
පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම ඇවිත් තෙත වී කිලෝව රුපියල් රුපියල් 150-170 මිළකට මිළදී ගන්නවා. එක වී ඇටයක් අපි ආණ්ඩුවට දෙන්නේ නැහැ- ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම
ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුව වී සඳහා මෙතෙක් සහතික මිලක් ප්‍රකාශයට පත් කර නැති බව පැවසීය. පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම පැමිණ තෙත වී කිලෝව රුපියල් 150-170 අතර මුදලකට මිළදී ගනිමින් සිටින බැවින් පුද්ගලික අංශයට වී දෙනවා මිස තුට්ටු දෙකට වී මිලදී ගන්න බලාගෙන ඉන්නා රජයට ලබා නොදෙන බවත් අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින්,
“මේ වන විට බඳගිරිය හා වලව කලාපයේ ඇතැම් කුඹුරුවල අස්වනු නෙළමින් තිබෙනවා පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම ඇවිත් වැඩි මිලට වී මිලදී ගන්නවා.ගොවියා බලන්නේ තමන්ගේ අස්වැන්න වැඩි මිලකට අලෙවි කර ගන්නයි.මේ දිනවල අස්වනු නෙළන කුඹුරුවල වී පුද්ගලික අංශයෙන් කිලෝව රු.170 බැගින් මිළ්දී ගෙන වේලලා හාල් කිලෝව රුපියල් 290-300 අතර මුදලකට විකුණනවා. ආණ්ඩුවට මේක නවත්තගන්න බැරි එකේ කොහොමද වී වලට සහතික මිලක් දෙන්නේ. මේ අය විපක්ෂයේ ඉන්න කාලේ කියපු එකක්වත් බලයට ආවම කළේ නෑ. දැන් රට පුරාම වී අස්වනු නෙළමින් ඉන්නේ. ඉතින් රජය තවම කල් මරමින් ඉන්නවා වී සඳහා සහතික මිලක් ගන්න. මේ වෙන කොට මාධ්‍ය මගින් අපි දැක්කා රජය වී රුපියල් 130ට පමණ මිළදී ගන්න හදනවා කියලා. අපි වලව ගොවියෝ හැටියට රටට කියනවා ගොවියගේ වී අස්වැන්න තුට්ටු දෙකට ගන්න නම් රජය හදන්නේ. හැබැයි අපි එක වී ඇටයක් රජයට දෙන්නේ නෑ.
ආණ්ඩුවේ ගබඩා වලින් වී ගන්නේ කබලේ දමලා බැද්ද වගේ වේලුවට පස්සේ. ඒ විතරක් නෙමේ ආණ්ඩුවේ ගබඩාවට වී ටික අරගෙන ගිහින් දවස් ගානක් පෝලිමේ ඉඳලා විකුණපු වී වල සල්ලි ටික ගන්නත් තව දවස් ගානක් නිළධාරින්ගේ පස්සේ යන්න ඕනේ.
හැබැයි පුද්ගලික අංශය එහෙම නෑ. ඒ අය කුඹුරටම ඇවිත් තෙත බරෙන්මයි වී මිලදී ගන්නේ. වී කිලෝවක් 150-170 අතර මුදලකට. එතකොට ගොවියට වී වේලන කම්කරු කුලියත් කාලයත් දෙකම ඉතුරුයි.
ලොකු ලාභයකුත් ඇවිත් පුද්ගලික අංශයෙන් අමු වී ටික ගෙනිහින් වේලලා කොටලා වෙළෙඳපොළට දමනවා. ඇයි ආණ්ඩුවට බැරි මේ විදියේ වැඩ පිළිවෙළක් හදන්න. ගොවියා ණය වෙලා මේ කුඹුරු කරලා තියෙන්නේ.
මේවගේ අස්වනු නෙළන කොට ණය කාරයෝ පස්සෙන් වනවා. ඒවා ගෙවන්න ඕනේ.ඒ නිසා ගොවියට වී ටික විකුණන කොට එවෙලේ අතට සල්ලි ලැබෙන්න ඕනේ. ආණ්ඩුව මාධ්‍ය ඉස්සරහ ඉඳගෙන කයිවාරු ගැහුවට එක නිලධාරියෙකුවත් තවම ගොවි බිමකට ඇවිත් මේ ගැන හොයලා බලලා විමසලා නෑ.ගොවියගෙ දුක මේ ආණ්ඩුවටත් අද අමතක වෙලා තියෙනවා.
පසුගිය දින පැවති හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටුවේදීත් මේ වී මිල සම්බන්ධයෙන් සාකච්ජා වුණා.එහිදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වරයා කිව්වේත් ඉදිරියේදී වී සඳහා ස්ථාවර මිලක් නියම කරන්න රජය බලාපොරොත්තුවෙන් ඉන්න බවයි.පුද්ගලික අංශයේ අය වී මිලදීගෙන ඉවර වුණාම රජය වී වලට සහතික මිලක් නියම කරලා වැඩක් නෑ. ආණ්ඩුවෙන් වී ගත්තත් ගන්නේ එක් ගොවියෙකුගෙන් සීමා සහිත වූ කිලෝ ප්‍රමාණයක් විතරයි. ඒවායේ සල්ලි ගන්නත් පෝලිමේ ඉන්න ඕනේ.
ගොවියගේ ඉතුරු වෙන වී ටික පුද්ගලික මෝල් හිමියන්ට දෙන්න වෙන්නෙ. එහෙම බැලුවම වී ටික එක සැරේටම පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයාටම දෙන එක ගොවියට වාසියි. ආණ්ඩුවෙන් වී ගත්තත් ඒවා කොටලා වෙළෙඳ පොළට වවන්න පුද්ගලික අංශයේ සහාය ගන්න වෙනවා.ඒ නිසා අපි රජයට කියනවා වහාම වී සඳහා සහතික මිලක් නියම නොකර මේ වීදියට කල් මරමින් ඉන්නවා නම් අපි රජයට එක් වී ඇටයක්වත් දෙන්නේ නෑ.”
– සූරියවැව නුවන් ජයසේකර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
