කොළඹ විශ්ව විද්‍යාලයෙන් අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන’ (ඡයාරූප)
මෙරට කලා ඉතිහාසයේ කොළඹ විශ්වවිද්‍යාලය හරහා බිහි වූ විශිෂ්ට රංග වේදිනියක් ලෙස මෙන්ම රංගනය විෂයක් ලෙස හැදෑරූ මුල්ම ශිල්පිනිය වන අයිරාංගනී සේරසිංහ ඇගයීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
‘අයිරාංගනී සේරසිංහ ගෞරව සම්මානිත බුහුමන’ ලෙස නම් කළ මෙම වැඩසටහන පිටකෝට්ටේ එපිටමුල්ල පාරේ පිහිටි ඇගේ නිවසේ දී ජනවාරි 28 වැනි දින පැවැත්විණි.
ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එචි. ඩී කරුණාරත්න, කොළඹ විශ්වවිද්‍යාල කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය කපිල බණ්ඩාර, ශිෂ්‍ය අනුශාසක ආචාර්ය රජිත සිල්වා, කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ සභාපති බර්නාඩ් කාරියවසම්, ප්‍රවීණ රංග ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස්, සේරසිංහ මහත්මියගේ පුත් රංජිත් සේරසිංහ ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ විධායක සභිකයින් රැසක් සහභාගි වී තිබිණි.
වේදිකාවත් සිනමාවත් රිදී තිරයත් සිය රංගනයෙන් ඔපවත් කළ ඈ කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථියකු ලෙස අභිමානවත්ව ඇගයීමට පත් කිරීම හා ඇය රංගනයේ නියුතු සංදේශය චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වී තිබේ.
ඉටු කරන ලද සේවාවන් කලාකරුවකු ජීවත්ව සිටින කාලයේ ඇගයීම කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අභිප්‍රාය වී ඇත.
ඇගේ බුහුමන සඳහා රචිත හේතු පාඨය මෙසේ දක්වා තිබිණි.
“කොළඹ විශ්වවිද්‍යාලයේ ජෝර්ජ් රාජශාලා පරිශ්‍රයේ විශ්වවිද්‍යාලයීය නාට්‍ය වංශයක ලුඩෝවයික් හා ජුබාල් ආදී ශාස්ත්‍රඥයන් ඇසුරෙහි රංග නිෂ්පාදනයන්හි පන්නරයෙන් ඉක්බිති ලන්ඩනයේ බ්‍රිස්ටල් ඕල්ඩිවික් රංග කලා ඇකඩමියක විද්‍යාත්මක ඥාන මීමංසාවකින් රංගවේද ගවේෂණ දැනුමෙන් සන්නද්ධව මෙරට රඟ නළුව, තිර නළුව, හඬ නළුව, ටෙලි නළුව ආදී සතර මානයන්හි පුළුල් වපසරියක නානාප්‍රකාර වූ භූමිකාවන්හි සමාරෝප වෙමින්, එකී චරිත පෞරුෂ හා ආත්මයන්හි ආංගික, සාත්වික හා වාචික අංශුමාත්‍රික ගැඹුර සියුම්වූත්, සංවේදීවූත්, ප්‍රබලවූත්, ස්වාභාවිකවූත් තත්ත්වාකාරයෙන් ජන සංහතියට පරාවර්තිත අපූර්ව හා විරල රංගන ප්‍රතිභා කෞශල්‍යය අගයනුවස් කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය අයිරාංගනී සේරසිංහ ජ්‍යෙෂ්ඨ රංග කලා වේදිනිය ගෞරව සම්මානිත බුහුමනට පාත්‍ර කරන වගයි.”





සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්