යෝෂිතගේ ඡායාරූපය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
සාමාජ මාධ්‍යජාල හරහා මේ වන විට සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාගේ ගෙන ඇති ඡායාරූපය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී හෝ පොලිස් නිලධාරියෙකු විසින් ගත් ඡායාරූපයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.
ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, එම ඡායාරූප ගෙන ඇත්තේ බෙලිඅත්ත අධිවේගී මුරපොළේ ඔහුව රඳවාගෙන සිටි අවස්ථාවේ දී බවත් එය රැගෙන ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතාගේ යහළුවෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විසින් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කරමින් පවසා සිටියේ, අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකුටම අත්විලංගු දැමීම අත්‍යවශ්‍ය නොවන බවත්, සැකකරුගේ හැසීරීම මත එම අවස්ථාවේ රජකාරියේ නියුතු පොලිස් නිලධාරියා විසින් සැකකරුට අත්විලංගු දමනවාද නැද්ද යන්න යන්න පිළිබඳව තීරණය කරන බවයි.
ඒ අනුව, අදාළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් නිවැරදී නෛතික පියවර ගෙන තිබූ බවත් ඒ සඳහා කිසිදු ලෙසක දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් සිදු නොවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් පැවසුවා.
එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ,
“ඊයේ උදෑසන ඔහුගේ දෙහිවල නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියා. එහිදි තොරතුරු හරහා අපිට ලැබුනේ ඔහු බෙලිඅත්තට ගිහින් ඇති බවයි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගන්න අපි බෙලිඅත්ත ප්‍රදේශයට ගමන් කළා. ඒ අතරතුර අධිවේගී මාර්ගයේ පිටවීමේ අසන්නයේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔහුව රඳවා ගැනීමක් කරලා මුරපොළ වෙත රැගෙන ගොස් වාඩි කරලා තිබුණා. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එතනට පැමිණ ඔහුව ඔවුන්ගේ භාරයට ගෙන අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමක් සිදුකළා.”
“ඒ කියන ඡායාරූපය අරගත්තේ පොලිස් නිලධාරීන් නෙමෙයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සිදු වූ සිදුවීමකුත් නෙමෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන තුරු ඔහුව බෙලිඅත්ත අධිවේගී මුරපොළෙහි රඳවාගෙන සිටි අවස්ථවේ දී ඔහු ලබාදුන් ඡායාරූපයක්. යම්කිසි මිතුරෙක් හෝ කිසියම් කෙනෙක් ලබාගත් ඡායාරූපයක්. “
“මාංචු දැමීම කියන එක, අපි අත්අඩංගුවට ගැනීමක් සිදුකරන විට, සියල්ල සිදු කරන්නේ නෛතික පදනමක් මත. පැන යාම හෝ සිරබාරයට ගැනීමට ඔහු විරුද්ධ වෙනවා නම් ඔහුව පාලනය කරගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමයක් තමයි මාංචු දැමීම. ඔහු අවනත වෙනවා නම් අත්විලංගු දමන්න අවශ්‍ය වන්නේ නෑ. එය තීරණය කරන්නේ ඒ මොහොතේ එම සිදුවීමේ සිටින විමර්ශන නිලධාරීන්.”
“අපි අවසාන වශයෙන් ඔහුව අත්අඩංගුවට ගත්තා නියමිත නෛතික පියවර අනුගමනය කලා. අධිකරණයට යොමු කළා. ඒ අනුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළා. සියල්ල අපි නීතියට අනුකූලව ඉෂ්ඨ කළා. කිසිසේත්ම විමර්ශන සඳහා දේශපානල අධිකාරියේ මැදිහත්වීමක් නෑ. විශේෂයෙන්ම අපගේ විෂයභාර අමාත්‍යවරයා හෝ විමර්ෂණ සඳහා මැදිහත්වීමක් කරන්නේ නෑ. පාරිපාලනයට පමණයි මැදිහත්වීමක් කරන්නේ.”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ඔහුගේ මිත්තණියක් වන ඩේසි ෆොරස්ට් නමැත්තිය හා එක්ව නිවසක් මිලදීගැනීමේ සිද්ධියකට අදාළ නීතිපති උපදෙස් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේයි.
පසුව ඔහුව අලුත්කඩේ මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබුණා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..