News Category
From Date
To Date
Maximum Number of Result

බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම සදහා ඩලස්ගෙන් ප්‍රශ්න 6ක්

Feb 1, 2025 at 07:00 AM
|

නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම්, (Containers) 323 ක් සඟවා ගත් වංචනික අරමුණකින් වරායෙන් පිටමං කොට ඇතැයි මහජන වේදිකාවේ මතුව ඇති චෝදනාවෙන් ආණ්ඩුවේ දේශපාලන සෞඛඛ්‍ය, බරපතළ ලෙස ඔත්පල කරවා තිබේ. එමනිසා, රේගු අධ්යක්ෂක ජනරාල්වරයාගේ මාධ්ය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ voice cut පිළිතුරකින් එය සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරුම් ගත යුතුව ඇත.
ඉතිහාසය පුරා, මෙය මේ ආකාරයෙන්ම කිහිප වතාවක් සිදුවූ බව පැවසීම ද වත්මන් "පුනරුද ආණ්ඩුවේ" පතිවත කෙළසාගැනීමකි. ඉතිහාසේ පළමු වතාවට රේගු අධ්යක්ෂකවරයෙක් ජනාධිපති ලේකම්වරයා බවට පත් වී ඇති පසුබිමක, මෙහි දේශපාලන අවදානමට ලැබෙන්නේ ද "රතු අගයකි". එමෙන්ම, අදූෂිත නිලධාරියෙක් ලෙස දෙපාර්තමේන්තු ඉතිහාසයක් ඇති ඔහුගේ හෘද සාක්ෂිය ද මේ සම්බන්ධයෙන් පරිලෝකනය විය යුතුය.
ඒ අනුව, එල්ල වී ඇති විෂමාචාරය හෝ අපයෝජනය පිළිබඳ බරපතළ චෝදනාවෙන් ළදරු ආණ්ඩුව බේරා ගැනීමට නම්, ආණ්ඩු ප්‍රධානීන් පහත ප්‍රශ්න හයට (06) වගකීම් සහගතව පිළිතුරු සපයනු ඇති බව අපගේ විශ්වාසයයි.
1, මෙම බහාලුම් 323 ආනයනය කරනු ලැබූ ආයතන හෝ පුද්ගලයන් කවුරුන් ද?
2, බහාලුම් හි අඩංගු ද්රව්ය පිළිබඳව ආනයනකරුවන් ඉදිරිපත් කළ ලේඛන (Cusdec Papers) සහ අනෙකුත් ලිය කියවිලි අනුව, ආනයනය කර ඇති භාණ්ඩ මොනවාද?
3, කුමන විදේශීය රටක සිට මෙම බහාලුම් ආනයනයකර ඇත්ද..සහ අදාල ඇනවුම් ලබා දී ඇති දින වකවානු කවරේද..?
4, අදාල ආනයනකරුවන් විසින් මෙම බහාලුම් නිෂ්කාශනය සඳහා නම් කර තිබූ වාප්පු ලිපිකරුවන් (Wharf Clerk) කවුරුන්ද..?
5, පරීක්ෂාවකින් තොරව මෙම බහාලුම් පිටමං කිරීම සඳහා ලිඛිතව අවසර දුන් රේගු නිලධාරීන් කවුද.? හෝ අධ්යක්ෂක ජනරාල්වරයා පවසන ආකාරයට මෙම බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා අවසර දුන් පරීක්ෂක මණ්ඩලයක් , (Expert Panel) වේ නම් එය සමන්විත වූ නිලධාරීන් කවුද?
6, පැවසෙන පරිදි සියුම් තාක්ෂණික පරීක්ෂණයකින් (Scanning Process) අණතුරුව මේවා නිදහස් කළේ නම්, දෙපාර්තමේන්තුවේ ගෞරවය හා පාරදෘශ්ය භාවය වෙනුවෙන් එහි තාක්ෂණික පිටපත් ඉදිරිපත් නොකරන්නේ මන්ද?
විරුද්ධ පාර්ශවයන් විසින් මේ මත තබා ඇති වංචනික මුද්රාවෙන් ආණ්ඩුවේ දේශපාලනය CLEAN කරගත හැක්කේ බහාලුම් 323 සඳහා වෙන් වෙන්ව සහ වගකීම් සහගතව, ඉහත ප්රශ්න හයට පිළිතුරු සැපයීමෙන් විනා සුපුරුදු CID වන්දනාවෙන් හෝ නොමේරූ දේශපාලන ගෝරනාඩු වලින් නොවේ.
2019 වසරේදී මීට සමානව, පරීක්ෂාවකින් බැහැරවී රට තුළට පැමිණි බවට චූදිත බහාලුම් එකසිය දෙකක් (102) පිළිබඳව, වත්මන් ජනාධිපතිතුමන් එදා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්රීවරයකුු ලෙස මතුකළ ප්රශ්න (27/2) ද, අඳුරේදී කෙඳිරි ගාන ඇතැම් බලධාරීන්ට අත්වැලක් වේ යැයි විශ්වාසයෙන් මේ සමග උපුටා දක්වමි.
ඩලස් අලහප්පෙරුම
නායක,
නිදහස ජනතා සභාව.
31-01-2025

සම්බන්ධිත පුවත් | Related News

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.
2025 මැයි මාසය අවසානයේ දී මහ බැංකුව සතු නිල සංචිත එක්සත් ජනපද ඩොලර් මිලියන 6,284 ක් ලෙස වාර්තා වී ඇත.
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.
එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.
ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.
රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.
දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ප්‍රධාන පුවත්

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදල් යන සංකල්පය බදු දැලෙන් නිදහස්ව මුදල් භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම සඳහා භාවිතා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.