
මහ මෝල් හිමිකරුවන් වී ගබඩා පුරවා ගන්නා තෙක් රජයේ වී මිලදී ගන්නේ නැහැ - සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර
මේවන විට තෙත වී කිලෝ එකක මිල රුපියල් 80 - 95 අතර මිල ගණන් වලට අලවි වන බවත්, මහ මෝල් හිමිකරුවන් විසින් වී ගබඩා පුරවා ගන්නා තෙක් රජයේ වී මිලදී ගැනීම සිදු නොකරන බව වත්මන් ආණ්ඩුවේ හැසිරීම තුළින් තහවුරු වන බව සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (28දා) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
වත්මන් ආණ්ඩුවේ නොහැකියාවන් ජනතාව අතරට යෑම වසා ගැනීම සඳහා සිදු කරන විවිධ ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති බවත්, බලය ලබා ගැනීමට පෙර ගොවීන් වෙනුවෙන් කතා කල නාමල් කරුණාරත්න අමාත්‍යවරයා මේ වන විට එම ගොවියා වෙනුවෙන් පෙනී නොසිටින රෝහණ බණ්ඩාර මහතා පවසයි.
අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, දෙවන කොටස රඟ දක්වමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව පිළිබඳව ජනතාව අතර විවේචන ඇති වෙමින් සමූපකාර ඡන්ද පරාජයට පත්වෙමින් වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙමින් පවතින බවද පවසන රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ උගන්ඩාවේ මුදල් , මිග් යානා ගනුදෙනු යටපත් කර ආණ්ඩුවට එරෙහිව ඇතිවන මතවාද වෙනස් කර ගැනීම සඳහා විශාල ප්‍රමාණය සොරකම් වෙනුවට කුඩා ප්‍රමාණය සොරකම් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් මෙවැනි කටයුතු මගින් දුක් මහන්සියෙන් තමන් හම්බ කරගත් දේවල් නැවත ගිනි දෙවියන්ට පූජා කරන මතවාද ගෙන ඒමට කටයුතු නොකරන ලෙසද වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
