
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සගවන්න... ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිල හෙළිකරයි
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සගවන්න හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාත් ඉන්පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2025.02.03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටින බවත් තමන් ඔහුව අල්ලා ගන්නා බවත් පොරොන්දු වී මේ ආණ්ඩුව බලයට පැමිණි බව කවුරුත් දන්නා කරුණක්. සැබැවින්ම මේ ප්‍රහාරයට වගකිවයුතු අය මේ ආණ්ඩුව තුල සිටින නිසා කවුරුන් හෝ මහ මොලකරුවෙකු බවට පත් කර සැබෑ වගකිවයුත්තන් බේරා ගැනීමේ උවමනාවක් ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ දිනවල පාස්කු ප්‍රහාරය ගැන අළුත්ම තිර රචනයක යෙදිලා ඉන්නවා.
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ සුරේෂ් සලේ ඇතුළු ලංකාවේ බුද්ධි අංශයි කියලා චැනල් ෆෝ නාලිකාව නගපු චෝදනාව අපි හෙලි කළ ඉමාම් වාර්තාවෙන් ඉතාම තාර්කිකව බිඳ හෙලලා තිබුණා. ඒ වාර්තාව හැදුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ ජනාධිපති නීතිඥයෙකු කියන එකත් අපි සිහිපත් කරන්න ඕනි. අපි ඒක හෙලිදරව් කලාට පස්සේ වෙනත් බොරුවක් හදා ගන්න ආණ්ඩුව උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ. ඒ නිසා ආණ්ඩුව මේ බොරුව තව දුරටත් වැඩි දියුණු කරලා මුලින්ම හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාත් ඉන්පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාරය සිදු කලේ ජනපතිවරණයේ දී ගෝඨාභය මහතාට වාසියක් ලබා ගැනීමේ අරමුණින් ලංකාවේ බුද්ධි අංශ යැයි කියන මිත්‍යාව තමයි ස්ථාපිත කරන්න හදන්නේ.
පාස්කු ප්‍රහාරය ලංකාවේ බුද්ධි අංශවල වැඩක්ය කියන බොරුව චැනල් ෆෝ නාලිකාව හරහා ලෝකයට කිව්වේ මොහොමඩ් මිහිලාර් මොහොමඩ් හන්සීර් නොහොත් අසාද් මවුලානා. ඔහු දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට පැන ගිහින් ඉන්නේ. මවුලානා චැනල් ෆෝ නාලිකාව හරහා පාස්කු බොරුව කීම දිට්ට ධම්ම වේදනීය කම්ම පලිසන් දුන්නා වගේ එයා ඊට වඩා අමාරුවක වැටුණා. මවුලානා විවාහ දෙකක් කරගෙන හිටියේ. දෙවන විවාහය කර ගන්නේ බොරු නමක් දීලා ව්‍යාජ විවාහ සහතිකයක් හදලා. බිරින්දෑවරු දෙන්නාටම හොරෙන් තමයි මෙයා ස්විට්සර්ලන්තයට පැන ගන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
