ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් චෝදනා ප්‍රතික්ෂේප කරයි
කොළඹ වරායෙන් රතු සළකුණු සහිත බහාලුම් 323ක් නිෂ්කාශනය කිරීම සම්බන්ධයෙන් තමාට එල්ලවන චෝදනා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ප්‍රතික්ෂේප කරයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් යූසුෆ් පැවසුවේ, අදාළ බහාලුම් සමඟ තමාට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, චෝදනා සම්බන්ධයෙන් කනගාටුව පළ කළ බවත්ය.
තමා කිසි විටෙකත් දේශපාලනයට සම්බන්ධ වී නොමැති බවත්, මහජනතාවට සේවය කිරීම කෙරෙහි තම අවධානය යොමු වී ඇති බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා රේගුවෙන් පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම ගැටළු මතුකළ නමුත් වරායේ නිෂ්කාශන ක්‍රියාවලියේ ප්‍රමාදයන් සහ තදබදය හේතුවෙන් එය අවශ්‍ය වූ බව පවසමින් රජය එම පියවර ආරක්ෂා කළේය.
මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පරීක්ෂාවකින් තොරව බහාලුම් මුදාහැරීම සාමාන්‍ය දෙයක් නොවන බවයි.
“මෙම බහාලුම් 323 සාමාජිකයන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් හරහා මුදාහැර තිබෙනවා. දිනපතා කොළඹ වරායට පැමිණෙන බහාලුම් 2,000ම පරීක්ෂා කර මුදාහැරීම ප්‍රායෝගික නෑ. ඒ නිසා තදබදය අවම කිරීම සඳහා පරීක්ෂාවකින් තොරව කොටසක් නිෂ්කාශනය කර තිබෙනවා. කෙසේවෙතත්, නව අංගන වෙත ව්‍යාප්ත නොකර මෙම ගැටළුව විසඳිය නොහැකියි ” යැයි නියෝජ්‍ය අමාත්‍ය කොඩිතුවක්කු පැවැසීය.
මෙම කාරණය පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් හෙළිදරව් කරන ලද අතර, ඔහු මෙම බහාලුම් මුදාහැරීම පිළිබඳව කනස්සල්ල පළකළ අතර, ඒවායින් බහුතරයක් ‘රතු පැහැයෙන්’ සලකුණු කර ඇති බවට වාර්තා වේ.
පරීක්ෂා නොකළ බහාලුම්වල අන්තර්ගතය පිළිබඳ පැහැදිලි තොරතුරු නොමැති බවත්, අධීක්ෂණයේ ඇති විය හැකි අඩුපාඩු පිළිබඳව බරපතල ප්‍රශ්න මතුකරන බවත් ඔහු චෝදනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පරීක්ෂාවකින් තොරව බහාලුම් දහස් ගාණක් වරාය නිදහස් කරලා.. වැඩේ පටන් අරන් තියෙන්නෙ 2024 මුල් කාලයේ.. ජවිපෙ වෘත්තීය සමිති පාලන අධිකාරියත් එක්ක ගැටුමක - ශමීන්ද්‍රගෙන් ප්‍රභල අනාවරණයක් (වීඩියෝ)
කොට්ටහච්චිට අපහාස කළැයි ප්‍රා:මන්ත්‍රීගේ දුරකථන වාර්තා ඉල්ලයි
ගුවන්තනාමෝ නාවික කඳවුර වෙත සංක්රමනිකයන් යැවීම පිළිබඳ ඇමරිකානු නිවේදනය කියුබානු ජනාධිපතිවරයා හෙළා දකී
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට
අනුර බැටන් එක අතට ගත්තත් දුවන්න වෙන්නේ දුෂිතයන් නිර්මාණය කළ පාරෙමයි ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ සඳහා ඌන පූර්ණයක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දෙස පැරණි කෝණයෙන් අපි බලන්නේ නැහැ..
පුංචි ජන්දයේදී ශ්‍රීලනිපයයි - සර්ව ජනයයි - පොහොට්ටුවයි එකට?
නාමල් රාජපක්ෂට අධිචෝදනා
රතු ලේබල් කරන ලද බහාලුම් 323ක් නිදහස් කිරීම ආණ්ඩුවේ ලොක්කෙකුගේ වැඩක්... පොලීසියට පැමිණිල්ලක්
මුදල් ලේකම් මහින්ද සියල්ල අතහැර ගෙදර යයි.?
රජයේ ඉඩම්වල පොල් අස්වැන්න කර්මාන්තවලට බෑ
රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යෝෂිතට ඇප
යුක්රේන යුද්ධයට නිමාවක්
මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය IMF අයවැයක්... ආචාර්ය අමාලි වෙදගෙදර බීබීසියට කියයි
මහින්දට යන්න තැනක් නැත්නම් සුදුසු නිවසක් අපි දෙන්නම් - ජනපති අනුර දිසානායක
ජනාධිපති අනුර චීනයේදී කළ සම්මුඛ සාකච්ඡාව (වීඩියෝ)