
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියට අනුව විශ්‍රාම වැටුප් ලබන හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න බෑ - ගම්මන්පිල හෙළිකරයි
හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දුවක් බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු එම මැතිවරණ ප්‍රකාශනය සකස් කල කමිටුවේ නොසිටි බව පෙනී යන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.
පිවිතුරු හෙළ උරුමයේ නායකා මේ බව සදහන් කර සිටියේ අද දින (27) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්ම්නපිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය
විශ්‍රාම වැටුප් අහෝසියට ව්‍යවස්ථාවෙන් බාධාවක්.
සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා පසුගිය ජනාධිපතිවරණ සමයේ වැලිගේපොල රැස්වීමේ දී ජනතාවට ලොකු පොරොන්දුවක් දුන්නා. ඒ තමයි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම අවසන් වී පැවැත්වෙන පළමු ඇමති මණ්ඩල රැස්වීමේ දී ම හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කරනවා කියන එක. මේ දවස්වල අපි එහෙම කිව්වේ නෑ කියන එකනේ ආණ්ඩුවේ ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් සාක්ෂියකට ඇහුන්කන් දෙමු.
සමන්ත විද්‍යාරත්න මැතිතුමා
මෙන්න රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශයේ මෙහෙම ඇහෙනවා. ජාතික ජන බලවේගයේ නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ රැස් විය. එහි දී විශේෂ තීන්දු ගණනාවක් ගන්නා ලදී. එහි එක් තීන්දුවක් පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි විශ්‍රාමික ජනාධිපතිවරු පස්දෙනා වෙත ලබා දී ඇති වැටුප්, නිල නිවාස, යාන වාහන ඇතුළු සියළුම වරප්‍රසාද අහෝසි කරනු ලැබේ.
දැන් මැතිවරණ දෙකෙන් පස්සේ පළමු ඇමති මණ්ඩල රැස්වීම විතරක් නොවේ දසවන ඇමති මණ්ඩල රැස්වීමත් පවත්වලා ඉවරයි. එහෙම නම් මේ ප්‍රවෘත්ති අපට ඇහෙන්න එපායැ. මගේ කනේ දෝෂයක් ද දන්නේ නෑ. මට නම් එහෙම ඇහුනේ නෑ. ඇත්තෙන්ම මාලිමා ආණ්ඩුව දුන්නු බොරු පොරොන්දු වැලේ ඉදිරියෙන්ම තිබුණු අනුර දිසානායක මැතිතුමා ඇතුළු මාලිමා නායකයින් රස කරමින් කියූ පොරොන්දුවක් තමයි හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරනවා කියන එක. ඒක එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලිඛිතව සඳහන් වෙනවා. එහෙනම් ඇයි දැන් ඒක ගැන සද්ද නැත්තේ? අමතක වෙලා ද? අමතක වෙලා නොවේ. අමතක කරලා. වඩාත් නිවැරදිව කිව්වොත් අමතක කරන්න සිද්ධ වෙලා. ඇයි අපි එහෙම කියන්නේ.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියට අනුව දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න බෑ. ඕනෑ නම් අනුර ජනාධිපතිතුමාට පුළුවන් එතුමාගේ සිට ඉදිරියට එන ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුපක් අහෝසි කරන්න. නමුත් දැනට ඉන්න අයගේ විශ්‍රාම වැටුප අහෝසි බෑ. අපි ඒ වගන්තිය කියවමු.
යම් තැනැත්තෙකු විසින් ජනාධිපති ධූරය භාර ගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමට ද ඉන්පසුව, එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූල වන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බල නොපාන්නේය.
කවුද කියන්නේ උදය ගම්මන්පිල නෙමෙයි ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක රකින්න තමයි අනුර කුමාර ජනාධිපතිතුමා පොරොන්දු වෙලා දියුරුම් දීලා වැඩ පටන් ගත්තේ ඒ පොරොන්දු අනුව නම් එතුමාට හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න බෑ.
මේ වගන්තියේ කියන විධියට ව්‍යවස්ථාවේ මේ වගන්තිය සංශෝධනය කළත් ඊට පටහැනි වෙනත් වගන්තියක් ගෙනාවත් ඒකෙන් අතීතයට බලපාන්නේ නෑ. බලපාන්නේ අනාගතයට විතරයි. සරලවම කිව්වොත් දැනට විශ්‍රාම වැටුප් ලබන කිසිම ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැකියාවක් මාලිමා ආණ්ඩුවට නෑ.
විශ්‍රාම වැටුපක් අතීතයට බලපාන්න අහෝසි කරන්න විතරක් නොවේ අඩු කරන්නත් බෑ. ඒක ලෝකය පුරාම පිලිගත් නීතිමය මූලධර්මයක්. ඒකට හේතුව තමයි තමන් සේවය කරන කාලයේ දී විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියන බලාපොරොත්තුවෙන් විශ්‍රාමික ජීවිතයේ දී වියදම් කරන්න මුදල් ඉතිරි කරන්න ඒ සේවකයා පෙළෙඹෙන්නේ නෑ. ඒකට නීතියේ කියනවා සුජාත අපේක්ෂාවේ න්‍යාය නැතිනම් doctrine of legitimate expectation. වයස අවුරුදු 80 දී විතර විශ්‍රාම වැටුප අහෝසි කරලා ජීවත් වෙන්න තිබෙන එකම ආදායම අහිමි කලොත් ඒ අයට ඒ වයසේ දී රස්සාවක් කරන්නත් හැකියාවක් නෑ. ඒ නිසා ජනාධිපතිවරුන්ගේ විතරක් නොවේ කිසිම පුද්ගලයෙකුගේ ලැබෙන විශ්‍රාම වැටුපක් අහෝසි කරන්නත් බෑ. අඩු කරන්නත් බෑ.
හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරනවා කියන එක මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දුවක්. ඒකෙන් පේන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු මාලිමා මැතිවරණ ප්‍රකාශනය සකස් කරපු කමිටුවේ සිටියේ නෑ කියන එකයි. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ කීර්තිමත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන කේ ටී චිත්‍රසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ගැන කමිටුවක් පත් කලා. ඒ කමිටු වාර්තාව ගැන ආණ්ඩුව සද්ද බද්ද මුකුත් නෑ. හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැකියාවක් නෑ කියලා මේ කමිටුව දැනටමත් ආණ්ඩුවට දන්වලා ඇති. ඒකයි නිල නිවාස වලින් එළියට ඇදලා දමනවා කියලා තර්ජනය කරමින් විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පොරොන්දුව අමතක කරන්න උත්සාහ කරන්නේ.
කිසිම අධ්‍යනයකින් තොරව හුදු ජනතාව රවටා ඡන්ද ගැනීමේ අරමුණින් මාලිමාව ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු වැලෙන් ව්‍යවස්ථාව පවා උල්ලංඝණය වන එකම බොරුව බවට හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ යෝජනාව පත් වෙනවා. තමන් ලබා දුන් බොරු පොරොන්දු සිහිපත් කරන විපක්ෂයේ දේශපාලකයින් මර්දනය කිරීම සහ මඩ ගැසීම අද ආණ්ඩුවේ එකම උපාය මාර්ගය වී තිබෙනවා.
ප්‍රශ්න සහ පිළිතුරු
ප්‍රශ්නය
ඊලගට ඔබතුමාද අත්අඩංගුවට පත්වෙන්න ඉන්නේ.
පිළිතුර
සාමාන්‍යයෙන් ආණ්ඩුව විචේචනය කලාම ආණ්ඩුවේ මර්ධනයට ලක්වීම සාමාන්‍ය තත්වයක්. යහපාලන ආණ්ඩුවට මෙන්න මේ ආණ්ඩුවටත් පලමුවෙන්ම බරපතල චෝදනා එල්ල කරමින් නිහඩතාව බින්දේ මම. දැන් අපි අනික් අයගේ බය ඇරිය නිසා අද විහාල පිරිසක් ආණ්ඩුවට එරෙහිව කතා කරනවා. එහි ප්‍රතිපල විදිහට දැන් ආණ්ඩුව සමූපකාර ඡන්ද පරදිමින් ඉන්නවා.
මම බරපතල වරදවල් දෙකක් කරලා තියෙනවා. මම සතියට දවස් පහක්වත් පොල් සම්බෝල කනවා. මෙරට පොල් හිගයට හේතුව ගම්මන්පිල පොල් සම්බෝල කෑම කියලා මාව අත්අඩංගුවට ගන්න ගැනීමේ අවධානමක් තියෙනවා.
ඒ වගේම පාර්ලිමේන්තු සත්තව සුබසාදක සංගමයේ සාමාජිකාවක් වෙලා වත්මන් අගමැතිතුමියත් හිටියා. එහි සභාපති ධුරයේ හිටියේ මම. මම එම සංගමයට යෝජනා කලා මිනිසුන් කෑම අපතේ දමනවා. ඒවා අපතේ දැමීම වෙනුවට බල්ලන්ට කෑමට දීම ප්‍රචලිත කල යුතුයි කියලා. මොකද බලුකපුටු දානය කියන්නේ අපේ සංස්කෘතියේ කොටසක්. දැවැන්ත පරීක්ෂණයකින් පස්සේ බල්ලන් බත්කෑම සහල් හිගයට හේතුවක් කියලා අතිගරු ජනපතිතුමන් හොයාගෙන තියෙනවා. මෑතක සිට බල්ලො කඩේ ගිහින් හාල් අරගෙන ඇවිල්ලා උයාගෙන කන්න පටන්ගෙන ඇති. මොකද ඉතිහාසය පුරාම අපි ගෙදර බල්ලට පූසට බත් දැම්මේ අපේ කෑම වේලේ කොටසක් විදිහට. අපේ ඒකපුද්ගල සහල් පරිභෝජනය ඇතුලේ බල්ලා පූසා කාපු බත් ටිකත් තියෙනවා. නමුත් මට පේන විදිහට නම් ජනාධිපතුමන් හොයාගෙන තියෙනවා බල්ලෝ පූසෝ කඩේ ගිහින් සහල් ගෙනත් උයාගෙන කන්න පටන්ගෙන එම නිසා සහල් පරිබෝජනය වැඩිවෙලා කියලා. ඉතිං මම බල්ලන්ට බත් දීම ප්‍රචලිත කරන්න යෑමත් ජාතික අපරාධයක් වෙලා තියෙනවා.
මේ ජාතික අපරාද දෙකටම මම වගකිව යුතු නිසා ඕනෑම මොහොතක මාව අත්අඩංගුවට ගැනීමේ අවධානම තියෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
