විස්සකට වැඩි මුදලක් වියදම් කර ඇති අතර 76 වන නිදහස් උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා ලක්ෂ හතලිහකට අධික මුදලක් යොදවා ඇත.
75 වන නිදහස් උත්සවයේ විදුලිය සඳහා ලක්ෂ දෙසීයකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ හාරසියයකට අධික මුදලක් වියදම් කර ඇත.
75 වන නිදහස් උත්සවයේ නවාතැන් පහසුකම සඳහා ලක්ෂ දොලහකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ විසිපහකට අධික මුදලක්ද යොදවා ඇත.
75 වන නිදහස් උත්සවයේ පානීය ජලය සඳහා ලක්ෂ හතලිස්තුනකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ අසූහයකට අධික මුදලක්ද යොදවා ඇත.
75 වන නිදහස් උත්සවයේ අකුණු සන්නායක සඳහා ලක්ෂ තුනකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ හයකට අධික මුදලක්ද යොදවා ඇත.
75 වන නිදහස් උත්සවයේ ඩී.එස් සේනානායක පිළිරුවේ මල් බඳුන සඳහා හතලිස් දහසක් අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ සූදහසකට අධික මුදලක්ද යොදවා ඇත.
75 වන නිදහස් උත්සවයේ ජංගම වැසිකිලි සඳහා ලක්ෂ එක්සිය හතලිහකට අධික මුදලක්ද, සනීප ආරක්ෂක කටයුතු සඳහා ලක්ෂ හතකට අධික මුදලක්ද යොදවා ඇත.
ඒ අනුව 75 වන සහ 76වන නිදහස් උත්සව දෙකේ වැසිකිලි අවශ්‍යතාව වෙනුවෙන් ලක්ෂ තුන්සීයකට අධික මුදලක් වැය කර ඇති බව කාමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..