
අල්ලිරාජා සුබස්කරන්ගේ මාධ්‍ය ජාලය කඩා වැටේ?
ව්‍යාපාරික අල්ලිරාජා සුබාස්කරන්ට අයත් ලයිකා සමූහ ව්‍යාපාරය යටතේ පවතින සවුත් අයි පෞද්ගලික සමාගමේ සේවය කළ ජනමාධ්‍යවේදීන් 30කට ආසන්න පිරිසකගේ සේවය හදිසියේ අවසන් කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
එම සමාගම පාඩු ලබන බව පවසමින් මෙම තීරණය පිළිබඳව අදාළ ජනමාධ්‍යවේදීන්ට දැනුම්දී ඇත.
පසුගිය සතියේවල ලයිකා සමූහ ව්‍යාපාරයට අයත් ජනමාධ්‍ය ආයතන වෙනත් පාර්ශ්ව වෙත ලබාදෙන බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසට ප්‍රකාශ කර ඇති එහි මානව සම්පත් අංශය, ජනවාරි 28 වැනිදා සේවකයන් පෞද්ගලිකව ගෙන්වා ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යන බව පවසා ස්වයං ඉල්ලා අස්වීමේ ලිපි ලබාදෙන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබේ.
එලෙස සිදුකරන්නේ නම් මාසයක වැටුප වන්දියක් ලෙස දීමට කටයුතු කරන බව දැනුම්දී ඇත.
ඒ අනුව, ඔරුවන් දෙමළ ජාතික පුවත්පතේ සේවය කළ ජනමාධ්‍යවේදීන් 11 දෙනකු, ඔරුවන් වෙබ් අඩවිය සහ එහි යූ ටියුබ් නාලිකාවේ සේවය 05 දෙනකු, මොනරා වෙබ් අඩවියේ සහ යූටියුබ් නාලිකාවල සේවය කළ 12 දෙනකු ලෙස 28 දෙනකුගේ සේවය අවසන් කිරීමට කටයුතු කර තිබේ.
මේ අතර එම සමූහයට අයත් මොනරා පුවත්පතේ ජනමාධ්‍යවේදීන්ද සිය රැකියා පිළිබඳව සැකයෙන් පසුවෙති.
අදාළ සේවකයන් සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දෙන ලෙසට සිදු කළ ඉල්ලීම ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කළ මානව සම්පත් කළමනාකරණ අංශය අනතුරුව 30 වැනිදා පස්වරුවේ ලිපියක් ලබා දී තිබුණ ද එහි කිසිම ස්ථානයක සේවය අවසන් කරන බවට එහි සඳහන් කර නොමැති බවයි, සේවකයින් සඳහන් කළේ.
එමෙන්ම ආයතන පාඩු ලබන බවට කළමනාකාරීත්වය ප්‍රකාශ කළ ද ලාභ ඉපයීම සඳහා ඔවුන් කිසිදු උත්සහයක් නොකළ බවත්, චේතනාන්විතව ආයතනය පාඩුවට පත්කිරීමට කටයුතු කළ බවත් එහි සේවයෝ චෝදනා කරති.
එමෙන්ම මේ වනවිට මොනරා වෙබ් අඩවිය සහ යූ-ටියුබ් නාලිකාවේ සේවකයන් භාවිත කළ පරිගණක අදාළ මේසවලින් ඉවත්කර වෙනම කාමරය දමා වසාදැමීමටයි කටයුතු කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ජනවාරි මාසයට අදාළ නියමිත වැටුප සාමාන්‍ය පරිදි මාසයේ අවසන් දිනය වන 30 හෝ 31 වැනිදා ලැබිය යුතු වූවත් එය මේ දක්වා ජනමාධ්‍යවේදීන්ට ලබාදී නොමැති බව එහි සේවකයෝ ප්‍රකාශ කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
