ඔක්කොම එකතුවෙලා තියෙන්නේ දඬුවම්වලට බයේ - ජනාධිපති අනුර වැල්වැටිතුරේදි කියයි (වීඩියෝ)
බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්‍ෂණ සහ දඬුවම් නතර කර ගැනීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය වැල්වැටිතුරේදී ඊයේ (31)පැවසීය.
කවුරු එකතු වුනත් දූෂිතයන්ට දඬුවම් දීම නතර කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා උඩ සිටින අය එකතු වුනාට යට ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බව පැවසීය.
ජනතාව ආණ්ඩුව සමග සිටින තුරු එම එකතුවීම් සාර්ථක වන්නේ නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
යාපනයේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සියලු ජාති ආගම් සංස්කෘතීන් එකතු කරගෙන සමරන ජාතියේ මහා මංගල්‍යයක් ඔක්තෝම්බර් මාසයේදී සංවිධාන කර තිබෙන බවයි.
එම ජාතියේ මහා මංගල්‍යය පිළිබඳ අයවැය ලේඛනයටද ඇතුළත් කර තිබෙන බව කී ජනාධිපතිවරයා මෙතෙක් ජාතික, ආගමික, සංස්කෘතික උත්සව වෙන වෙනම සැමරුවත් ශ්‍රී ලාංකික ජාතියම එකට සමරන උත්සවයක් නොතිබූ හෙයින් ඔක්තෝම්බර් මාසයේදී සියලු දෙනා එක්ව එම මහා මංගල්‍යය සමරන බව සඳහන් කළේය.
සියලු ජාතීන්ගේ සංස්කෘතිය, ආගම, ජාතිකත්වය , ආහාර රටා ,ජීවන රටා ,සංගීත, නාට්‍ය, කාව්‍ය ආදී සියලු දෑ එම ජාතික උත්සවයේදී සමරනු ලබන බවද ජනාධිපතිවරයා කීය.
කන්කසන්තුරය, පරාන්තන්,සහ මාන්කුලම් කේන්ද්‍ර කර ගනිමින් යාපනයේ අලුත් කර්මාන්ත පුර තුනක් ආරම්භ කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.ඒවායේ ආයෝජනය කරන්නැයි විදෙස් ගත ලාංකිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්