
කොළඹ විශ්ව විද්‍යාලයෙන් අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන’ (ඡයාරූප)
මෙරට කලා ඉතිහාසයේ කොළඹ විශ්වවිද්‍යාලය හරහා බිහි වූ විශිෂ්ට රංග වේදිනියක් ලෙස මෙන්ම රංගනය විෂයක් ලෙස හැදෑරූ මුල්ම ශිල්පිනිය වන අයිරාංගනී සේරසිංහ ඇගයීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
‘අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන’ ලෙස නම් කළ මෙම වැඩසටහන පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ පිහිටි ඇගේ නිවසේ දී ජනවාරි 28 වැනි දින පැවැත්විණි.
ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එචි. ඩී කරුණාරත්න, කොළඹ විශ්වවිද්‍යාල කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය කපිල බණ්ඩාර, ශිෂ්‍ය අනුශාසක ආචාර්ය රජිත සිල්වා, කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ සභාපති බර්නාඩ් කාරියවසම්, ප්‍රවීණ රංග ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස්, සේරසිංහ මහත්මියගේ පුත් රංජිත් සේරසිංහ ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ විධායක සභිකයින් රැසක් සහභාගි වී තිබිණි.
වේදිකාවත් සිනමාවත් රිදී තිරයත් සිය රංගනයෙන් ඔපවත් කළ ඈ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථියකු ලෙස අභිමානවත්ව ඇගයීමට පත් කිරීම හා ඇය රංගනයේ නියුතු සංදේශය චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වී තිබේ.
ඉටු කරන ලද සේවාවන් කලාකරුවකු ජීවත්ව සිටින කාලයේ ඇගයීම කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අභිප්‍රාය වී ඇත.
ඇගේ බුහුමන සඳහා රචිත හේතු පාඨය මෙසේ දක්වා තිබිණි.
“කොළඹ විශ්වවිද්‍යාලයේ ජෝර්ජ් රාජශාලා පරිශ්‍රයේ විශ්වවිද්‍යාලයීය නාට්‍ය වංශයක ලුඩෝවයික් හා ජුබාල් ආදී ශාස්ත්‍රඥයන් ඇසුරෙහි රංග නිෂ්පාදනයන්හි පන්නරයෙන් ඉක්බිති ලන්ඩනයේ බ්‍රිස්ටල් ඕල්ඩිවික් රංග කලා ඇකඩමියක විද්‍යාත්මක ඥාන මීමංසාවකින් රංගවේද ගවේෂණ දැනුමෙන් සන්නද්ධව මෙරට රඟ නළුව, තිර නළුව, හඬ නළුව, ටෙලි නළුව ආදී සතර මානයන්හි පුළුල් වපසරියක නානාප්‍රකාර වූ භූමිකාවන්හි සමාරෝප වෙමින්, එකී චරිත පෞරුෂ හා ආත්මයන්හි ආංගික, සාත්වික හා වාචික අංශුමාත්‍රික ගැඹුර සියුම්වූත්, සංවේදීවූත්, ප්‍රබලවූත්, ස්වාභාවිකවූත් තත්ත්වාකාරයෙන් ජන සංහතියට පරාවර්තිත අපූර්ව හා විරල රංගන ප්‍රතිභා කෞශල්‍යය අගයනුවස් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය අයිරාංගනී සේරසිංහ ජ්‍යෙෂ්ඨ රංග කලා වේදිනිය ගෞරව සම්මානිත බුහුමනට පාත්‍ර කරන වගයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
