
ඔක්කොම එකතුවෙලා තියෙන්නේ දඬුවම්වලට බයේ - ජනාධිපති අනුර වැල්වැටිතුරේදි කියයි (වීඩියෝ)
බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්‍ෂණ සහ දඬුවම් නතර කර ගැනීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය වැල්වැටිතුරේදී ඊයේ (31)පැවසීය.
කවුරු එකතු වුනත් දූෂිතයන්ට දඬුවම් දීම නතර කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා උඩ සිටින අය එකතු වුනාට යට ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බව පැවසීය.
ජනතාව ආණ්ඩුව සමග සිටින තුරු එම එකතුවීම් සාර්ථක වන්නේ නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
යාපනයේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සියලු ජාති ආගම් සංස්කෘතීන් එකතු කරගෙන සමරන ජාතියේ මහා මංගල්‍යයක් ඔක්තෝම්බර් මාසයේදී සංවිධාන කර තිබෙන බවයි.
එම ජාතියේ මහා මංගල්‍යය පිළිබඳ අයවැය ලේඛනයටද ඇතුළත් කර තිබෙන බව කී ජනාධිපතිවරයා මෙතෙක් ජාතික, ආගමික, සංස්කෘතික උත්සව වෙන වෙනම සැමරුවත් ශ්‍රී ලාංකික ජාතියම එකට සමරන උත්සවයක් නොතිබූ හෙයින් ඔක්තෝම්බර් මාසයේදී සියලු දෙනා එක්ව එම මහා මංගල්‍යය සමරන බව සඳහන් කළේය.
සියලු ජාතීන්ගේ සංස්කෘතිය, ආගම, ජාතිකත්වය , ආහාර රටා ,ජීවන රටා ,සංගීත, නාට්‍ය, කාව්‍ය ආදී සියලු දෑ එම ජාතික උත්සවයේදී සමරනු ලබන බවද ජනාධිපතිවරයා කීය.
කන්කසන්තුරය, පරාන්තන්,සහ මාන්කුලම් කේන්ද්‍ර කර ගනිමින් යාපනයේ අලුත් කර්මාන්ත පුර තුනක් ආරම්භ කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.ඒවායේ ආයෝජනය කරන්නැයි විදෙස් ගත ලාංකිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
