මහ මෝල් හිමිකරුවන් වී ගබඩා පුරවා ගන්නා තෙක් රජයේ වී මිලදී ගන්නේ නැහැ - සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර
මේවන විට තෙත වී කිලෝ එකක මිල රුපියල් 80 - 95 අතර මිල ගණන් වලට අලවි වන බවත්, මහ මෝල් හිමිකරුවන් විසින් වී ගබඩා පුරවා ගන්නා තෙක් රජයේ වී මිලදී ගැනීම සිදු නොකරන බව වත්මන් ආණ්ඩුවේ හැසිරීම තුළින් තහවුරු වන බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (28දා) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
වත්මන් ආණ්ඩුවේ නොහැකියාවන් ජනතාව අතරට යෑම වසා ගැනීම සඳහා සිදු කරන විවිධ ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති බවත්, බලය ලබා ගැනීමට පෙර ගොවීන් වෙනුවෙන් කතා කල නාමල් කරුණාරත්න අමාත්‍යවරයා මේ වන විට එම ගොවියා වෙනුවෙන් පෙනී නොසිටින රෝහණ බණ්ඩාර මහතා පවසයි.
අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, දෙවන කොටස රඟ දක්වමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව පිළිබඳව ජනතාව අතර විවේචන ඇති වෙමින් සමූපකාර ඡන්ද පරාජයට පත්වෙමින් වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙමින් පවතින බවද පවසන රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ උගන්ඩාවේ මුදල් , මිග් යානා ගනුදෙනු යටපත් කර ආණ්ඩුවට එරෙහිව ඇතිවන මතවාද වෙනස් කර ගැනීම සඳහා විශාල ප්‍රමාණය සොරකම් වෙනුවට කුඩා ප්‍රමාණය සොරකම් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් මෙවැනි කටයුතු මගින් දුක් මහන්සියෙන් තමන් හම්බ කරගත් දේවල් නැවත ගිනි දෙවියන්ට පූජා කරන මතවාද ගෙන ඒමට කටයුතු නොකරන ලෙසද වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්